December 13, 2017

දේශගුණ බලපෑමට ලක්වු සාගරය

සාගර පරිසරය දේශගුණ වෙනස් වීමේ බලපෑමට ලක්ව ඇති වැදගත් පරිසර පද්ධතියකි.සාගරයේ උෂ්ණත්වය ඉහල යෑම,ආම්ලිකකරණය,ඔක්සිජන් දියවීම අඩුවීම වැනි හේතු නිසා බොහෝ ගැටලු ඇති වී තිබේ.මේ නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක ගණනාවක් සම්බන්ධව මේ වන විට කරුණු අනාවරණය වී ඇත.
සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා කොරල්පර විරංජනය වීම සිදු වන අතර එය කොරල්පරවල පැවැත්මට ඇති ප්‍රමුඛ පෙලේ තර්ජනයකි.එසේම ශීත තත්ව වලට හුරුවී ඇති මසුන් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමනය වූ අවස්ථා වාර්ථාවි ඇත.මෙසේ මසුන්ගේ ව්‍යප්තියේ සිදුවන වෙනස්විම් පාරිසරික වශයෙන් සැලකිය යුතු බලපැමක් ඇති කරයි.සාගර ජලය ආම්ලික කරණය වීම නිසා කොරල්පර හා වෙනත් කවච තනන ජිවීන්ගේ කැල්සි බවනය වීම අඩුවිය හැකිය.එය ඔවුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයකි.එසේම උණුසුම් ජලයේ ඔක්ෂිජන් සාන්ද්‍රනය අඩුවීමෙන් සාගර ජීවීන්ට ලැබෙන ඔක්ෂිජන් ප්‍රමානය අඩුවීමද ගැටලු ඇති කරයි.මේ සියලු කරුණුවල ප්‍රතිඵලයක් ලෙස සාගර ජීවීන් මුහුණ පානු ඇත්තේ ගැටලු සහගත තත්වයකටය.මේ ආකාරයේ දේශගුණ වෙස්වීමේ බලපෑම් සමස්ත සාගර පරිසර පද්දතියටම බලපාන බව පැහැදිලිය.මේ ආකාරයෙන් බරපතල බලපැමකට ලක්වන සාගර පරිසර පද්දතියක ජෛව විවිධත්වය යථා තත්වයට පත්වීමට කෙතරම් කාලයක් ගතවිය හැකිද යන්න මෙහිදී මතුවන ගැටලුවකි.මේ පිළිබද යම් අදහසක් ලබාදිය හැකි පර්යේෂන වාර්ථාවක් ප්‍රකාශයට පත්වි ඇත.ඒ අනුව දේශගුණ බලපෑමට ලක්වන සාගර පරිසරයක් යථා තත්වයට පත්වීමට මෙතෙක් සිතුවාට වඩා වැඩි කලක් ගතවේ.

අතීත දේශගුණ වෙනස් වීමක්
මේ පර්යේෂනයට අනුව ස්වාභාවිකකව ඇති වූ දේශගුණ වෙනස් විස නිසා ගැඹුරු මුහුදේ ඔක්ෂිජන් ප්‍රමාණය අඩු වීම හේතුවෙන් ඇති වූ තත්ත්වයකින් යථා තත්ත්වයට පත්වීමට සාගරයට වසර දහසක් පමණ තරම් අධික කාලයක් ගතවී තිබේ.මේ බව හෙලිවී ඇත්තේ පැසිෆික් සාගර පත්ලෙන් ලබාගත් සෙන්ටිමීටර් 922ක් පමණ වන ප්‍රමාණයේ විදුමකින්(core)ලැබුණු දත්තවලිනි.වසර 13000 පමණ කාලයක් පුරා ව්‍යාප්තවූ පොසිල 5400ක් පමණ අයත්වූ නියැදියක් වු එහි සමස්ත කාලය අදින් වසර 3400ක් හා 16100ක් පමණ කාලයක් අතර සාගර පත්ලේ ‍ජෛව විවිධත්වය පිළිබද තොරතුරු දැක්වේ.

