December 21, 2017

විදුලි මෝටර් රථයට විනාඩියෙන් ආරෝපණය (චාජ්) කළ හැකි බැටරියක්

  
Fisker විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් විදුලි මෝටර් රථයකට විනාඩියකින් චාජ්/ආරෝපණය කළ හැකි බැටරියක් නිෂ්පාදනය කර එය පේටන්ට් බලපත්‍රය සදහා යොමු කර ඇති බව වාර්තා වේ.

Fisker සමාගාමේ ඊළඟ පරම්පරාවේ විදුලි මෝටර් රථයට කිලෝ මීටර 804 (සැතපුම් 500)ක ධාවන කාලයක් සහ සුපිරි ලිතියම්-අයන් බැටරිය මෙන් 2.5 ගුණයක ශක්ති ධාරිතාවක් ලබාදීමට/ ආරෝපණය කිරීමට සමත්  විප්ලවකාරී බැටරියක් තමන් නිෂ්පාදනය කළ බව සමාගම පවසයි. වර්තමාන බැටරි (කෝෂ) වල තාක්ෂණය අභිබවා යන “ The future battery technology” (අනාගත බැටරි තාක්ෂණය) ලෙස මේ පිලිබදව ඔවුන් මිට පෙර වාර්තා කර තිබේ.

සම්ප්‍රදායක බැටරි වලදී ද්‍රව කාබනික ද්‍රාවකයක් මගින් ඉලෙක්ට්‍රොඩ අතර ආරෝපිත අංශු ඉදිරියට හා පිටුපසට ගමන් කිරීම සිදු වේ. නව බැටරියේ මෙම විද්‍යුත්-විච්චේද්‍ය වල ඝන ස්වරුපය නිසා බොහෝ වාසි සැලසේ. එනිසා කාන්දුවීමේ සහ ජ්වලනයවීමේ අවධානම අඩු වේ. එලෙසම සම්මත ක්ෂයවීම සිදුනොවන නිසා බැටරි කාලය දීර්ඝ වේ. තීරණාත්මක ලෙස ඝන තත්වයේ විද්‍යුත්-විච්චේදක වැඩි ශක්ති ධාරිතාවකටද සුදුසුය.

“ශිත උෂ්ණත්වයේදී ක්‍රියාකාරිත්වය, අඩු වියදම් හා ප්‍රමාණාත්මක නිෂ්පාදන ක්‍රම සහ සැලකිය යුතු ඝනත්වයකින් හා ඉතා ක්‍රියාශීලි ද්‍රව්‍ය පිරවුමක් සහිත ඝන ඉලෙක්ට්‍රොඩ විශාල ප්‍රමාණයෙන් සැකසීමට හැකිවීම නව බැටරිය නිෂ්පාදනයේදී අප ජයගත් බාධකයි. මෙම සොයාගැනීම ඝන අමුද්‍රව්‍ය වල සහ නිෂ්පාදන තාක්ෂණයේ පෙරැළියක්” යැයි Fisker සමාගමේ බැටරි පද්ධති අංශයේ උපසභාපති ආචාර්ය Fabio Albano දන්වා ඇත.

ජනවාරි මස පවත්වන Consumer Electronic Show (පාරිභෝගික ඉලෙක්ට්‍රොන ප්‍රදර්ශනය) හිදී නව බැටරි තාක්ෂණය ඉදිරිපත්කරන බව Fishker පවසා තිබේ.


අන්තර්ජාලයේ පිළිගත්විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ ; හර්ෂ ලංකේශ්වර  
https://youtu.be/ovQ2CbfQ9Ys?t=2

0 comments:

Post a Comment