December 29, 2017

සුවබර දිවියකට අපේ රසකාරක


ආහාර රස ගැන්වීම සදහා ආහාරයට රසකාරක අවශ්‍ය වේ. ස්වාභාවික රසකාරක වල ඖෂධීය සංඝටක විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා මගින් ශරීරය නිරෝගී කරයි. එමෙන්ම බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝගද ගණනාවක්ම ඇතිවීම වළක්වා ගත හැක. දියවැඩියාව වැලැක්වීම, හෘදයාබාධ වැලැක්වීම, ප්‍රතිඔක්සිකාරක ගුණ, පිළිකා වැලැක්වීම, අක්මා රෝග වැලැක්වීම, වකුගඩු රෝග වැලැක්වීම, ශරීරයේ වස විෂ ඉවත් කිරීම, ප්‍රතිශක්තිය ඉහල නැංවීම යනාදී ඖෂධීය ගුණ ඉහල ප්‍රමිතියකින් ලැබේ.

ඉහල පෝෂණ තත්වයෙන් සහ ඖෂධීය ගුණයෙන් යුතු ආහාර තෝරා ගැනීමට අප උත්සාහ කල යුතු අතර රසායන ද්‍රව්‍ය යෙදු  ආහාර පාරිභෝජනය නොකල යුතුය. එසේම පාන් පිටි වලින් සෑදු ආහාර වර්ගද හැකිතාක් සීමා කල යුතුවා මෙන්ම ජානමය ආහාර හැකි තාක් අවම කල යුතුය එළවළු සහ ආනයනික පලතුරු ආහාරයට ගැනීමේදී වඩාත් සැලිකිලිමත් විය යුතුය. දේශීය පාරම්පරික සහල් දේශීය එළවළු දේශීය පලතුරු දේශීය අල වර්ග ආහාරයට එකතුකරගත යුතුය. ඖෂධීය රසකාරකවන කුරුදු ,කරපිංචා,සුදුළුුණු,රතුළුුණු,ගම්මිරිස්,කොත්තමල්ලි,කහ,කරාබුනැටි වැනි කුළුුබඩු ආහාර රසගැන්වීම සදහා භාවිතා කරයි.
කහ
කහ වල අඩංගු ප්‍රධානම සාරයක් වන කර්කියුමින් ඉතාම ප්රකභල ප්රමති-ඔක්සිකාරකයක්.ඒ නිසා අපේ ශරීරයේ පැවැත්මට එරෙහි රෝගයන් සමඟ ශක්තිමත්ව සටන් කිරීමටත් එම ප්‍රති-ඔක්සිකාරකය ක්‍රියාකරනවා.ශරීරයේ ඇති සෞඛෟ සම්පන්න සෛලහානියට පත් කරන විෂ ද්රිව්යියන් වගේම එවැනි ක්‍රියාකාරිත්වයන් සමඟ සටන් කර සිරුරේ නිරෝගී පැවැත්ම ආරක්ෂා කරන්න කහ තරම් තවත් දෙයක් නම් නැහැ.ඒ නිසා නිතරම ඔබගේ කෑම-බීම වෙනුවෙන් නිතරකහ යොදාගත හැක.

 සුදුළූනු
ආහාර පිසීමේදී ව්‍යංජන වලට නැතුවම බැරි දෙයක් වන සුදුළුනු වල ශරීරයට ගුණදායී පෝෂ්‍ය ප්‍රදාර්ථ බොහොමයක් අඩංගු වන බව ඔබ දන්නවාද? ආහාරයක් සහ ඖෂධයක් වශයෙන් සුදු ළූණු වල ඉතිහාසය ඊජිප්තුවේ පිරමීඩ සෑදූ අවදිය දක්වා දිවයන්නකි. ඖෂධයක් වශයෙන් එහි ගුණාංග කිහිපයක් පහතින් දැක් වේ. හෘද රෝග පාලනයට
රුධිර ගමනය පාලනය කරමින් කොලෙස්ටරෝල් ප්‍රමාණයද අඩු කිරීමට උපකාරී වීම නිසා හෘදරෝගනිවාරණයකරගැනීමටසුදුසුආහාරයක්වේ.අධික රුධිර පීඩනය පාලනය කිරීමට හා රුධිර නාලිකාවල විශාලත්වය වැඩි කිරීම නිසා සිරුරේ රුධිර ගමනය විදිමත් ලෙස සිදුවේ. එම නිසා අධික රුධිර පීඩනය රෝගයෙන් පෙලෙන පුද්ගලයන් හට අමතර ආහාරයක් වශයෙන් සුදු ළූණු වෛද්‍යවරුන් විසින් නිර්දේශකරයි.
 
