December 29, 2017

කාන්තාව හා සිරුරු බස

යමෙකගේ ඉගි සහ ඉරියව් වඩාත් නිවැරදිව හා ඉක්මනින් වටහා  ගැනීමටත්,  ඒ හා සම්බන්ධ සුළු වෙනස්කම් පිළිබදව පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි අවධානයකින් සිටින බව ඇතැම් පර්යේෂණවලින් හෙළී වී ඇත.

හාර්වඩ් විශ්ව විද්‍යාලයේ කරන ලද එවැනි පර්යේෂණයකදි පිරිමියෙකු හා ගැහැණියෙකු කෙරෙන කතාබහක් එහි හඩ නොමැතිව පිරිසක් ඉදිරියේ තිරගත කරන ලද අවස්ථාව පිළිබදව නරඹන්නන්ගෙන් විමසීමේදි 87%ක්ම කාන්තාවන් නිවැරදිව වටහා ගෙන තිබූ අතර , පිරිමින් එසේ නිවැරදිව එම අවස්ථාවේ සිදුවීම වටහා ගත හැකි වූයේ  42 % ක්  පමණි.මෙහිදි කලාත්මක,  සෞන්දර්යාත්මක හා දරුවන් රැකබලා ගැනීම හා අදාල කටයුතු වල නිරත වන පිරිමන්ට කාන්තාවන් තරමටම එසේ ඉගි හා ඉරියව් වටහා ගැනීමේ හැකියාව තිබූ බවද සොයා ගන්නා ලදී. දරැවන් හදා වඩා ගන්නා මවිවරැන්ට මෙසේ සිරුරු බස වඩාත් හොදින් වටහා ගැනීමේ හැකියාව ඇත. එයට හේතුව කතාකළ නොහැකි වියේ  පසුවන දරුවන් ඉගියෙන් පවසන දෑ වටහා ගැනීම ඔවුන්ට ඉතා වැදගත් බවයි.

මොළය හා සම්බන්ධ MRI පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ අන්අය හා  සන්නි‍වේදනයේ දි මෙන්ම අනෙකා පිළීබද වටහා ගැනීමේ දි දායක වන කොටස් පහළොවක් පමණ කාන්තා මොලයක ඇතත් පිරිමියෙකුගේ මොලයක ඇත්තේ එවැනි කොටස් 05ක් පමණ වෙන බවයි.එසේම පවසන දෙයක වචන වල අරුත වටහා ගැනීමට දායක වන මොළේ වම් පැත්ත හා එම වචන හා බැඳුනු හඬ රිද්මය මෙන්ම අනෙකුත් ඉඟි හා ඉරියව්ද වටහා ගැනීමට දායක වන මොලේ දකුණු පැත්ත අතර පවතින ස්නායු ජාලය (Corpus callosun) කාන්තාවන් තුල පිරිමින්ට වඩා වඩාත් ගනකම්ව හා මනාව වර්ධනය වී ඇති බවද පර්යේෂණ වලින් හෙලි වී ඇත. ඒ නිසා කෙනෙකු පවසන දෙයට යටින් සැඟවී ඇති සැබෑ අරුත වටහා ගැනීම සඳහා පණිවුඩ වඩාත් හොඳින් හා කාර්යක්ෂම ලෙස මොළයේ වම් පැත්තෙන් දකුණු පැත්තට මාරු වීම ඔවුන් තුල සිදුවේ.

සිරුර බස යන වචනාර්ථයෙන් ගත් කල පිරිමි සිරුර බස හා ගැහැණු සිරුර බස යනුවෙන් දෙකක් පැවතිය නොහැකිය යන්න ඇතැම් පර්යේෂකයන්ගේ මතයයි.බස හැසිරවීමේදි දක්වන වෙනස්කම් ආකාරයකට එකම ඉගිය හෝ ඉරියව්ව ප්‍රකාශ කිරීමේදි කාන්තාවන් පිරිමින්ට වඩා වෙනස් ආකාරයෙන් දක්වන බව පෙනේ. මෙහිදි මූලික වශයෙන් වෙනස් වන්නේ එම ඉරියව්ව ප්‍රකාශ කරන තරම හා එය ප්‍රකාශ කර සිටින කාලයයි. ඒ අනුව සමහර ඉරියව්වලදි කාන්තාවන් පිරිමින්ට වඩා වෙනස්වන ආකාර කිහිපයක් සලකා බලමු.
යම් කරුණක් පිළිබද අවිනිශ්චිත හැගීමක් ඇති විටෙක ඇගිලි හිසකෙස් අතරින් පිරිමැදීමේදි පිරිමින්ට වඩා කාන්තාවන් එම කාර්යයෙහි වැඩි වෙලාවක් යෙදීම සාමාන්‍ය ස්වභාවයයි.අසහනයට පත් වූ විටෙක යටිතොල සපා ගැනීමේ අවස්ථාව පිරිමින්ට වඩා කාන්තාවන් තුළ පැහැදිලව නිරීක්ෂණය කළ හැකි ඉරියව්වකි.
යම් කතාබහකට සවන්දෙන විට කාන්තාවන් පිරිමින්ට  වඩා  වැඩිවේලාවක් හිස ඇලකර ‍ගෙන සිටුනු දැකිය හැකිය.මෙයට හේතුව ඔවුන් එම කතාවේ සෑම කොටසකටම මැනවින් සවන් දීමයි.කතාබහක් තමන්ට ඉතා ප්‍රියජනක වන විට ඇසපිය ‍හෙළීම ගැහැණු පිරිමි දෙපාර්ශතවයම සිදුකරතත් එම ඉරියව්වද කාන්තාවන් තුළ වඩාත් හො‍දින් ඉස්මතු වී දැකිය හැකිය.

