December 30, 2017

යෝධ නෙලුම්

නිසල ජලය ඇති ජලාශවල, පොකුණු හා වැව් ඉවුරුවල දක්නට ලැබෙන ඕලු, නෙලුම්, මානෙල් යන නම්වලින් හදුන්වන ජලජ ශාක උද්භිදවිද්‍යාත්මක වශයෙන් දෙයාකාරයක් පවතී.
මින් එක් ආකාරයක් නම් Water lily ලෙස හදුන්වන අතර Nymphaeaceae පවුලට අයත්වේ.  අනෙක් ආකාරය Lotus ලෙස හදුන්වන අතර Nelumbo යට අයත්වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය වැනි ආසියාතික නිවර්තන දේශගුණික කළාපයේ රටවල් වල බොහෝ සෙයින් හමුවන්නේ නෙලුම් හෙවත් Lotus ලෙස හදුන්වන විශේෂයන්ය.
මැක්සිකෝව, ගල්ප්, උතුරු ඇමරිකාව ආදී සෞම්‍ය කළාපයේදී හමුවන්නේ Water lily ලෙස හදුන්වන විශේෂයන්ය. කෙසේ නමුත් නෙඑම් විශේෂ 58ක් හදුනාගෙන ඇත.
බොලිවියාවේ පලමුවරට හදුනාගනු ලැබූ Victoria amazonica නම් විශේෂය ලොව විශාලතම නෙලුම් හෙවත් Water lily වර්ගයවේ. එය බ්‍රසීලයේ හා ඇමසන් ගංගා ඉවුරේ සුලබය.
  • Kingdom: Plantae
  • Phylum: Magnoliophyta
  • Class: Magnoliopsida
  • Order: Nymphaeales
  • Family: Nymphaeaceae
  • Genus: Victoria
  • Species: Victoria amazonica
  • Common Name: Giant Water Lily
මේවායේ පත්‍ර විශ්කම්භය මීටර් 3ක් දක්වාද නටුවේ දිග මීටර් 7ක් 8ක් දක්වාද වර්ධනය වේ. එම පත්‍රයක් මත මිනිසෙකුට සිටගෙන සිටීමට පවා හැකි අතර කිලෝග්‍රෑම් 137ක බරක් දරා සිටිය හැකි බවට පර්යේෂණ කර ඇත. පත්‍ර මතුපිට කොළපැහැයක් ද යටි පැත්ත දම් පැහැයක්ද ගන්නා අතර පත්‍ර යටි පැත්තේ ඇති ශක්තිමත් ඝනකම් නාරටි ජාලයකින් සමන්විතවේ.  මෙම ඝන නාරටි නිසා මාඑ සහ වෙනත් ජලජ ජීවීන්ට පත්‍ර ආහාරයට ගැනීම අපහසු වී ඇති අතර ජල පෘෂ්ඨය මත පාවෙන පත්‍ර මතුපිට දක්වා දිවෙන මෙම නාරටි නිසා කුරුල්ලන්ටද පත්‍ර ආහාරයට ගැනීම අපහසු වන ලෙස අනුවර්තනය වී ඇත.



 මෙම පවුලේ ශාකවල පුෂප සුදු, රෝස, දම්, නිල්, ලාකහ පාටවලින් යුක්ත වන අතර Victoria amazonica පුෂ්පය සුදුය. මෙම පුෂ්ප රාත්‍රි කාලයේදී පමණක් පිපෙන අතර දින 3ක් පමණකින් පරවේ. පරපරාගනය සදහා කෘමීන් ආකර්ෂණය කර ගැනීමට අන්නාසි සුවදට සමාන සුවදක් නිකුත්කරයි. නිවර්තන දේශගුණික කළාපයේ වැඩෙන විශේෂයන් වසරපුරාම මල් හටගන්නා නමුත් මෙම විශේෂය ගිම්හාන කාලයේදී පමණක් මල් හටගැනීමත් පරාගනයත් සිදු කරයි.


කෙසේ වෙතත් මෙම යෝධ නෙලුම් විශේෂය පරිසර පද්ධති කෙරේ ඇති කරන බලපෑමද සලකා බැලිය යුතුය. පත්‍රවල විශාලත්වය නිසා ජලපෘෂ්ඨය ආවරණය වීමෙන් හිරුඑළිය ජලාශයේ පතුලට නොලැබීයයි. මේ නිසා මේවා වැඩෙන ජලාශවල ඇල්ගී වර්ධනය අවම මට්ටමක පවතී. එනිසා ඇල්ගී ආහාරයට ගන්නා මත්ස හා සත්ව විශේෂ වලට අහිතකර බලපෑම් ඇතිකරයි.
එන්ගලන්තයේ පර්යේෂනණාගාර තුල Victoria amazonica ජාන වෙනත් ශාක හා  සංයෝජනය කරමින් බෝගවගාව පිළිබද වැඩිදුර පර්යේෂණ සිදු කරමින් පවතී.



0 comments:

Post a Comment