December 27, 2017

අඹ වල රස වගේම ගුණත් අමතක නොකළ යුතුයි.


Image result for Mangoes අඹ ඉතා රසවත් කහ පැහැති පළතුරකි. රසවත් බව නිසා මෙය ආහාරයට ගත්ත ද බොහෝ දෙනා මෙහි ගුණය ගැන එතරම් හැගීමක් නොමැත. ගුණය පිළිබද නිසි අවබෝධයක් තිබේ නම් අඹ යනු රසවත් බව පමණක් නොව ගුණවත් බවින්ද ඉහල පළතුරක් බව දැනගෙන ආහාරයට ගත හැක.

අඹ වල ප්‍රතිඔක්සිකාරක සංයෝග බොහෝ ඇති බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත. මෙමගින් ආන්ත්‍රික පිළිකා මෙන්ම ලියුකේමියාවට එරෙහිව ආරක්ෂාව සපයයි. අඹ වල ඉහල ප්‍රතිශතයකින් අඩංගු වන තන්තු විටමින් C සහ පෙක්ටීන් රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම කාර්යක්ෂමව අඩු කිරීමට හේතු වේ. මෙසේ  අඩු  කරනුයේ Low Density Lipoprotein (LDL) නම් ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් වේ. ගැලැක්ටීන් 3 නම් පිළිකා සෑදීමට හේතු වන ප්‍රෝටීනය  පෙක්ටීන් තුල ඇති සංයෝගයක් හා බැදේ. එවිට එම සංයෝග පහසුවෙන් ශරීරයෙන් ඉවත් වේ. විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්දතිය හා බැදුනු පිළිකාමය තත්වයන් අවම කරයි.

 අඹ වල විටමින් C සහ A ඉතා ඉහල ප්‍රමාණවලින් අඩංගු වේ. අඹ 225g ක් මගින් දිනකට අවශ්‍ය  විටමින් C ප්‍රමාණය 76%ක් ද විටමින් A 25%  ක් ද සපයයි. විටමින් C ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර විටමින් A ද ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත වේ. එමගින් ඇස් වල පෙනීම හොදින් පවත්වා ගැනීමට උපකාරී වේ. එසේම 11% ක ප්‍රමාණයකින් අඩංගු විටමින් B6 හා අනෙකුත් B විටමින් වර්ග වලින්  හෝමෝන  නිෂ්පාදනය හොදින් සිදු කරන අතර හෘද රෝග ඇති කිරීම වලක්වයි.

 විශේෂයෙන්ම බීට කැරොටීන් නම් ප්‍රබල කැරටිනොයිඩ වර්ණකය අඩංගු වන අතර වැඩිපුර ඇති බීට කැරොටීන් ශරීරය තුලදී විටමින් A බවට පත්වේ.මෙය ප්‍රතිඔක්සිකාරකයක් බැවින් මුක්ත ඛණ්ඩක මගින් ශරීරයට වන හානිය වලක්වයි.

අඹ ගෙඩි පමණක් නොව අඹ කොළ ද බොහෝ ප්‍රයෝජනවත් වේ. අඹ කොළ දියවැඩියා රෝගීන් සදහා ප්‍රතිකාරකයක් ලෙස යොදා ගත හැක. අඹ කොළ 10ක් 15ක් පමණ උණු වතුරේ දමා හොදින් පියනකින් වසා තබා පසු දා උදෑසන එය පෙරා  ආහාර ගැනීමට පෙර පානය කළ හැක. මෙය ක්‍රමවත්ව කිරීම රුධිරගත සීනි මට්ටම පාලනයට උපකාරී වේ.


0 comments:

Post a Comment