December 26, 2017

අසිරිමත් ගුණ සපිරි කෝමාරිකා

ඝර්ම කලාපීයව වර්ධනය වන මාංසලමය පත්‍ර සහිත වටිනා ශාකයක් වන කෝමාරිකා විද්‍යාත්මකව Alove Vera ලෙස හැදින්වෙයි. අද වන විට ලෝකයේ බහුලව කෘෂිකාර්මිකව සුවද විලවුන් වර්ග, ක්‍රීම් වර්ග , පානයන් සදහා මෙන්ම බෙහෙත් වර්ග නිෂ්පාදනය සදහා ද බහුලව වගා කරයි. ගෘහ අලංකරන සදහාද බොහෝ නිවෙස් වල දක්නට ලැබෙන පැළෑටියකි කෝමාරිකා. සාමාන්‍යයෙන් 60cm – 100cm අතර වර්ධනය විය හැකි ශාකයකි. එහි පුෂ්ප කහ පාටින් යුක්ත වේ.කොමාරිකා වල ප්‍රයෝජන බොහෝය.

1.      නිරෝගිමත් සමක් සදහා කෝමාරිකා භාවිතය

මෙම ශාකයේ මංසල පත්‍රවල 99% ජලය වන අතර 1% ක් අත්‍යාවශ්‍ය විටමින හා ඛනිජ ලවණ අඩංගු වේ. වියලීමට ලක්වුනු හා අව්වෙන් පිළිස්සුනු සමට සිසිල් හා තෙතමනයක් ස්වාභාවික කෝමාරිකා ජෙල් ආලේපනයෙන් ලබා ගත හැක. සිසිල් බව ලබා දී ඉදිමුම සහිත දැවිල්ල ක්ෂනිකව සමනය කර සුව කිරීමේ හැකියාව කෝමාරිකා  සතු ලක්ෂණයකි. මුහණේ ඇති වන ඇක්නි, කුරුලෑමය තත්ව සදහා ඉතා හොද ආලේපනයකි. සම මත ඇක්නි ඇති කරන බැක්ටීරියාවන් අඩු කිරීමට කෝමාරිකා ජෙල්  ආලේපනය මගින් සිදුවේ. අද බොහෝ සමාගම් Cream, Face Wash, Sun cream නිෂ්පාදනයට බහුලව කෝමාරිකා යොදා ගනී.  පිළිස්සීම් මත පොඩිකර ආලේප කිරීමෙන් ක්ෂණිකව දැවිල්ල හා වේදනාව සංසිදුවන අතර දිය බුබුලු ඒම වලක්වයි. සම රුලිවැටීම අඩුකිරීම මෙම පත්‍රවල තෙතමනයත් එහි පෝෂක සංයෝගත් උපකාරීවන බැවින්  තරුණ පෙනුමක් ලබාදීමට මෙම කෝමාරිකා ශාකය මහගු මෙහෙයක් ඉටු කරයි.

2.      ආහාර දිරවීම පහසු කරයි.

මිලියන ගණනක් මිනිසුන් ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලට මුහුණපා සිටියි. ආහාර මාර්ගයේ  ආම්ලිකතාව, මළබද්දය හා බඩවැලේ දැවිල්ල කෝමාරිකා ජූස් පානය මගින් මග හරවා ගත හැක. එමෙන්ම ආහාර මාර්ගයේ අහිතකර බැක්ටීරියා සමග සටන්කර විනාශ කිරීමේ හැකියාවක් ද පවතී. අරළු, සූකිරි, කෝමාරිකා සමග කලං 4 බැගින් අනා තැඹිලි ගෙඩියක් කපා එතුලට දමා ඇස්ස වසා පින්නේ තපා පසුදින උදේ හිස්බඩ බීමෙන් සිදුකරන විරේකය අර්ශස්, පනුරෝග බඩ පිපුම, දැවිල්ල, පිත් දෝෂ සදහා ගුණ දායකය. අක්මාව ඉදිමීම සුවපත් කරන මහගු ඹෟෂධයක් මෙන්ම ස්ත්‍රීන්ගේ සෘතුවීමේ දෝෂ හා පුරුෂයන්ගේ ශුක්‍ර දෝෂ සදහාද ගුණයක් ලබාදෙයි. සෘතුවීමේ ඇතිවන වේදනාව මග හරවා ගැනීමට සතියකට පෙර සිට කෝමාරිකා මදය කිතුල් හකුරු සමග උදේ හිස් බඩ බීම සුදුදුය.

3.      කෝමාරිකා ශරීර බර අඩුකර ගැනීමට උපකාරී වේ.

