කලපුවකින් ලැබෙන සියලු ආර්ථික හා පාරිසරික
ප්‍රයෝජන වලට පාදක වනුයේ කලපුව ආශ්‍රිතව වැඩෙන කඩොලාන වනාන්තරයයි. කඩොලාන යනු
ලෝකයේ නිවර්තන කලාපයේ හා ඇතැම් අර්ධ නිවර්තන ප්‍රදේශයන්හි පමණක් කලපු , ගංමෝය හා මුහුදු බොකු වල වඩදිය ගැලීම නිසා වරින් වර යටවන මඩ හෝ වැලි සහිත ඉවුරේ ලවණ තත්වයන්ට හැඩ ගැසී වැඩෙන වෘක්ෂ හා පදුරු වේ.
අනෙකුත් සාමාන්‍ය ශාක වලට හිතකර නොවන්නා වූ
මෙම කඩොලාන වාසස්ථානයන්හි ඇති සුවිශේෂී පාරිසරික ලක්ෂණ සංයුක්තය නිසා කඩොලාන හැර
වෙනත් ශාක වලට එහි වැඩිමේ හැකියාවක් නැත.
කඩොලාන වාසස්ථානයේ සුවිශේෂී පාරිසරික ලක්ෂණ පහත සදහන්
පරිදි වේ.
- 1. නිර්වායු පස
- 2. වේගවත් සුළං
- 3. බුරුල් උපස්ථරය
වරින් වර ජලයෙන් යටවන බුරුල් මඩ සහිත පස
නිසාත් සුළං වේගය වැඩි නිසාත් විශාල ශාක සෘජුව රදවා ගැනිම අපහසුය.
- 4. පාංශු ජලය ලවණ සහිත විම
මේ නිසා පසේ ජලය ඇතත් ශාක වලට ඒවා උරා ගැනිම අපහසුය. බීජ ප්‍රරෝහනයේ පටන් ශාකයක මුලු ජීවන චක්‍රයටම මෙය බලපායි.
- 5. ඉහල උෂ්ණත්වය
වෙරළාසන්න පරිසරයක් බැවින් උන්නතාංශය අවමය. කඩොලාන ඇත්තේ නිවර්ථන ප්‍රදේශ වලය.
උෂ්ණත්වය වැඩිවීමට මේ කරුණු
දෙකම බලපායි.
කඩොලාන වාසස්ථානයේ පෙර කී අහිතකර ලක්ෂණ නිසා සාමාන්‍ය
ශාක වලට එහි වැඩිය නොහැක. එහෙත් කඩොලාන ශාක එම අහිතකර තත්වයන්ට ඔරොත්තු දෙමින් එහි වැඩෙන්නේ ඒ සදහා
වු අනුවර්තන රැසක් ඇති කර ගෙන තිබෙන බැවිනි. රූපිය,කායික විද්‍යාත්මක හා විද්‍යාත්මක වශයෙන්
මෙම අනුවර්ථන කොටස් තුනකට බෙදිය හැක. මේවා අතරින් රූපීය
අනුවර්ථන පමණක් ඉතා කෙටියෙන් පහත දැක්වේ.
1.බුරුල් පසේ ශාක සෘජුව පවත්වා ගැනිමේ අනුවර්ථන
i.
කයිරු මුල්
ii.
කරු මුල්
iii.
රුකුල් මුල්
2.නිර්වායු පස තුල වැඩෙන මූල පද්ධතියට වාතය
ලබා ගැනීමේ අනුවර්ථන
i.
වායුධර මුල්
ii.
දණිස් මුල්
iii.
ශ්වසන මුල්
3.ලවණමය සහ නිර්වායු පසේ බිජ ප්‍රරෝහනයට හා
බීජ පැල ස්ථාවර වීමට දක්වන අනුවර්ථන
i.
ජලාබුජ ප්‍රරෝහනය
ලංකාවේ කඩොලාන බිම් වල මුලු වර්ග ප්‍රමාණය ලෝකයේ මුලු කඩොලාන බිම් වල වර්ග
ප්‍රමාණයෙන් සියයට දශම එකකටත් වඩා අඩුය. එහෙත් වැදගත්ම කරුණ නම් එම ස්වල්ප වූ බිම්
ප්‍රමාණය තුල විසිරී ඇති සත්‍ය කඩොලාන විශේෂ ගණන මුලු ලෝකයේම ඇති සත්‍ය කඩොලාන
විශේෂ ගණනින් සියයට තිස් පහකටත් වඩා වැඩි වීමය.
මුලු ලෝකයේම ඇති සත්‍ය
කඩොලාන විශේෂ ගණන 59 ක් පමණ වන අතර ඉන් විශේෂ 22 ක්ම ලංකාව සතුව පැවතීම විශේෂයෙන්ම සදහන් කල යුතුය.
ශ්‍රී ලංකාවේ විශාලතම කඩොලාන බිම් හමුවන්නේ මඩකලපුව,ත්‍රිකුණාමලය, පුත්තලම ආදී ප්‍රදේශ වලය.
හලාවත,මීගමුව ආදී ප්‍රදේශ වල ඇති කඩොලාන බිම්
විශාලත්වයෙන් දෙවන කොටසට අයත් වේ.
ඒ හැරුණ විට දකුණ හා බටහිර වෙරළේ කඩොලාන බිම් බොහොයමක් වර්ගඵලයෙන් කුඩාය. රැකව
කලපුවේ කඩොලාන ඒ අතරින් විශේෂ ස්ථානයක් ගනී. ඊට හේතුව එහි හෙක්ටයාර් 50 ක් පමණ වු
කඩොලාන බිම් ප්‍රමාණය තුල ලංකාවේ ඇති කඩොලාන විශේෂ 22න් 15 ක්ම අඩංගු විමයි.
- වෙරළ ඛාදනය වලක්වා වෙරළ තීරුව ආරක්ෂා කිරිම
- වෙරළ අලුතින් ගොඩනැගිම
- මසුන් සහ ඉස්සන් කකුලුවන් වැනි සතුන්ගේ ප්‍රජනන බිමක් ලෙස ක්‍රියා කිරීම.
- සුළි සුළං හා අනෙකුත් සුළං වලින් වන හානි අවම කරවන සුළං බාධක ලෙස ක්‍රියාකිරිම.
- සීඝ්‍රයෙන් වද වි යන එහෙත් ඉතා වටිනා ජාන සම්පතකට උරුම කම් කිම.
- විද්‍යාත්මක දැනුම සපයන ස්වාභාවික විද්‍යාගාර විම.
- මත්ස්‍ය සම්පත ලබා දීම.
- දැව සම්පත ලබා දිම.
- ඖෂධ ලබා දිම.
ඉහත කරුණු පිළිබදව සළකා බැලූ විට කඩොලාන ශාක
වැදගත් කමින් රට අභ්‍යන්තරයේ ඇති අනෙක්
කිසිදු වනාන්තරයකට දෙවෙනි නොවේ.
පොත පත
ඇසුරිනි
0 comments:
Post a Comment