ආතරයිටිස් රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ගේ වේදනාව අඩු කර ගැනීමට සුදු ළූණූ වල අඩංගු Anti-Oxide සහ Anti-Inflammarty උපකාරී වීම නිසා ආස්ථි ආශ්‍රිත වේදනාව සමනය කර ගත හැක. සුදු ළූණු වල අඩංගු විඩමින් C සහ B6, ලෝහ සහ අනෙකුත් විටමින් වර්ග නිසා ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තීකරනය වැඩිකරයි. පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී  සෙබලුන්ගේ ප්‍රතිශක්තී කරනය වැඩි කිරීමටත් එමගින් බෝවන රෝග වලින් වැළකී සිටීමටත් සුදු ළුණු උපකාරී වු බව ඉතිහාසයේ ස‍දහන් වේ.
  
 කරපිංචා
ආහාර රසවත් කිරීමට යොදා ගන්නා කරපිංචා වල ශරීරයට ගුණදායී ප්‍රයෝජන රාශියක්ද වේ. මෙම සුවඳැති කොළ වල තන්තු, යකඩ, කාබෝහයිඩ්‍රේට, පොස්පරස්, කැල්සියම් මෙන්ම විටමින් A, E, C හා B අඩංගු වේ. මේ නිසා මෙන්ම මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් දියවැඩියාව, පාචනය, ආහාර අජීර්ණය හා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත පිළිකාවන් වැනි බොහෝ රෝග සුව කිරීමට දායක වේ. එමෙන්ම අක්මාව හා හෘදය ආරක්ෂා කර දේ.
රතුලූනු
රතුලූනුවල පවතින ඔෟෂධීය ගුණ රාශියක් අතරෙන් කිහිපයක් කීවොත් ආහාර රුචිය වඩවන්නත්, ශරීරයට ජවය ශක්තිය ලබා දෙන්නත්, රතු ලූනු ඉතාමත්ම ගුණදායකයි. ආයුර්වේදයට අනුව රතු ලූනු පලාණ්ඩු යන නමින් හඳුන්වනවා.

එහි අර්ථය තමයි ශරීරය සියලු රෝගයන්ගෙන් රැකීම යන අදහස. තීක්ෂණ ගන්ධ, යවනේෂ්ඨ යන අන්වර්ථ නම්වලිනුත් රතු ලූනු හඳුන්වනවා. මෙහි ප්‍රභේද 3ක් පවතිනවා. ශ්වේ පලාන්ඩු, රාජ පලාණ්ඩු, රක්ත පලාණ්ඩු තමයි ඒ ප්‍රභේද තුනට. සුදු ලූනු, රාජ ලූනු, රතු ලූනු යනුවෙන් සිංහලෙන් ව්‍යවහාර කෙරෙනවා. රතු ලූනුවලත් වර්ග දෙකක් පවතිනවා. තද රෝස පැහැති කුඩා රතු ලූනු සහ රෝස පැහැති ලොකු රතුලූනු ඒ දෙක. රතු ලූනු අයත් වන්නේ ඹ්ඪතඪචජඥචඥ කුලයට. ඒතතඪචථ ජඥනච මෙහි උද්භිද විද්‍යාත්මක නාමය. පොදුවේ රතු ලූනුවල පවතින ගුණ සඳහන් කළොත් ශරීරයේ සෙම බුරුල් කර ඒවා බැහැර කරන්නත්, ශරීරයේ වේදනා නැති කරන්නත්, වාත රෝග නැති කරන්නත්, ආහාර රුචිය ඇති කරන්නත් රතු ලූනු ඉතාමත්ම ගුණදායකයි.

