December 20, 2017

කාබන් වල නවතම අවස්ථාවක් (New Form of Carbon) සොයා ගැනේ


සෙල්සියස් අංශක 1000 ක පමණ උෂ්ණත්වයට (ෆැරන්හයිට් 1800 ට පමණ) කාබන් මූලද්‍රව්‍ය රත් කිරීමෙන් නවතම ශක්තිමත් සැහැල්ලු විද්‍යුත් සන්නයනය කරන පාෂාණයක් මෙන් දෘඩ රබර් මෙන් ඇදෙන සුළු කාබන් වල නව අවස්ථාවක් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටී.

මෙම නවතම කාබන් අවස්ථාවෙන් ඉදිරිපත් වන ගුණාංග වලින් නිගමනය වන්නේ එය සොයා ගැනීමට භාවිතා කළ ක්‍රම වේදය අනුව අප නොදන්නා ගති ලක්ෂණ බො‍හෝ මූලද්‍රව්‍ය වල තිබිය හැකි බවයි.

විශ්වයේ බහුල මූලද්‍රව්‍යන්ගෙන් හතර වන ස්ථානය සහ මිනිස් ශරීරයේ බහුල මූලද්‍රව්‍යයන්ගෙන්  දෙවන වන තැන කාබන් වලට හිමි වේ. මෘදු , ලිස්සන සුළු ගැෆයිට්, තද බවින් යුක්ත දියමන්ති, ශක්තිමත් ග්‍රැෆීන් ආදී ලෙස අපට කාබන් වල අවස්ථා හමුවේ.

ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමෙන් (සෙල්සියස් අංශක 1000) සහ සාමාන්‍ය වායු ගෝලීය පීඩනයක් යටතේ 250,000 ක් වාරයක් තැබීමෙන් මෙම සුපිරි ගුණාංග සහිත කාබන් නිපදවා ගත හැකි බව පර්යේෂකයන් සොයා ගෙන ඇත.මෙම සැහැල්ලු සහ තද බවින් යුක්ත අමුද්‍රව්‍යය යොදා කළ හැකි සිත්ගන්නාසුළු යෙදවුම් නිෂ්පාදනය කළ හැකි වීම ඉතාම වැදගත් බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි.

අතීතයේ මෙවැනි කාබන් වල විවිධ අවස්ථා සොයා ගැනීම සඳහා විවිධ පර්යේෂණ සිදු කලද තාපය සහ පීඩනය ලබා දීම අතර ඇති නිවැරදි සම්බන්ධතාවය ලඟා නොවීම හේතුවෙන් එහි ප්‍රතිඵල ප්‍රමාද විය. නමුත් දැන් එම අවස්ථාව උදා වී ඇත.

මෙම නවතම කාබන් ද්‍රව්‍යය 'compressed glassy carbon' ලෙස හඳුන්වයි. මෙහි විශේෂත්වය වන්නේ අසාමාන්‍ය විශිෂ්ඨ සම්පීඩක ශක්තියක් තිබීමයි (specific compressive strength). එය සෙරමික් (ceramics) හි ඇති සම්පීඩක ශක්තිය මෙන් දෙගුණයක් වේ. එහි ඇදෙනසුළු බව (elasticity) රබර් , සිලිකා සහ ටයිටේනියම් නිකල් තන්තු අභිබවා යයි. එලෙසම සාමාන්‍ය ලෝහ සහ මිශ්‍රලෝහ මෙන් පස් ගුණයක් ශක්තිමත් වේ.මෙම නවතම කාබන් අනාගතයේදී කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරලියක් ඇති කරනු ඇතැයි පර්යේෂකයන්ගේ අදහසයි. තව දුරටත් මේ පිළිබඳව පර්යේෂණ ඉදිරියට සිදුකරමින් නවතම සොයා ගැනීම් සිදු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

උපුටා ගැනීම
http://www.sciencealert.com/scientists-discover-a-new-form-of-carbon-that-s-hard-as-a-rock-but-stretches-like-rubber




සකස් කලේ- විද්‍යා හා තාක්ෂණ නිළධාරි- ගඟ ඉහළ කෝරළේ

0 comments:

Post a Comment