December 22, 2017

මිනිස් මතකය වර්ධනයට මොළයට බද්ධ කළ උපකරණයක්

මොළය හා පරිගණකය සම්බන්ධ කිරීමට බොහෝ කාලයක සිට විද්‍යාඥයෝ උත්සහ කරති. මෙම සම්බන්ධතාවයේ සමහර කොටස් නිසා මිනිස්  මතකය වර්ධනය කිරීමට විද්‍යාඥයින් සමත් වී තිබේ.

Southern California විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් New Scientist හි පල කරන වාර්තාවකට අනුව ඔවුන් මිනිස් මොලයට බද්ධ කල උපකරණය නිසා පර්යේෂණයට භාජනය වූ මිනිසුන්ගේ මතකය 30% කින් පමණ වර්ධනය වී තිබේ. මිනිසුන් සඳහා කළ පර්යේෂණයක පළමු ප්‍රතිඵල ලෙස මෙම සජීවී තත්වය පසුගිය සති අන්තයේ වොෂින්ටන් නගරයේ පැවති (ස්නායු විද්‍යා සමාජය) Neuroscience Society හිදී ප්‍රදර්ශනය කරන ලදී.

ස්වෙච්ජාවෙන් සහභාගී වු පුද්ගලයන් 20 කට Memory prosthesis” (මතක ප්‍රකෘතිමත් කිරීමේ ) උපකරණ පර්යේෂණ කණ්ඩායම බද්ධ කළේය. පර්යේෂණයට භාජනය වුවෝ අපස්මාර රෝගීන් වු අතර ඔවුන්ගේ මොළ තුල ඉලෙක්ට්‍රෝඩ තැම්පත් කර තිබේ. එනිසා අමතර පද්ධති ඔවුන්ට ඇතුළු කිරීම අවශ්‍ය වී නැත. දෙයාකාරයකින් ක්‍රියාත්මක කළ පරීක්ෂණ වල පළමු කොටසේදී රෝගීන් ඉගෙනීමේ යෙදෙන විට ඔවුන්ගේ මොළවල සිදු වු ක්‍රියාකාරකම් හි දත්ත පර්යේෂකයින් විසින් එක් රැස් කරගෙන ඇත. මෙහිදී වඩා ක්‍රියාශීලි වු මොළයේ ප්‍රදේශ හඳුනාගෙන මොළයේ එම ප්‍රෙද්ශයෙහි නව උපකරණය බද්ධ කර ඒවා උද්දීපනය කර තිබේ. මෙය කෙටි කාලීන මතකය වර්ධනය කරන සරල පරීක්ෂණයක් විය.

අපි මතක ක්‍රියාවලිය වැඩිකිරීමට අධි ස්නායු කේත සකස් කළෙමු .මෙයට පෙර මෙවැන්නක් කිසිදා සිදු කර නැත.යැයි පර්යේෂණයේ තොරතුරු වාර්තා කළ එම විශ්ව විද්‍යාලයේ Dong Song පවසයි. මතකය නිර්මාණය කිරීමට මොළය භාවිතා කර සාමාන්‍ය මාර්ග ශක්තිමත් කිරීම සඳහා නව උපකරණය බද්ධ කර තිබේ. බාහිර ලෝකයෙන් යම් කිසි උත්තේජනයක් ලැබුණූ විට සංකීර්ණ විදුලි සංඥා මාලාවක් මොළයේ මතක මධ්‍යස්ථානය වන Hippocampus හි සමහර ප්‍රදේශ හරහා ගමන් කරයි. සංඥා මෙම ප්‍රදේශ හරහා ගමන් කරන විට ඒවා වෙනසකට ලක්වන අතර මොළයේ දීර්ඝ කාලීන මතක සුරක්ෂිතාගාරය දක්වා යෑමට සමත් වේ.

බද්ධ කළ මෙම උපකරණය Hippocampus ගේ ස්වාභාවික ක්‍රියාවලිය අනුකරණය කරයි. එමඟින් පුද්ගලයාගේ මතක හැකියාව වර්ධනය කෙරේ. ඇත්ත වශයෙන් ඔවුන් ලබා දුන්      කෙතැන්, විකේතනය වීම හඳුනාගෙන නොමැත. කිසිදු භාෂාවක් කථා නොකර ස්පාඤ්ඤ භාෂාව , ප්‍රංශ භාෂාවට පරිවර්ථනය කිරීමට පර්යේෂකයන් පළමු අදියරයේදී සමත් වූහ. එහි සාර්ථකත්වය මත ඔවුන් මෙම උපකරණය මිනිසුන් සඳහා අත්හදා බැලීමට යොමු වී  තිබේ.

ඇල්ෂයිමර් වැනි දීර්ඝ කාලීනව මතකය අහිමිවන රෝගින් සඳහා මෙම උපකරණයේ නිර්මාණයන් යොදාගත හැකි බවත් වාර්තා වේ.

පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/6ueiTTLK6hU

0 comments:

Post a Comment