කෝමාරිකා වල විස්මිත ගුණයක් වන්නේ ශරීරයේ මේද දහනය හා ක්‍රමවත් ආහාර ජීර්ණයක් සිදු කිරම මගින් ශරීර බර අඩු කිරීමට උපකාර වීමයි.

4.      විෂනාශක හැකියාව

අපේ ශරීරයේ එකතුවන විෂ වර්ග හා මුක්ත ඛණ්ඩක  ආදිය සමග අපේ නිරෝගී සෛල සටන් කිරීම නිසා ප්‍රතිශක්තකරණය හානිකර පිළිකාමය තත්වයන් ඇති කල හැක.  කෝමාරිකා වලට මෙම මුක්ත ඛණ්ඩක සමග සටන් කර ප්‍රතිශක්තීකරණ පද්ධතිය අළුත්වැඩියා කර හානිවූ සෛල යථා තත්වයට පත්කිරීමේ හැකියාව පවතී.

5.       හිසකෙස් සදහා සුදුසුයි.

කෝමාරිකා පානය ශරීරයේ PH අගය සමතුලිත කිරීමේ හැකියාව නිසා හොදින් හිසකෙස් වර්ධනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම තෙතමනය මගින් හිස් කබලේ වියළි බව අඩුකර හිස්හොරි ඉවත් කරමින් හිසකෙස් වර්ධනයට උපකාරී වේ.

6.      කොලොටරෝල් අඩු කරයි.

කොලොටරෝල් ඉහළ යාම හෘද රෝග, Stroke(හදිසි අබාධ) වලට හේතුවේ. නමුත් කෝමාරිකා වල ස්ටිරියෝල් මගින් අහිකර කොලොටරෝල් මට්ටම අඩුකර හොද රුධිර ගමනාගමනයක් ඇති කරයි.

7.      දියවැඩියාව අඩු කිරීමට හේතුවේ.

දීර්ඝ කාලීනව දියවැඩියාව හෘද හා වකුගඩු රෝග වලට හේතුවේ. මාස කිහිපයක් කෝමාරිකා යුෂ පානයෙන් සැලකිය යුතු මට්ටමකින් රුධිර සීනි ප්‍රමාණය අඩුකර ගත හැක.

8.      මුඛරෝග සදහා කෝමාරිකා සුදුසුවේ.

කෝමාරිකා ජෙල් දත්මත ආලේපනයෙන් දත් මැලියම් ඉවත් කිරීමට උපකාරීවේ. එහි ඇති ප්‍රතිබැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව නිසා බැක්ටීරියා විනාශ කර මුඛය නැවුම්ව තබයි. එමගින් ඒ සමග ශරීරයේ ඇතිවන අනෙකුත් රෝගමය තත්වයන් ද අඩු කිරීමේ හැකියාව පවතී.

9.      රුධිර පීඩනය අඩුකරයි.

විටමින් B12 කෝමාරිකා වල අඩංගු වේ. එම නිසා හෘදය හා රුධිර සංසරණය හොද තත්වයේ පවත්වා ගනී. එමෙන්ම කැල්සියම් , සෝඩියම්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, විටමින් A,C,D,E Folic acid වැනි සංයෝග 200 පමණ මෙම ශාකයේ අඩංගු වේ. තවද මෙහි ඇති බීටා සිට්‍රෙස්ටෙරෝල් නිසා රූමටයිඩ්, ආතරයිටිස් වැනි හන්දි රෝග සමනයමෙන්ම මාංශ පිඩු හොදින් ක්‍රියා කිරීමේ හැකියව ලබාදෙයි.
නමුත් ප්‍රමාණය ඉක්මවා පානයෙන් දේහයේ අයන සමතුලිතතාවය බිද හෙලීම මෙන්ම බඩයාම වැනි රෝග තත්වන් නිසා විජලනය ද රුධිර සීනි අඩුවීම නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵලද ඇති විය හැකිය. මෙට්පෝමින් වැනි සීනි පාලනය සදහා දියවැඩියා රෝගීන් ගන්නා ඖෂධ සමග කෝමාරිකා පානයක් ලබා ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු යුත්තේ සීනි සාන්ද්‍රණය අඩු වීමෙන් මරණය පවා සිදුවිය හැකි බැවිනි. එම නිසා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ. එමෙන්ම ළදරුවන් හ, ගර්භනී මවුවරුන්ට  හා කිරි දෙන මව්වරුන්ට කෝමාරිකා පානය අහිතකර මෙන්ම ආසත්මිකතා  ඇතිවන පුද්ගලයින් ද වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

0 comments:

Post a Comment