අදින් වසර 14700කට පමණ පෙර ඇතිවූ එක් උනුස්ම් සමයකදී ඇති වූ ගැලසියර දියවීමකදී මුහුදු පත්ලේ වාසය කරන ඔක්ෂිජන් සදහා සංවේදී වූ අපෘස්ඨ වංශී ජීවීන් රැසක් වදවී ගොස් ඇති බව පොසිල සාධක අනුව පෙනී ගොස් ඇත.ඒ වනවිට ඉහල ජෛව ගනත්වයකින් යුක්තව පැවැති මේ පරිසරයේ පැවැති මෙටාසෝවාවාන්ගේ (ඔපියුරොයිඩයන්,මොලස්කා වර්ග)ගණත්වය හා විවිධත්වය සීග්‍රයෙන් අඩු වූ අතර මේ වෙනස සිදුව ඇත්තේ වසර 130ක් තරම් වු කාලයක් ඇතුලතය.එය විදුමේ සෙ.මී12 පමණ දිගකට සමපාත වූ කාලයත් වන අතර අදාල කාලය අපට විශාල කාලයක් වුවද භූවිද්‍යාත්මක තත්ව වලදී එය කෙටි කාලයකි.මේ කාන්ඩවල ජීවීන් සාගරයේ වෙනස්වීම්වලට දැඩිලෙස සංවේදී වූ බැවින් ක්ෂනිකව සිදුවූ ඔක්ෂිජන් අඩුවීම නිසා මේ ජීවීන් වදවී ගොස් ඇත.ඉන් පසුව මේ ජීවීන් යලි යථාතත්වයට පැමිණීමට පටන් ගන්නේ වසර 13500ක් තරම් කාලයකට පමන ඉහතදීය.ඒ අනුව ඔවුන්ට පෙර පැවැති පාරිසරික තත්වයට පැමිණිමට තවත් වසර දහසක් පමන කාලයක් ගතවී ඇත.
එසේ ම ඉන්පසුව ඇතිවූ කෙටි සිසිල් සමය වසර 11700ක් පමණ ඉහත දී එක්වරම අවසන් වූ අතර එහිදී මුහුදු පත්ලේ වාසය කරන මෙටසෝවාවන්(මෙ‍ාලොස්කාවන්,එකිනෝඩර්මේටාවන්,ආත්‍රපොඩාවන් හා ඇනලිඩාවන්)සියල්ලම වාගේ විනාසයට ලක්වූ බව මෙහිදී වාර්ථාකර ඇත.මේ සිදුව ඇත්තේ වසර 170ක් වැනි කාලක් තුලදීය.මේ අදාල විදුමේ සෙ.මී18ක් පමණ වන කොටසකි මේ ජීවීන්ගේ ගහන නැවතත් යථා තත්වයට පත්වීම සදහා වසර 4000ක් පමන කාලයක් ගතවීම මෙහි ඇති විශේෂත්වයයි.
            වෙනත් ආකාරයකින් පවසන්නේනම් අවසාන ගැසියර සමය වඩාත් සෙමින් පැවති හා දැඩි වූවන බවද මේ පර්යේෂන් පෙන්වා දී ඇත මේ සිදු වීමෙන් පෙන්වා දෙන්නේ අවසාන ග්ලැසියර සමය හා අන්තර ග්ලැසියර අවධිය අතර කාලයදී ඇතිවූ මිහිතලය උණුසුම් වීම සදහා ප්‍රතිචාරයක් ලෙස ඇතිවී ති‍බෙන තත්වයයි.මේ අවස්ථාව ලෝකයේ උෂ්ණත්වය ඉහලගිය අවසන් අවස්ථාව වන අතර එය ස්වාභාවික හේතු නිසා උෂ්නත්වය ඉහලයාමක් සිදුවූ අවස්ථාවකි.
මේ අධ්‍යනයේ ඇති තවත් වැදගත් කමක් වන්නේ එය සමස්තයක් ලෙස පරිසර විද්‍යාත්මක වශයෙන් අවධානය යොමුකරන ලද්දක් වන නිසාය.මින් ඉහත දීද මෙවැනි උත්සාහ ගෙනඇති නමුත් එක් එක් තනි ජීවී විශේෂ සම්බන්ධනයෙනි.මේ අනුව පරිසරයේ ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන දේශගුණ වෙනස්විමකින් යථාතත්වයට පත්වීම සදහා සැලකිය යුතු තරම් කාලයක් ගතවන බව පැහැදිලිය.
අතීතයෙන් පාඩම්.
උක්ත අධ්‍යනයෙන් අනාවරනය වන තත්වය වර්ථමාන තත්වයටද අදාල කරගත හැකිබව මේ පර්යේෂකයින්ගේ අදහසවේ.ඒ අනුව සාගරයේ ඔක්ෂිජන් සාන්ද්‍රනයේ පහල යාමක් නුදුරු අනාගතයේදී සිදුවුවහොත් එය ඉතා බරපතල විපාක ඇති කරවන්නක් විය හැකිය.2100 වර්ෂය වනවිට සාගරයේ ඔක්ෂිජන් ප්‍රමාණය 1% ත්7% අතර ප්‍රමාණයකින් අඩුවිය හැකි බව පෙන්වා දී තිබේ.මෙවනි තත්වයකට ලක්වන සාගරය යලිත් සාමාන්්‍ය තත්වයට පත්විම සදහා ගතවන කාලය සාමාන්යෙන් විෂ්වාස කරන පරිදි වසර සිය ගණනක් පමන නොව දහස් ගණනක් තරම් වනු ඇත.එසේම එවැනි තත්වයට පත්වීමක් සිදුවිය හැක්කේ අදාල බලපෑම නතරවූ පසුවය.
මෙය අතීත සාක්ෂි භාවිත කිරීමේන් අනාගතය පුරෝකථනය කිරීමට ගත් උත්සාහයකි.දේශගුන වෙනස්විම හා සම්බන්ධව මෙවැනි අතීත තත්ව හා සම්බන්ධ සංසංදනය කිරීම මින්පෙරදී ද සදුකර ඇත එහෙත් දේශගුණ වෙනස්වීම නිසා ‍සාගරයේ ඇතිවූ බලපෑම් හා ඒවායින් යලි යථාතත්වයට පැමිනීම සම්බන්ධව සිදුකරන ලද මුල්ම අධ්‍යණය මේබව පැවසේ.
කෙසේ වෙතත් මේ අධ්‍යනයෙන් පැවැසෙන්නේද පවත්නා තත්වයේ බරපතල බවයි.සාගරයේ ඇතිවන වෙනස්වීම් මිනිසුන්ටද අදාළ බොහෝ අංශවලට බලපාන බැවින් මේගැන අවධානය යොමුකිරීම වැදගත් බව පෙනේ.අනෙක් අතට සාගර ජෛව විවිධත්වය සම්බන්ධයෙන් මෙන්ම සාගර ආහාර ජාලය සම්බන්ධවද මේ කරුණු වැදගත් විය හැකිය.මේ පර්යේෂනයෙන් පෙන්වා දෙන අවධානම ලෝකය පුරා විද්‍යාඥයන් හා ප්‍රතිපත්ති සම්පාදකයින් නිසි ලෙස හදුනා ගැනීම මෙහිදී වැදගත්වේ.

මූලාශ්‍රය:Proceedings of the National Academy of Sciences.

0 comments:

Post a Comment