December 28, 2017

අනාගත මුරකරු

තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමඟ ඔබගේ නිවස රැකගැනීම දැන් පෙර නොවූ අයුරින් පහසු වී තිබේ. ගෘහස්ථ තාක්ෂණයේ සිදුවන සීග්‍ර වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේ  hyper-secure connected smart home සංකල්පයට ලඟා විය හැක.ඇතුලු වීමේ දොරෙහි facial recognition මෙවලමක් සවිකිරීමෙන් අනවසරයෙන් ඇතුලුවන්නන් පහසුවෙන් හඳුනාගැනීමට හැකිවන අතර එය සමාජ ජාලා වෙබ් අඩවි මෙන්ම පොලිස් වාර්තා හරහද සම්බන්ධ කල හැක. එමඟින් අනවසරයෙන් ඇතුලුවන්නන් හඳුනාගෙන ක්ෂණිකව ්‍රතිචාර දැක්විය හැක.
දොර අගුලෙහි සවිකර ඇති ගිලි සලකුණු කියවනය මඟින්  දොරගුල විවර කරන්නාගේ අනන්‍යතාවය ගබඩා කර ඇති අවසරලත් නිවැසියන්ගේ සහ අමුත්තන්ගේ දත්ත හා සසඳා තහවුරු කරගත හැක. මෙම තාක්ෂණය මඟින් ඇතුලුවන්නාගේ අනන්‍යතාව හඳුනාගත නොහැකිවිට ඔහුගේ හෝ ඇයගේ ක්ෂණික ඡායාරූපයක් ඔබගේ ජංගම දුරකථනයට හෝ ආරක්ෂක නිළධාරීන් වෙත යොමු කල හැක.
එසේ නිවසෙහි සියලු සේවාවන් ඔබගේ ජංගම දුරකථනය සමඟ සම්බන්ධ කල පසු නිවසේ සවිකර  ඇති චලන සංවේදක (motion sensors) ්‍රියාත්මක වූ වහාම  නිවස තුල සිදුවන දෑ සියල්ල ජංගම දුරකථනය ඔස්සේ හිමිකරුවාට දැනුම් දෙනු ලැබේ. සියලුම ආරක්ෂක ආලෝක සහ විදුලි උපකරණ පාලනය කිරීම ජංගම උපාංග හරහා සිදුකල හැක. ඊට අමතරව හිමිකරුවාට නිවෙසට ඇතුලුවන්නන්ගේ ඡායාරූප පවා ගත හැක.
නිවසෙහි ආරක්ෂාව ඇතුලු ජීවිතයේ සියලු අංශ පුරා නූතන තාක්ෂණය ව්‍යාප්තව ඇති හෙයින් අපරාධකරුවන්වද මෙම තාක්ෂණය හරහා නිවෙස් තුලට ඇතුලු වීමේ ඉඩකඩ පවතී. මේ හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව මුළුමනින්ම අපාරගම් cyber-security පද්ධතියක් තිබීම ඉතා වැදගත් වේ. මීට එක් විකල්පයක් වශයෙන් automatic IP back තාක්ෂණය හරහා අපරාධකරුවාට නොදැනී පොලීසිය වෙත සංඥාවක් යොමුකල හැක.

Source : dailymail.co.uk

0 comments:

Post a Comment