December 27, 2017

ස්මාර්ටි පෙන් ඩ්‍රයිව් එකක් සාදාගනිමින් පරිගණක දක්‍ෂයකු වෙමු.


එදිනෙදා කටයුතු වලදී සහ කාර්යාලීය කටයුතු වලදී පරිගණකය නැතුවම බැරි අවශ්‍යතාවක් වී ඇත.  යම් විටක ඔබගේ කටයුතු අඩාල කරමින් ඔබගේ පරිගණකය දෝෂ ගෙනදෙන විට  මුහුණ පෑමට සිදුවන අසහනය හා අසතුට  ඉතා ප්‍රබලය.  ඒ සදහා ඔබ කුමක් කරන්නද?  විවිධ වූ පරිගණක මෙවලම් හා උපකරණ කට්ටලයක් තබා ගැනීම පැරණි ක්‍රමයකි. ගෙනයාමට හා ලග තබා ගැනීමට හැම විට නොපුළුවන.  ඉතා වේගවත් හා සියල්ල එකම ස්ථානයකින් කෙරෙන  පෙන් ඩ්‍රයිව් එකක් ඇත්නම් එය ඉතා සකසුරුවම්  ස්ථාවරයක් වේ.  එසේ නම් අපි දැන් එම පෙන් ඩ්‍රයිව් එක (Pen Drive)  සකසා ගන්නා ආකාරය දැන ගනිමු. 

අරමුණු

·        ඕනෑම වේලාවක පරිගණයක් නව වින්ඩොස් / වෙනත් පරිගණක මෙහෙයුම් පද්ධතියකින් පනගන්වා ගැනීම
·        පාලක රහස් පද ඉවත් කිරීම හා සොයා ගැනීම (පාස්වර්ඩ් රිසෙට්, පාස්වර්ඩ් රිකවරි)
·        පරිගණකයේ ස්ථීර මතකය (හාර්ඩ් ඩ්‍රයිව්) පරීක්‍ෂා කිරීම හා අවශ්‍ය වෙනස් කිරීම් කිරීම, දත්ත වෙනත් ස්ථානයකට ගබඩා කර ගැනීම, ප්‍රති සංස්කරණය කර ගැනීම. (බැක් අප් හා රිකවරි)
·        දෘඩ තැටිය ( හාර්ඩ් ඩිස්ක්)  කොටස් කිරීම (පාර්ටිෂන් කිරීම) සැකසීම (ෆෝර්මැට් කිරීම ) හා අදාල අනෙකුත් ක්‍රියාවන් ඉටු කිරීම
·        මෙහෙයුම් පද්තියක් වෙනත් පරිගණකයකට මාරු කිරීම.  වෙනත් ස්ථානයක ගබඩා කර තැබීම. (මයිග්‍රේට් ඕ එස් )  (බැක් අප් ඔ එස් )
·        පරිගණකයේ දෝෂ පරික්‍ෂා කර ගැනීම.
·        විවිධ මෙහෙයුම් පද්ධති  (වින්ඩොව්ස්, ලිනක්ස්, ෆෙඩොරා, උබුන්ටු ) සංයුක්ත තැටි විශාල් ප්‍රමාණයක් නොමැතිව එකම පෙන් ඩ්‍රයිව් එකක් මගින් සිදු කර ගැනීම.
·        ඔබට අවශ්‍ය අනෙකුත් දත්තද ලග තබා ගැනීම.

අවශ්‍ය දෑ

Windows  xp, 7, 8, 10 වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති.  7, 8, 10  ( iso ) සංයුක්ත තැටියකින් ලබා ගන්නා අනු රුවක්.  මෙම වර්ගයේ  ගොනු අන්තර් ජාලයෙන් කෙලින්ම බා ගැනීම කල හැකි අතර, මිල දී ගැනීම  හෝ ටොරන්ට් වැනි  වෙනත් ජාලයක් ඔස්සේ බාගත කර ගැනීමට හැකිය.

