December 18, 2017

යහගුණ පිරි දේශීය අල

දේශීය වැල් අල පෝෂණයෙන් අනුන අල වර්ග වේ. මේවා ඉබේ වැවෙන අතර ඉතා අඩු ශ්‍රමයකින් ව්‍යාප්ත කල හැක. දුරාතීතයේදී රාජ භෝජන සංග්‍රහයට අල වර්ග භාවිතයට ගැණින. එකල සිටි සියළු ජානී ජනයා මෙම අල වර්ග ස්වභාවිකව ආහාරයට ගත් අතර ඒවායෙන් ඉහල පෝෂණ ගුණයක්  ලබා ගැනින. ආහාර සදහා පමණක් නොව කැද වර්ග සකසා ගැනීම සදහාද භාවිතයට ගනී. මේවායේ ඉහල ගුණ පිළිබදව මහජනයා පොතේ දැනුමකින් තොරව දැනුවත් වී සිටි අතර ඒවා දේශීය ඖෂධ සදහා භාවිතා විය. ඉංග්‍රීසින්ට යටත් වන තුරුම මෙම අල වර්ග භාවිතය ලංකාවේ පැවැති අතර පාන් සහ වෙනත් අර්තාපල් අල ආහාරයට හුරු වීමෙන් පසු මෙම අල ක්‍රමයෙන් අභාවයට යන්නට විය. 60 දශකයේ හරිත විප්ලවයක් සමග කෘෂි රසායන මත පමණක් වගා කල හැකි අල වර්ගයක් ලෙස ලංකාවේ ව්‍යාප්ත වීම දේශීය අල පරිභෝජනය  ප්‍රබල ලෙස අඩාල විමට හේතුවක් විය.මේවා ඉතා ගුණදායක උවත් මූලික අවධානයෙන් ඉවත් විය. මේවා ස්වභාවිකව කිසිදු රසායනික ද්‍රව්‍යයකින් තොරව වගා කල හැක. විශේෂයෙන් මෙම දේශීය අල වර්ග ඉහල ශක්තිජනක අගයන් ලබා දෙන අතර ශරීර දුර්වලතා නැති කරයි. ආහාර මාර්ගයේ බොහොමයක් රෝග සුව කරයි. මල පහ කල නොහැකි අයගේ මල බද්ධය දුරු කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණ අධිකය. මේ නිසා ශරීරයේ මුක්ත කණ්ඩ ඉවත් වී මුළු ඉන්ද්‍රිය පද්ධතියම නිරෝගි කරයි. අර්ශස් සුව කරයි පිලිකා නාශක ගුණ ඇත.
අප රටේ පරිභෝජනයට සුදුසු අල වර්ග 90 කට වඩා  තිබුණි මෙම අල වර්ග විවිධත්වය අපගේ ආහාර සුරක්ෂිත භාවයේ වැදගත් ලක්ෂණයක් විය. බොහෝ අල වර්ග පධාන ආහාර වේල සඳහා විකල්පයක් වශයෙන් වූව ද ගත හැකි වූයෙන් වී අස්වනු පාළු වූව ද බඩගින්නේ සිටීමේ අවධානමක් අපට නො වී ය. එතරම ගුණදෙන ප්‍රචලිත අල වර්ග කිහිපයක් පහතින් දැක් වේ.
හුලංකීරිය- ශරිරයේ අම්ල ගතිය මර්ධනය කරයි. අජීර්ණය සුව කරයි. ස්ථුල බව අඩු කරයි. දියර ස්වභාවයෙන් මළ පිටවීම පාලනය කරයි. ලේ සීදං පහවන අතීසාරය සුව කරයි. අර්ෂස් සුව කරයි. ළදරු ආහාරයක් ලෙසත්, සුව වූ රෝගීන්ට දෙන බර අඩු ආහාරයක් ලෙසත් නිර්දේශිත ය.

බුත්සරණ- සෙංගමාලය වැළඳුන රෝගීන්ට රෝග අවස්ථාවේ දී මෙන් ම රෝගය සුවවූ පසූ කලක් යන තුරු ම කෑමට දිය යුතු ය. කහ උණ සුව කරයි. කුණකටුවන් සහ කරවලයන් දෂ්ට කළ අයට බුත්සරණ ඖෂධයකි. ළදරුවන්ගේ සෙම් රෝග නිවාරණයට සහ කිරි මැලියම් දොස්වලට ඖෂධයකි.