අතට අත දී‍‍‍‍ෙම්දි කාන්තාවන වෙනත් කාන්තාවන් සමග තම අත් වැඩි අතවේලාවක් රදවා තබා ගන්නා අතර පිරිමින්ට අතට අත දීමේදි ඉක්මනින් අත ඉවතට ගැනීම සාමාන්‍ය ස්වභාවයකි. ඔබ යමෙකුගේ දෙනෙත් දෙස එක එල්ලේ බලන විට එම නෙත් ගැටුම රදවා තබා ගන්නා කාලය අනුව ඉන් විවිධ අරුත් මතු ‍වේ. පමණට වඩා වැඩි වේලාවක් නෙත් ගැටුම පවත්වා ගැනීම ගැටුම්කාරි හෝ ආක්‍රමණශිලි බවක් දැනවිය හැකි බව සිහිතබා ගැනීම වටී. මෙය ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව මතුවන  තත්වයකි.එසේම කතාබහේදී නිතර දෙනෙත් අනෙකාගෙන් ඉවතට යොමු කිරීමද නොසන්සුන් බවක් හෝ සැකමුසු බවක් දනවන ඉරියව්වකි. සංවාදයකදී අනෙකාගේ සිරුර ස්පර්ශ කිරීම ඇතැම් විට සිදුවන බව දන්නා දෙයකි.මෙහිදී වඩාත් උච්ත වන්නේ එම පුද්ගලයාගේ උරහිස පිට හෝ අතෙහි පහළ කොටස ස්පර්ශ කිරීමය.එමගින් ඔබ පිළිබඳ අනෙකා තුල ඇතිවිය හැකි වැරදි වැටහීම වළකා ලිය හැක.නොසන්සුන් තත්වයකට පත් පුද්ගලයෙකු කතාබහේදී හැම වැකියක්මඅවසානයේ එය ප්‍රශ්නයක ස්වරූපයෙන් කෙලවර කරන ආකාරයේ තානයක් තම හඬෙහි පවත්වාගනී.මෙහිදී පිරිමින්ට වඩා ඉහල ගුණයක් තම කටහඩෙන් මතුකර දැක්වීම කාන්තාවන්ගේ ස්වභාවය වේ. එබැවින් යම් දේශනයකදී හෝ සාකච්ඡාවකදී තමන්ගේ කටහඬේ ස්වරූපය පවත්වා ගන්නා අකාරය පිළිබඳව සැලකිලිමත් වීම වටී.


අංග චලන මඟින් හැඟීම් පළ කිරීම දෙපාර්ශවයටම පොදු වුවද එහාදී කාන්තාවන්ට වඩා පිරිමින් එම චලන කැපී පෙනෙන සේ සිදු කරනු දැකිය හැකිය. කාන්තාවන් එම අදහසම එම අංගචලන මගින්ම දැක්වුවද ඔවුන්ගේ චලන ප්‍රමාණයන් සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී. බොහෝ විට සමාජය තුල හැසිරීමේදී කාන්තාවන් පිරිමින්ට වඩා තැන්පත් බවක් මෙයට හේතුය යිය හැකියි. සිරුරු බසෙහි පර්යේෂනාගාරය වන්නේ ඔබ ගැවසෙන සමාජයයි. ඉඩ ලද හැම අවස්ථාවකම අන්  ඉරියව් එම අවස්ථාවන් සමඟ වටහා ගැනීමට උත්සහ කිරීම සිරුරු බස ප්‍රගුන කිරීමට ඇති හොඳම මාර්ගයයි.


නවයුගය සගරාව හා අන්තර්ජාලය ඇසුරෙනි.

0 comments:

Post a Comment