December 13, 2017

පිපිඤ්ඤා වල ගුණ

පෝෂණීය වශයෙන් හා රෝග මර්ධනයෙහි ලා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. පිපිඤ්ඤා කැලරි අගය අඩු ආහාරයකි. එක් පිපිඤ්ඤා කෝප්පයක ඇත්තේ කැලරි 15 ක් පමණය. එම නිසා ශරීරය ස්ථූලභාවයට පත් කරවන ආහාර අතර පිපිඤ්ඤා වැඳගත් ආහාරයකි. A,B1,B6,C,D,හා K යන විටමින් වලින් ඉහල වන අතර කැල්සියම්, පොටෑසියම්  හා මැග්නීසියම් යන ඛනිජ හා  ෆෝලේට් නොහොත් ෆෝලික්  අම්ලයද සුලභය. 


පෝෂණීය හා රෝග නිවාරණ වටිනාකම     
පිපිඤ්ඤා වල අන්තර්ගතයෙන් 96% ක්ම ජලය වේ. ඔබ ජලය වීදුරුවක් පානය කරනවාට වඩා පිපිඤ්ඤා කැබැල්ලක් ආහාරයට ගැනීම වඩාත් හිතකරය. එනම්  ජලයට වඩා පිපිඤ්ඤා වල පෝෂණීය ගුණයක්ද පවතින බැවිනි. 

පිපිඤ්ඤා නිතර ආහාරයට ගැනීමෙන් සිරුරේ සම වියළි බවට පත් වීම අඩු කරයි. ශරීරයේ උෂෟණත්වය යාමනය කිරීමට උදව් වේ. එසේම ශරීරයේ අහිතකර ධූලක, විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට පිපිඤ්ඤා උපකාරි වේ.


  • පිළිකා මර්ධනයට උපකාරි වේ.
            පිපිඤ්ඤා වල ඇති සක්‍රීය  පිළිකා නාශක රසායන නිසා පිළිකා වැළදීම පාලනය කරයි.
  •   රුධිර පීඩනය පාලනය කරයි.
             Mg, K හා වලින් හා තන්තු වලින් සමන්විත පිපිඤ්ඤා රුධිර පීඩනය හිතකර                  තත්වයක පවත්වා ගැනීමට උදව් වේ.
  •   ජීර්ණගත ගැටළු රාශියකට හිතකර වේ.
අම්ල පිත්ත රෝගය,  ගෑස්ටරයිටීස්, බඩ පුරවා දැමීම, උදරයේ අම්ල ගතිය, බඩවැල් වල තුවාල ආදී රෝග රුසකට පිපිඤ්ඤා ගුණදායකය. මළ හොදින් සිදුවීමට උදව් වන අතර මළ බද්ධය අවම කරයි. දිනපතා පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන්  ජීර්ණගත සෞඛ්‍ය මැනවින් ආරක්ෂා කරයි.
  •   හදවතට ගුණදායකය
            පිපිඤ්ඤා වල ඇති Sterol මඟින් ශරීරයේ කොලොස්ටරෝල් අඩු කරයි. එහි ඇති Folate නැමති රසායනය නිසා ශරීරයේ   homocysteine අගය අඩු කරයි
  •   දියවැඩියාවට ගුණදායකයි
              පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් ඉන්සියුලීන් ස්‍රාවය කරන සෛල උද්දීපනය වන බව හදුනාගෙන තිබේ.
  •   විදුරු මස් රෝග පාලනයට උදව් වේ. එසේම මුඛයේ දුර්ගන්ධයටද කදිම ඔසුවකි.
  •   පිපිඤ්ඤා වල ඇති ප්‍රතිමූත්‍රක ගුණය නිසා වකුගඩු හා මූත්‍රාසයේ ඇති ගල් ඉවත් කිරීමට හේතු වේ.
එසේම පිපිඤ්ඤා සතු රූපලාවන්‍යමය හැකියාව නිසා කාන්තාවන්ට මහත් ප්‍රයෝජනවත් ය.  බීටා කැරොටීන, මැන්ගනීස් හා විටමින් සී නිසා පිපිඤ්ඤා ඉතා විශිෂ්ට ප්‍රතිඔක්සිකාරකයක් වශයෙන් සැලකේ. සම රැළි වැටීම් ආදියෙන් ඔබව ආරක්ෂා කරන අතර, එය සිරුර වියපත් වීමේ ක්‍රියාවලිය ආපස්සට යවයි.  හිස, කොණ්ඩය හා නිය සෞඛ්‍ය ප්‍රවර්ධනයට පිපිඤ්ඤා වල ඇති සිලිකා ප්‍රයෝජනවත් ය.



  • පිපිඤ්ඤා වල ඇති ප්‍රතිපදාහික ගුණය නිසා ප්‍රදාහික රෝගයන් වන ආතරයිටීස් හා අනෙකුත් සන්ධිගත ආබාධ වලට සහනය සලසයි.
  • ආහාර පාලනය කරන අයට පිපිඤ්ඤා තම ආහාර වේලට එක්කර ගත යුතුම ආහාරයකි. මේවා ආහාරයට ගැනීමෙන් කුසය නිතරම පිරී පැවතීම නිසා වෙනත් ආහාර ගැනීමේ අවශ්‍යතාවය අවම වන අතර ශරීරය නිතරම සජලනව තබා ගැනීමට උදව් වේ.  
මෙසේ බලන විට ඔබත් නිතර පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් යහපත් සෞඛ්‍යමය ජීවිතයක් ගොඩනගා ගත හැක. 

උපුටා ගැනීම - අන්තර් ජාලය ඇසුරෙනි
සැකසුම        - විද්‍යා හා තාක්ෂණ නිලධාරි
           රඹුක්කන

0 comments:

Post a Comment