December 30, 2017

ලොව ප්‍රථම සූර්‍ය බල දුම්රිය

The world's first solar-powered train was fitted with custom-built curved solar panelsවක්‍රකාර සූර්‍ය පැනල සවිකර ඇති ලොව ප්‍රථම සූර්‍ය බල දුම්රිය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයකින් බලගැන්වූ නව ප්‍රවාහන සේවාවක අත්දැකීම විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. ‘බයරන් බේ‘ (Byron Bay) දුම්රිය සමාගම විසින් ලොව ප්‍රථම සූර්‍ය බල දුම්රිය ලෙස හඳුන්වා දී ඇති මෙය දෙවන ලෝක යුද්ධ සමයේ භාවිත දුම්රියකින් නිපදවා ඇත.


The roots of the world's first solar powered train can actually be traced back to World...
 මෙම නව දුම්රිය සේවාව සඳහා යොදාගෙන ඇති දුම්රිය මැදිරි දෙක 1949 වර්ෂයේදී දෙවන ලෝක යුද්ධය හේතුවෙන් යුරෝපීයේ සිට පැමිණි සංක්‍රමණිකයන් ප්‍රවාහණය කිරීම සඳහා මුලින්ම භාවිතා කර ඇත. එහි බඳ නිපදවා ඇතිතේ බෝම්බ හෙලීම සඳහා භාවිතාකරන ලද ගුවන් යානා නිපදවීම සඳහා භාවිතා වූ ඇලුමිනියම් ලෝහය වන බැවින් මෙම දුම්රිය මැදිරි නවීන සැහැල්ලු දුම්රිය වලටත් වඩා බරින් අඩු වේ.
Each charge of the solar-powered train is said to provide enough juice for 12 to 15...
මෙම මැදිරි 90 දශකයේ මැද භාගයේ සිට 2013 කාලය දක්වා භාවිතයට නොගෙන අංගනය තුල පැවති අතර බයිරන් බේ සමාගම විසින් මෙම ඉතිහාසගත දුම්රිය නැවත ප්‍රථිස්ඨාපනය කිරීමේ කරතව්‍ය භාරගන්නා ලදී. ඔවුන් මුලින්ම සැලසුම්කර තිබුනේ මෙය ඩීසල් බලයෙන් ධාවනය කරවීමට උපත් සූර්‍ය බල තාක්ෂණයේ නවීන දියුණුවත් සමග එය වෙනස් කරන ලදී. වෙනත් රටවල සූර්‍ය බලය භාවතා කරන දුම්රිය තිබූවත් මෙම සමාගමට අනුව මෙය පූර්ණ වශයෙන් සූර්‍ය බලය පමණක් යොදා ධාවනය වන ලොව පළමු දුම්රියයි
Each charge of the solar-powered train is said to provide enough juice for 12 to 15...දුම්රිය වහලයේ සවිකරන ලද විශේෂයෙන් නිර්මාණය කරන ලද වක්‍රාකාර සූර්‍ය පැණල මගින් බැටරි ආරෝපණය කරනු ලබන අතර, පුණර්ජනනීය තිරිංග පද්ධතියක් මගින් දුම්රිය ධාවනයට භාවිතාවන ශක්තියෙන් 25% නැවත හසුකරගනී. මෙය දුම්රියස්ථානයේ නවතා ඇතිවිට වේදිකා වහලයේ සවිකර ඇති විශාල සූර්‍ය පැණල පද්ධති වලින්ද එහි බැටරි ආරෝපනය කරගත හැකි එසේ නොමැතිනම් විදුලිබල පද්ධතියේ හරිත බලශක්ති සැපයුම්කරුවන් හරහා එය ලබාගත හැකි බව සමාගම පවසයි

 හදිසි අවස්ථාවන් සඳහා එක් ඩීසල් එන්ජිමක් මෙයට සවිකර ඇති (එමගින් දුම්රියට අවශ්‍ය බර සහ සමබරතාවය ද ලබාදේ) නමුත් මෙහි ඇති කි.වොට් 220 ක විදුලියෙන් ක්‍රියාකරන මොටර මගින් නවීකරණය කරන ලද දුම්රිය මාර්ගය ඔස්සේ කි.මී. 03 ක දුරක් ධාවන්‍ය කිරීමට හැකි වී ඇත.
The northern New South Wales coastline is home to a sustainably powered new transport option
2018 ජනවාරි මස සිට මෙහි සේවාවන් පුළුල් කරමින්, මගී ආසන 100 කින් සමන්විත මෙම දුම්රිය බයිරන් බොක්ක ආශිතව අළුතින් තනන ලද දුම්රිය ස්ථාන දෙක අතර පැයකට වරක් ගමන් කිරීමට බලාපොරොත්තු වේ. මෙහි එක් බැටරි ආරෝපනයකින් ගමන්වාර 12 ත් 15 ත් අතර සිදුකල හැක 

Nick Lavars December 19th, 2017
මූලාශය :  Byron Bay Rail Company

0 comments:

Post a Comment