පැරගන් හාර්ඩ් ඩිස්ක් මැනේජර්  -   ( Paragon hard disk Manager  WinPE iso )  මිලදී ගැනීම / ටොරන්ට් මගින්  ලබා ගත හැකිය )

Isee Password Recovery WinPE iso  ( අයිසී පාස්වර්ඩ් රිකවරි ) -  මිලදී ගැනීම හෝ ටොරන්ට් මගින් ලබා ගත හැකිය.

EasUs  Partition Master  WinPE iso -  මිලදී ගැනීම හෝ ටොරන්ට් මගින් ලබා ගත හැකිය.

AOMEI Backupper  WinPE iso - මිලදී ගැනීම හෝ ටොරන්ට් මගින් ලබා ගත හැකිය.

HDD Regenerator WinPE iso - මිලදී ගැනීම හෝ ටොරන්ට් මගින් ලබා ගත හැකිය.
Spinrite  WinPE iso - දෘඩ තැටිය පරික්‍ෂා කර ගැනීම. විස්තර ලබා ගැනීම හා දෝෂ නිරාකරණය කර ගත හැකිය.

Memtest WinPE iso - පරිගණකයේ  තාවකාලික මතකය (Ram)  පරීක්‍ෂා කිරීම , විස්තර ලබා ගැනීම,  දෝෂ හදුනා ගැනීම හා නිරාකරණය කර ගැනීම.

Acronis Tru Image WinPE iso -  දෘඩ තැටි ආශ්‍රිත  ක්‍රියා කාරකම්,  පරිගණක විශාල ප්‍රමාණයකට මෙහෙයුම් පද්ධති ඇතුලත් කිරීමේ දී යොදා ගත හැක.

අනෙකුත් අවශ්‍ය  මෙවලම්  ( software )  - WinPE iso  අන්තර් ජාලයෙන් හෝ ටොරන්ට් මගින් සපයා ගන්න.


ස්මාර්ට්  පෙන් ඩ්‍රයිව් එකක් සාදා ගන්නා අකාරය

පහත දැක්වෙන වෙබ් අඩවි තුලින්   (වින්සෙට්අප් ෆ්‍රොම් යූ එස් බී) winsetupfromUSB  සහ (එක්ස්බූට්) xboot  භාගත කර ගන්න. 

(එක්ස්බූට්) xboot  - මගින් ඔබ පෙරදී ලබාගන්නා ලද මෙවලම් (WinPE iso) එකින් එක එකතු කරමින්  තනි (WinPE iso)  බවට හරවා ගත හැකිය.  එලෙස සකසා ගන්නා ගොනුව පරිගණකයේ තැන්පත් කර තබා ගෙන නැවත නැවත  පෙන්ඩ්‍රයිව් සකසා ගත හැකිය.




මීලගට  ඉහත ඇති වෙබ් අඩවියෙන්  (වින්සෙට්අප් ෆ්‍රොම් යූඑස්බී)  බා ගැනීම කර ගන්න.  ඊට පසු මෙම මෙවලම මගින් ඔබ සතු  වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති හා අනෙකුත් වර්ග වල මෙහෙයුම් පද්ධති ඔබගේ පෙන් ඩ්‍රයිව් එකට ඇතුලත් කර ගැනීම කල හැකිය.


·        මෙහි දී ඔබ පළමුව සකසා ගත් xboot  iso ගොනුවද ඇතුලත් කොට පෙන් ඩ්‍රයිව් එක සකා ගත හැකිය.
·        පෙන් ඩ්‍රයිව් එක  ෆෝමැට් කර ගැනීමද කල හැක.

·        Xboot මගින් පෙන්  ඩ්‍රයිව් එක සෑදීම සිදු කලේ නම් මෙහිදී ෆෝමැට් කිරීම අවශ්‍ය නැත.  අවශ්‍ය iso පමණක් අතුලත් කර (යමු)  Go  කරන්න. 

·        නිදහස් මෙහෙයුම් පද්දති අතුලත් කරන්නේ නම් ( Open Source OS )  ඒ සදහා අදාල කොටුව තෝරා iso ගොනු ඇතුලත් කිරීම කරන්න.

1 comments:


Good work bro
i am a professional web blogger so visit my website link is given below!
softtakes
win setup from usb exe
Thanks For Vesting My Website.

Post a Comment