ලොව වැඩිම
විද්‍යාත්මක නව නිපයුම් ප්‍රමාණයක් සොයාගත් විද්‍යාඥයා ඔහුය. එය ගණනින් 1033
කි. කුරුල්ලන්ට බෙහෙවින්ම ආදරය කළ විද්‍යාඥයාද ඔහු විය. 5000 කට අධික කුරුලු ගහනයක් ඔහු සතුවූ අතර යෝධ දැවැන්ත කුරුලු කූඩුවක්ද ඔහු ඉදි කලේය. දුම්රිය මැදිරි දිගේ යමින් “පත්තර
පත්තර“ කියා කෑගසමින් පත්තර විකුණමින් ඔහු
දවසේ වැඩ පටන් ගත්තේය. අනතුරුව දුම්රිය
මගීන්ට රසකැවිලි අලෙවි කලේය. වම් කණ හා දකුණු
කණ බොහෝ සේ අඩපණ වූ එකම විද්‍යාඥයාද ඔහු විය. ඔහු වඩාත් වේදනා
වින්දේත් දුකට පත්වූයේත් එක් දෙයක් නිසාය. එනම් කුරුලු නාදය
කුරුලු ගීත ඇසීමට නොහැකි වූ බැවිනි.
තෝමස් අල්වා
එඩිසන් වර්ෂ 1847 පෙබරවාරි මාසයේ 11 දා ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිලාන් නුවර උපත
ලැබීය. එඩිසන්ගේ පියා සැමුවෙල් එඩිසන් වූ අතර මව පාසල් ගුරුවරියක වූ නැන්සිය.
එඩිසන් පාසල් ගියේ මාස තුනක් වැනි කෙටිම කෙටි කාලයකි. එයට හේතුව ඔහු ගුරුවරුන්ගෙන්
නිරන්තරව ප්‍රශ්ණ ඇසීම බව එක වාර්තාවක සදහන් වේ. ඒඅනුව අතික්‍රියාශීලී
දරුවකු වූ එඩිසන්ගේ මෙම ක්‍රියාවලිය නිසා ගුරුවරු තුල හටගෙන තිබුනේ අසීමිත
කෝපයකි.මෙම තත්වය නිසා ගුරුවරියක වු ඔහුගේ මව, ඔහු වහාම පාසලෙන් අස්කරවාගෙන
නිවසේදී ලිවීම, කියවීම, ගණිතය හා බයිබලය කියා දුන්නීය.
වයස අවුරුදු
11 වන විට එඩිසන්ට කියවීමේ ඉමහත් පිපාසයක් ඇති විය.ඔහු තමාට ලැබුණ සෑම කෘතියක්ම
මහත් ඇල්මෙන් උනන්දුවෙන් කියවන්නට පටන් ගත්තේය. විශේෂයෙන්ම හෞතික විද්‍යාවට අයත්
සංකල්ප කෙරෙහි ඔහු වඩ වඩාත් උනන්දු විය. වයස අවුරුදු 12-13 වන විට ඔහු දුම්රිය
ස්ථානයක වෙළෙන්දෙක් බවට පත්විය. පත්තර , රසකැවිලි, පලතුරු, එළවළු, සිසිල් බීම
ඔහුගේ වෙළෙඳ භාණ්ඩ වූයේය. ඔහුගේ පරීක්ෂණාගාරය වූයේ අබලන්
නිසා අතහැර දැමූ දුම්රිය පෙට්ටියකි. ඔහු මේ තුල සිට විවිධ අත්හදා බැලීම් කල අතර
බොහෝ ජනයා ඔහු දෙස බැලුවේ උපහාසාත්මකවය. මෙම අපහාස උපහාස සමච්චල් එඩිසන්ගේ දිරිය
හීන කිරීමට සමත් වූයේ නැත. එඩිසන් දුම්රිය මැදිරියේ අබලන් බව නොතකා සිය රසායනික
පරීක්ෂණ සතුටින් යුතුව කර ගෙන ගියේය. එහෙත් එක් දිනක් ඔහු පරීක්ෂණ කරමින් සිටියදී
පොස්පරස් අඩංගු බෝතලයක් පිපිරීම නිසා මුළු දුම්රිය පෙට්ටියම එකම ගිනි ජාලාවක් බවට
පත් වුණි. මේ සිද්ධියෙන් කෝපයට පත් වූ එම දුම්රිය ස්ථානාධිපතිවරයා එඩිසන්ට කනේ
පහරක් ගැසීය. ඔහුගේ දකුණු
කණ බිහිරි වූයේ ඒ අන්දමිනි.
