December 21, 2017

හැමදාම එන මේ සුලි කුණාටු මොනවාද?

මේ දිනවල මෙතෙක් ලංකාව අත්නොවිඳී කුණාටු තත්වයන්ට කිහිපවරක් මුහුණු දීමට අපට සිදුවිය. මොනාද මේ ඔබ අප මේ දිනවල අත්විදින කුණාටු ඇතිවන්නේ කෙසේදැයි විමසමු.

නිවර්තන සුළි කුනාටුවක මුලික අවස්තාවන් 3ක් ඇත. හටගැනීම, පරිණත අවදිය සහ උත්සර්ජනය යනු එම අවස්ථාවන් තුනයි. උත්සර්ජන අවස්ථාවේදී සුළි කුණාටුවක් මිය යාම සිදුවෙන අතර එය නොනවත්වාම සිදුවෙන ක්‍රියාවලියකි.
සුළි කුණාටුවක ජීවන කාලය ඇතුලත ඉහත අවස්ථාවන් අතරින් එක් අවස්තාවක් කිහිපවතාවක්ම වුවත් සිදුවීමට හැකියාව පවතී. සුළි කුණාටුවක් ගොඩබිමට ඇතුළුවූ විට එම සුළි කුණාටුව දුර්වල වෙන අතර නැවත සාගරය දෙසට ගියවිට එය නැවත ශක්තිමත් වේ.
සුළි කුණාටුවක් නිර්මාණය වීමට සෙල්සියස් අංශක 26.5 ඉක්මවන වියලි සාගරික ප්‍රදේශයක් තිබිය යුතු අතර එම සාගරික කලාපයට ඉහලින් වියලි වාතය වර්ධනය වේ. සුළි කුණාටු තත්වයක් ඇතිවීමට නම් බිම් මට්ටමේ සුළං තත්වයක්ද පැවතිය යුතුවේ. සාගරයට ඉහලින් පවතින වාතය උණුසුම්වී එය ප්‍රසාරණය වී සැහැල්ලු බවට පත්වෙන අතර ඉහල නැගීමක් සිදුවී අනෙකුත් දේශීය සුළං එම ස්ථානයට එක්රොක් වී එම වාතය උණුසුම්වී ඉහල නැගීමක් සිදුවේ. ඉහල නගින එම වාතය තුල සාගරික ජල වාශ්පද පවතින අතර එම වාතය ඉහල නැගීමේදී සිසිල්වී ඝනබවකට පත්වී පහල වායුගෝලය තුල විශාල වලාකුළු නිර්මාණය වේ.
මෙම ක්‍රියාවලිය මෙලෙස නොනවත්වා සිදුවී එම වලාකුළු වැඩි බරකින් යුත් ඝන ස්වභාවයකට පත්වී ඝනී බවන ක්‍රියාවලිය විසින් ජල වාෂ්ප තුල ගැබ්ව තිබූ තාප ශක්තිය නිදහස් වීමට සැලැස්වේ. මේ නිසා සුළි කුණාටුවකට විශාල බලයක් ලැබේ. එහි අවසාන ප්‍රතිපලය වන්නේ ස්වයංපෝෂිත තාප චක්‍රයක් නිර්මාණය වීමයි.එනිසා වලාකුළු තවත් කිලෝමීටර් 15ක් උසට වර්ධනය වීමක් සිදුවේ.
අප පෘතුවියේ භ්‍රමණයෙන් උත්පාදනය වන ශක්තිය විසින්, ඉහල නගින වායු ප්‍රවාහය සුළු කුණාටුවේ කේන්ද්‍රය වටා දගර ගැසීමට සලස්වා සුළි කුනාටුව පරිණත අවදියට පත්කෙරේ.
සුළි කුනාටුවක ශක්තිමත්ම කොටස ඇස ලෙස හඳුන්වන අතර එය භ්‍රමණය වෙන සිලින්ඩරාකාර හැඩයකින් දිස්වෙනවා. දකුණු අර්ධගෝලය තුල සුළි කුණාටුවක් දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන අතර උතුරු අර්ධගෝලය තුලදී වාමාවර්තව භ්‍රමණය වේ.

පෘතුවියේ වායු පීඩනයේ සහ සුළි කුණාටුවේ වායු පීඩනයේ වෙනස මත, සුලි කුණාටුවේ ප්‍රභලත්වය තීරණය වේ. මේ වන විට සුළි කුනාටුවක අවම වායු පීඩනය වාර්තාවී ඇත්තේ මිලිබාර්ස් 877ක් වන අතර,1958 වර්ෂයේදී පිලිපීනයට බලපාපු එම සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 300ක් පමණ අගයක් ගෙන තිබේ.
අව පීඩන තත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වූ පසු සුලි කුනාටුවක ගමන් මග අනුමාන කිරීමට හැකියාව පවතී.සුලි කුණාටුවේ එම ගමන් මග තීරණය කරන ප්‍රධානම සාධකය වන්නේ ගෝලීය සුළං සන්සරණයයි. උණුසුම් සාගරික ජලය විසින් ඊට අවශ්‍ය කරන උෂ්ණත්වය සහ තෙතමනය සපයනතාක්, සුළි කුනාටුව ප්‍රමාණයෙන් විශාලත්වයට පත්වන අතර ගොඩබිමට ඇතුළු වීමේදී එහි බලය හීනවීමක් සිදුවෙනවා.

සුලි කුණාටු ඉහත කී තත්වයන් නිසා හටගන්නා අතර සමහරක් සුලි කුණාටු නිසා ජීවිත හානි දේපල හානි බහුලව සිදුවේ

0 comments:

Post a Comment