ගම්මිරිස්
කුළුබඩු වර්ග අපගේ ආහාරපාන වල රසවත් භාවය වැඩි කිරීමට මෙන්ම නීරෝගී ජීවිතයක් පවත්වාගෙන යාමටත් අතිශයින් උපකාරී වන බව ඔබ දන්නවා ඇත. එසේම ආහාර ජීරණය ශක්තිමත් කිරීමේ, ආහාර රුචිකත්වයට වැඩි කිරීමේ හැකියාව කුළුබඩු වලට ඇත. විශේෂයෙන් මෙම කුළුබඩු යෙදීමෙන් ආහාර වල පෝෂ්ය ගුණය රැකීම මෙන්ම වැඩිදියුණුකිරීමදසිදුවේ.විශේෂයෙන් කුළුබඩු ලෙස භාවිතා වන ගම්මිරිස් ආයුර්වේද වෛද්ය ප්රතිකාර වලට යොදාගන්නා මහගුඔසුවකි.ගම්මිරිස් වල ගුණය ගත්කල වාතය, සෙම නසන ගුණඅධිකය.උෂ්ණාධික රත්පිත්රෝගවලටඅඟුණදායකය.ආහාර රුචි කාරක වේ. උගුරේ සෙම් ගෙඩි, ආසාදනය උගුරේ වේදනා, ක්රිමි රෝග (පනු රෝග)සුව කරනු ලබයි.
අක්ශි රෝග, දත් මුල් දියවීම, මුවෙහි පණු ගෙඩි ආදියට හිතකරයි.
කුරුදු
කුරුදු යනු කැලැ ශාකයක් ලෙස උපත ලද අතිතයේ සිට භාවිතා කරන ලද කුළුබඩු වර්ගයකි.පසු කාලිනව කුෂ්ඨ , ඇදුම වැනි රෝග සුව කර ගැනිම සදහා   (සත්‍ය කුරුදු)     
 උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන  ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතා වේ.ගස කපා ලබා ගන්නා ඇතුලත පොත්ත වියලා කුඩු කර  පවුඩර් ලබා ගනි.මෙහි ඇති තෙල් සහිතකොටස අඩංගු    මගින් සුවද හා රස පවත්වා ගනි.මෙම සෞඛ්‍යයට සුලභ බලපෑමක් කරනු ඇත.

ගොරකා
අතීතයේ සිටම ශ්රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැඩි විශ්වාසය නිසාය. අමු ගොරක ගෙඩියෙහි ආම්ලික ඇසිඩ් බහුල . ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ් පෝෂණ ගුණ ගණනාවකී. කැල්සියම් හයි­ෙඩ්රාක්සිට්රිික් ඇසිඩ් විටමින් සී ෆයබර් සහ ජලය අඩංගුය. ස්ථුල භාවය අඩු කිරීම ශරීරයේ මේදය පුලුස්සා දැමීම බර අඩුකිරීම හා වේදනාව සමනය කිරීම යනාදි වශයෙන් ගුණ ගණනාවකී. ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම සුවිශේෂ ලක්ෂණයකී. එහි ඇති හයිෙඩ්රා්රෝලක්සිසිට්රික් ඇසිඩ් ශරීරයේ වැඩි කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි. දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්රමාණය පාලනය කරයි. ජීරණ පද්ධතිය ක්රමවත් කරයි. පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම වළක්වයි. ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල ඇති අවස්ථාවලදී සහනය ලබාදීමට උපකාරිවෙයි.
කොත්තමල්ලි
          කොත්තමල්ලිවල විශේෂත්වය වනුයේ එහි විටමින් A අධික ප්‍රමාණයක් අඩංගු වීමයි. මෙහි අඩංගු ඛනිජ ලවණ ප්‍රමාණය ද ඉහලය. මෙහි ඇට මෙන්ම පත්‍ර ද ඖෂධ සදහා යොදා ගැනේ. එහි ප්‍රතිඔක්සිකාරක ගුණය,පිළිකා මර්ධනය,දියවැඩියාව මර්ධනය,ප්‍රතිශක්තිය ඉහල නැංවීම,කොලෙස්ටරෝල් අඩුකිරීම,අක්මාව හෘදය වස්තුව වකුගඩු ආරක්ෂා කිරීම ආදී ගුණ ඇත.

උපුටා ගැනීම
අන්තර්ජාලය හා පොත පත ඇසුරින්

0 comments:

Post a Comment