නමුත් දෛවෝපගත සිදුවීමක් දුම්රිය මාර්ගය මත සිදු
විය. කුඩා දරුවකු දුම්රිය මාර්ගය මත සෙල්ලමි කරමින් සිටියදී වේගයෙන් දුම්රියක්
දරුවා දෙසට ධාවනය වුනි. මෙය දුටු එඩිසන් තම ජීවිතයද නොසලකා රේල් පාරට පැන දුම්රිය
ආසන්නයේදීම කුඩා දරුවා බේරා ගත්තේය. මේ දරුවා කණ බිහිරි කල දුම්රිය
ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයාය. මෙම සිද්ධියට පසු දුම්රිය ස්ථානාධිපති මෝර්ස් කේත ක්‍රමය
හා ටෙලිග්‍රාෆ් යන්ත්‍රය භාවිතා කරන අයුරු ඉතා උනන්දුවෙන් එඩිසන්ට ඉගැන්වීය. එමනිසා පසු කලෙක එඩිසන්ට දුම්රිය
සමාගමක ටෙලිග්‍රාෆ් ක්‍රියාකරවන්නකු ලෙස රැකියාවක් ලැබිණි.
වයස අවුරුදු
21 දී එඩිසන් තමාගේ ප්‍රථම සොයා ගැනීම වූ විදුලි බලයෙන් ක්‍රියා කරන ඡන්ද ගණන්
කිරීමේ යන්ත්‍රය නිපදවීය. මෙය තම ප්‍රථම සොයා ගැනීම වුවත් එඩිසන් එය අලෙවි කිරීමට
නොහැකි විය. මේ කාලයේ ඹහු අධික ණය බරින් මිරිකී බොහෝ සේ රළු කටුක ජීවිතයක් ගත කලේය. එහෙත් අත්හදා
බැලීම් කිරීම පෙර සේම කරන ලදී.
වර්ෂ 1876 දී
නිව් ජර්සි නගරයේ මෙන්ලෝ පාර්ක් හි නව විද්‍යාගාරයක් ගොඩනගා එහි සිට සිය නව
පර්යේෂණ කටයුතු ආරම්භ කලේය. ඒ අනුව ප්‍රථම හඬ ධාවන යන්ත්‍රය වර්ෂ 1877 දී නිපදවන
ලදී. තාප දීප්ත විදුලි බල්බය නිපදවීම එඩිසන්ගේ විශිෂ්ඨ සොයා ගැනීමක් විය. මෙය
වානිජමය වශයෙන් අති සාර්ථක නිමැවුමක් වූ අතර විදුලි ධාරා බෙදා හැරීමේ පද්දතීන්
සඳහා ප්‍රථම විදුලි ජනක යන්ත්‍රයද නිපදවීය. 1880 වන විට මෙන්ලෝ පාර්ක් හි ප්‍රථම
තාප දීප්ත විදුලි බල්බ කර්මාන්ත ශාලාව ආරම්භ කළ අතර එම වසරේදීම චුම්බක යපස් වෙන්
කිරීමේ යන්ත්‍රයක්ද නිපදවනු ලැබීය. 1891 වන විට චලන චිත්‍ර කැමරාව නිපදවා ඊට
පේටන්ට් බලපත්‍රයද ලබාගත්තේය. දිය යට කිමිදුම් පහන, ගුවන් යානා පරීක්ෂකය, දැල්
ආධාරයෙන් ටෝර්පිඩෝ ප්‍රහාර වැලැක්වීම ,ශබ්ද අනුසාරයෙන් තුවක්කු ස්ථාන ගත කොට ඇති
තැන් හඳුනා ගැනීම , ශබ්ද අනුසාරයෙන් චලනය වන යාත්‍රා අතුරින් සබ්මැරීන්
නිවැරදිව හඳුනා ගැනීම ආදිය ඹහු විසින් පරීක්ෂණ කොට ලොවට ප්‍රදානය කලේය.
1871 මාරි
ස්ටීල්වෙල් නම් තරුණිය සමග විවාහ වූ එඩිසන් දෙදරුපියෙක් විය. 1877 එඩිසන් කථා කරන
මැෂිමක් නිමවීය. එය නිව් ජර්සි නුවර පුරා ප්‍රචාරය වූ අතර නගර වැසියෝ මෙන් ලෝ පාක්
විද්‍යාගාරයට රංචු පිටින් පැමිණියහ.“මෙන්ලෝපාර්ක් හි මායාකාරයා“ ,“විද්‍යුත් යුගයේ
පීතෘවරයා“ ,“මෙතෙක් ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නව නිපයුම් කරුවා“ ,ආදී වශයෙන් ඔහුට ආරූඨ
නම් ගණනාවක් විය. 1931 ඔක්තොම්බර් 18 වැනිදා එඩිසන් සදහටම දෙනෙත් පියා ගත්තේය.
එවිට ඔහු 84 වියේ පසුවිණි. එඩිසන්ට ගෞරව කිරීමක් වශයෙන් ඔහුගේ රසායනාගාරය පිහිටි
මෙන්ලෝ උද්‍යානය වර්තමානයේ කෞතුකාගාරයක් බවට පත්කොට ඇත. ජර්සි නුවර අඩි 131 ක් උස
ඔහුගේ ස්මාරකයක් ඉදි කොට ඔහු සොයාගත් නව නිපයුම්වල නාම එහි සඳහන් කර ඇත. 999
වතාවක් අසාර්ථක වී විදුලි බල්බය සොයාගත් මේ මහා විද්‍යාඥයා පිළිබඳ කථාපුවත
පරපුරෙන් පරපුරට ආදර්ශයකි.
අන්තර්ජාලය
ඇසුරිනි
0 comments:
Post a Comment