December 30, 2017

ඔබේ මින්මැදුරු පියස්සට උද්‍යානයක්

උපුටා ගැනීම :https://newatlas.com/ecoqube-c-aquaponics-plants-aquarium/52591



නව්‍ය ජලජීවී පද්ධති සැලසුම්කරණය සඳහා වූ Aqua Design Innovations සමාගම විසින් 2013 වර්ෂයේ ආරම්භ කර දියත් කරන ලද අවම නඩත්තු සහිත ගෘහාශිත ජලජීවී පද්ධති මේවන එහි සිටින මසුන් සහ පැලෑටි සඳහා පිරිසිදු ජලය ලබාදීම පිණිස ස්වභාවික පෙරීමේ ක්‍රමවේදයන් හි නව තාක්ෂණයන් මගින් මේ වන විට වැඩි පෑලෑටි ප්‍රමාණයක් දරා සිටිය හැකි සාර්ථක නිර්මාණ සිදුකර ඇත.

The EcoQube C+ measures 11.25 in wide, 8.25 in thick and stands 22.5 in tall
එකෝකියුබ් සී+(EcoQube C+)නම් වූ නව මින්මැදුරු පැරණි ජල පෙරහන් පද්ධතියම යොදාගෙන පැලෑටි වර්ධනය කිරීමට හා මාළු ටැංකිය පිරිසිදු කිරීමට හැකිවන සේ (ටැංකිය වාතනය කිරීම හෝ පෙරහන් මාරු කිරීමක් අවශ්‍ය නොවේ) නිර්මාණය කර ඇත. මෙහි මසුන් සහ පැලෑටි අතර සහජීවී සබඳතාවයක් තුලින් පිරිසිදු ජලය නිපදවීම සිදුකෙරේ. The EcoQube C+ is a successor to Aqua Design Innovations earlier aquariums
මසුන් සඳහා ආහාර ලබාදීමේදී ඔවුන් විසින් ඇමෝනියා වලින් පොහොසත් මලද්‍රව්‍ය නිපදවයි. මෙම ඇමෝනිය ජලයෙහි සිටින බැක්ටීරියා විසින් ශාඛ වර්ධනයට අවශ්‍ය නයිට්‍රෙට ලෙසට වියෝජනය කරයි. ශාඛ විසින් නයිට්‍රේට අවශෝෂනය කරගනු ලබන අතර ඇමෝනියා වලින් තොර ජලය නැවත ටැංකියට මුදා හැරේ.
Diagram showing how the aquaponics system in the EcoQube C+ aquarium works
C+ මාදිලිය දිග, පළල හා උස පිළිවෙලින් සෙන්ටිමීටර 28.6, 20.9 ක් හා 57.1 ක් වන අතර ධාරිතාවය ලීටර් 11.35 කි. එය කලින් පැවති  EcoQube C මාදිලියට වඩා දෙගුණයක් විශාලය. මෙහි පියස්සේ පෑලෑටි සඳහා විවර 5 ක් පවතින අතර එයටම සවිකර ඇති කුඩා දිය ඇල්ලකින් සහ දුරස්ථ පාලකයකින් පාලනය වන LED ආලෝක ප්‍රභවයකින් ද සමන්විතය.
 Aqua Design Innovations has returned to Kickstarter to fund the EcoQube C+
මෙම EcoQube C+ මින්මැදුර 2018 නොවැම්බර් වනවිට ඇ.ඩො. 99 ක පමණ මිළකට වෙළදපලට නිකුත් කිරීමට නියමිතය.




December 13th, 2017
මූලාශ්‍රය :Kickstarter

0 comments:

Post a Comment