කිඩාරන්- කිඩාරන්වල ඖෂධීය ගුණය කියා නිම කළ නො හැක. ශරීරයේ උෂ්ණයෙන් වැළඳෙන රෝග මැඬලයි. වැඩිහිටි කතුන්ගේ ඇට මිදුලූ දියවීමේ රෝගය සුව වේ. අර්ෂස් රෝගයෙන් බඩ වැල මෑත්වීම වළකයි. අර්ෂස් වැළඳීම වළකයි. අර්ෂස් වැළඳුන අය සුව කරයි. නාග විෂ මෙන් ම සියලූ සර්ප විෂ මර්ධනයට කිඩාරන් යොදා ගනී.

දන්දින- අධික රුධිර පීඩනය පාලනය කරයි. ඉතා පෝෂ ගුණයෙන් යුතු හෙයින් ශරීර ශක්තිය වඩවයි. කාන්තාවන්ගේ කේෂ කලාපය වැඞීමට උපකාර වේ.

කුකුලල

මෙම වර්ගයේ අලවල හැඩය කැරට්‌ අලයේ හැඩයට සමාන වේ. අල පැණි රසයෙන් යුක්‌ත වන අතර කුඩා ප්‍රමාණයේ අල පොකුරු වශයෙන් හට ගනී. මෙම අල තම්බා ආහාරයට ගනු ලැබේ.

වැල් අල

බුලත්කොළ හැඩති කොළ සහිතය , බොහෝවිට ගසකට හෝ වැටට වනලෙස වවා ඇත, ත්තල් 100 පමණ බර අලයක් හටගනී,අලය දිගැටිය,සුදුපාටය,ගැටිති ඉවත්කොට සෝදා තැම්බීම ඉතා වැදගත්ය.අර්ශෂ් වලට ඉතා ගුනවේ.නිවසේ වියලි සිසිල් ස්ථානයක වියලි වැලි තට්ටුවක් මත අතුරා තැබීමෙන් දින 100 පමණ වැල් අල කල් තබාගත හැකි බව පැරණි ගොවීන්ගේ අත්දැකීමයි.

ගහල

රසවත් අහාරයකි.තුන්මස් අල,දෙහිඅල සහ කදල යන ලෙස ප්‍රභේද කීපයකි.මෙහි කොලද අහාරයට ගනී.
බතල
සෙන්ගමාලයට හොද ඖෂධයකි.ශරීර ශක්තිය වඩවයි.
දන්දින්න
ආයුර්වේදයේ මෙම අල වර්ගය හොද ඖෂධයක් ලෙස සලකයි. මෙහි ඔක්සිකාරක ගුණ ඉතා වැඩිය ඔක්සිකාරක ගුණ වැඩි වන්නේ දම්පැහැය වැඩි බැවිනි.පිලිකා නාශක , දියවැඩියාව වැලැක්වීම ප්‍රතිශක්තිය ඉහල නැන්වීම දං දින්නා අල සතුය.
හිගුරල
සුදු පැහැති අල වර්ගයකි උෂ්නාධිකය ඇගිලිවලට බෙදී ඇත එක පොකුරට පිහිටයි ඌෂ්ණ අධික බැවින් රෝගීන්ට නුසුදුසුය.
රැවුල් කුකුල අල
මිහිරි රසයක් ඇත. මෙයද ආහාරයට ගනී.
රතඹල
සාමන්‍ය ආකාරයේ වැල් අලයකි අලය මැද දම් පාටය අලය විශාලය ඉහල ඔක්සිකාරක ගුණ ඇත.මෙම දේශීය අල වර්ග ඉතා පෝෂදායි වේ. මේවා ආහාර මාර්ගය තුලදි ඉතා ඉක්මනින් ජීර්ණය වේ.

එදා මෙන් අදත් දේශීය අල ප්‍රභේද වගා කිරීම වාසි රැසක්‌ ගෙන දීමට හේතු වෙයි. අල යනු ඕනෑ ම කුඩා හෝ බිම් කඩක වගා කළ හැකි බෝගයක්‌ වීම ජලය හා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත අත්‍යවශ්‍ය නො වීම, කාබනික පොහොර පමණක්‌ භාවිත කළ හැකි වීම, අවම ශ්‍රමයකින් වැඩි පලදාවක්‌ ලබාගත හැකි වීම සහ රෝග හා කෘමි උවදුරුවල බලපෑම් අවමයෙන් සිදු වීම යන වාසි මේ අතර වෙයි..

උපුටා ගැනීමපොතපත සහ අන්තර්ජාලය අසුරින්


0 comments:

Post a Comment