1882මාර්තු 24 දින ජර්මන්
ජාතික විද්‍යාඥයෙකු වූ රොබට් කොක් විසින් ක්ෂයරෝග කාරක බැක්ටීරියාව සොයාගන්නා ලද
අතර එය ටියුබකල් බැසිලසයි ලෙස නම් කළේය.( T.B )ක්ෂය රෝගය හට ගන්නා ආකාරය හෝ ඊලගට කලයුතු ප්‍රතිකාර පිළිබදව කිසිවක්
නොදත් අවධියේ ක්ෂය රෝගය වැළදීමෙන් බොහෝ පිරිසක් මිය ගිය අතර ප්‍රතිකාර සොයා
ගැනීමත් සමග ඒම තත්වය වෙනස් විය. ක්ෂය රෝගය සදහා ප්‍රථම ඖෂධය සොයා ගෙන ඇත්තේ ඇමෙරිකානු ජාතික විද්‍යාඥ සොලමන් වොක්ස්මන්
විසින් 1943 දීය. 1943-1952 කාලෙය්දී ඒ සදහා නව ඖෂධ වර්ග 2ක් සොයා ගන්නා ලදි. ඒ
මගින් ක්ෂය රෝගය සම්පූර්ණෙයන්ම සුවකල හැකිවිය.
රෝගීහු කහින විට කිවිසුම් පිටකරන විට කෙළ
ගසන විට කෙළ බිදිති වල ඇති ඉහත සදහන් රෝග කාරක බැක්ටීරියාව පරිසරයට එකතු වේ.
හුස්ම ගැනීමේදී එම බැක්ටීරියාව වෙනත් අයෙකුගේ ශරීර ගතවේ. ශරීරයේ ස්වභාවිකව
පවතින ප්‍රතිශක්තිය හේතුවෙන් රෝගකාර බැක්ටීරියාව ශරීරගත වුවද රෝගය නොවැළදිය
හැකිය.රෝග කාරක බැක්ටීරියාව ශරීරගත වූවන්ගෙන් 10% කට පමණ මෙම රෝගය වැළදේ.නමුත්
ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩු කුඩා දරුවන්.වයස්ගත පුද්ගලයින් දියවැඩියා රෝගීන්
මන්දපෝෂණයෙන් පෙළෙන්නන් හා එච්.අයි.වී (ඒඩ්ස් රෝගීන්) ආසාදිත පුද්ගලයින් හට මෙම
රෝගය බෝවීමේ අවදානම වැඩිය.
මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස සති දෙකකට වඩා
පවතින කැස්ස රාත්‍රී කාලයේ මද උණ ගතිය රාත්‍රී කාලයේ අධිකව දහඩිය දැමීම කෑම
අරුචිය පපුවේ වේදනාව ශරීරයේ බර අඩුවීම එනම් අධිකව කෙට්ටු වීම දැකිය හැක.පෙනහථි
වලින් පිටත වෙනත් ඉන්ද්‍රියක රෝගකාරක බැක්ටීරියාව ආසාදනය වී ඇත්නම් කුද්දෙටි
ඉදිමීම කොන්දේ ආබාධ හා සමේ රෝග ආදී රෝග ලක්ෂණ දැකිය හැකිය.
ක්ෂය රෝගය හදුනා ගැනීම සදහා බහුලවම භාවිතා
වන්නේ සෙම පටල පරීක්ෂාවයි.මෙහිදී සෙම නිදර්ශකයකින් සාදා ගන්නා සෙම පටලය
අන්වීක්ෂයකින් පරීක්ෂා කර රෝග කාරක බැක්ටීරියා හදුනා ගත හැකිය. මෙය ආසන්නම ළය
චිකිත්සාගාරයකින් නොමිලේ කර ගත හැකිය.එමෙන්ම ඒ සදහා වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය
නොවේ. රෝගය හදුනාගත් වහාම ප්‍රතිකාර ලබා ගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන් සුව කරගත
හැකි අතර මාස 06 ක් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගත යුතුය. ක්ෂය රෝගය සදහා සති 2ක් පමණ ඖෂධ ලබා ගැනීමේදී එය
බෝවීමේ අවදානම දුරුවේ.ඇතැම් රෝගීන් ඖෂධ ලබා ගැනීම ටික කලකින් නවත්වන අතර ඇතැමුන්
කඩින්කඩ ඖෂධ ලබා ගනී.එවිට ප්‍රතිරෝධී ක්ෂය රෝග තත්වය ඇතිවේ.එවිට වසර 02ක්
පමණ ප්‍රතිකාර ලබා ගත යුතුය. ඉන් පලමු මාස 08 රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගතයුතුය.
එමෙන්ම ප්‍රතිරෝධී ක්ෂය රෝග තත්වයට ලබාදෙන ඖෂධ වල මිල ඉතා අධිකය.
ක්ෂරෝගයෙන් සුවය ලැබීමට මෙන්ම ක්ෂරෝගය
පැතිරීම වැලැක්වීමට රෝගියාගේ දායකත්වය ඉතා වැදගත්ය. ඒ සදහා නියමිත ඖෂධ මාත්‍රාව
නියමිත පරිදි නියමිත කාලසීමාව තුල අඛණ්ඩව ගැනීම කහින විට කිවිසුම් අරින විට
ලේන්සුවකින් මුව ආවරණය කර ගැනීම තැන තැන කෙල නොගැසීම සෙම හෝ කෙල ගසන විට භාජනයකට
එකතු කර පුඵස්සා හෝ වලලා දැමීම හිරු එළිය හෝ වාතාශ්‍රය හොදින් ලැබෙන ස්ථානයක වාසය
කිරීම වැදගත් වේ. එමෙන්ම ඉපදී පැය 24ක් ඇතුලත ලබා දෙන බී.සී.ජී එන්නත ලබා දීමද
වැදගත් වේ.
ජන සමාජය තුල ක්ෂය රෝගය පිළිබද නිසි ලෙස දැනුවත් වීම
ක්ෂය රෝගය රටින් තුරන් කිරීමට දායක වනු ඇත.එමගින් සෑම තත්පරයකට වරක් ලොව කොතැනක හෝ එක් අයෙක් ක්ෂය රෝග බැක්ටීරියාවෙන් ආසාදනය වීම වලක්වා ගත හැකිය.
0 comments:
Post a Comment