December 26, 2015

Wi-Fi වඩා සිය ගුණයකින් වේගවත් Li-Fi (Light Fidelity)

රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණයේ නවතම හුන්වාදීම ලෙස Li-Fi තාක්ෂණය ඉදිරියට පැමිණෙමින් තිබේ. Li-Fi හි ඉතා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය සහා දෘශ්‍ය ආලෝක සන්නිවේදන තාක්ෂණය (visible light communication -VLC) යොදා ගනී. එනම් ආලෝකය  රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය සහා යොදා ගැනීමයි. විද්‍යාඥයින් විසින් පර්යේෂණයන් සිදු කර විද්‍යාගාරය තුළදී තත්පරයට ගිගාබිට්ස් 224 (224 gigabits per second) ක සම්ප්‍රේෂණ වේගයක් ළා කර ගැනීමට සමත්ව තිබේ. ඉදිරියේදී මෙම තාක්ෂණය හේතුවෙන් විශාල තාක්ෂණ පෙරළියක් ඇති වනු ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරයි.

දැනට විද්‍යාගාරය තුළ අත්හදා බලන ලද මෙම තාක්ෂණය කාර්යාල හා කර්මාන්ත පරිසරයන් තුළ ක්‍රියාත්මක කර අත්හදා බැලෙමින් පවතී. එහිදී තත්පරයට ගිගාබයිට්ස් 1ක (1 GB per second) දත්ත සම්ප්‍රේෂණ වේගයක් ළඟා කර ගත හැකි ව තිබේ. එය දැනට භාවිතා කරන Wi-Fi  තාක්ෂණයට වඩා සිය ගුණයකින් වේගවත් වේ.


Li-Fi තාක්ෂණය ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලැබුවේ 2011 වර්ෂයේදී ස්කොට්ලන්ත එඩින්බර්ග් සරසවියේ විද්‍යාඥ හැරල්ඩ් හෑස් විසිනි. ඔහු විසින් single LED  යකින් ලද චලනය වන ආලෝකයක් යොදා ගනිමින් සිදුකළ අධ්‍යනයේදී cellular tower කින් දත්ත සම්ප්‍රේෂණය කරනවාට  වඩා වැඩි

ප්‍රමාණයක්  සම්ප්‍රේෂණය කිරීමට ඔහුට හැකිවිය. කලින් සහන් කළ පරිදි විද්‍යාගාරය තුළදී  ාකර ගත් තත්පරයට ගිගාබිට්ස් 224 ක වේගයක් යනු ගිගාබයිට්ස් 1.5ක චිත්‍රපට 18 ක් තත්පරයක් තුළ බාගත (download) කළ හැකි වේගයයි.


මෙහිදී Li-Fiහා දෘශ්‍ය ආලෝක සන්නිවේදන තාක්ෂණයේදී  (visible light communication -VLC) යොදා ගන්නා මාධ්‍යය වන්නේ ටෙරාහර්ට්ස් 400 ත් 800ත් අතර ඇති දෘෂ්‍ය ආලෝකයයි. මෙහිදී යොදා ගන්නා ආලෝක සංඥා (එනම් විදුලි පන්දමක් on හෝ off කරන ආකාරයට) LED ආලෝකය on හෝ off  කිරීම නියමිත වේගයකින් සිදු කිරීමෙන් ද්විමය කේත (binary code) සම්ප්‍රේෂණය කරනු ලබයි. මෙම LED ආලෝකය චලනය වන වේගය පියවි ඇසට නොදැනෙන අදෘෂ්‍ය එකකි. එබැවින් කාර්යාල , කර්මාන්ත පරිසර තුළ Li-Fi තාක්ෂණය භාවිතය ගැටළුවක් නොවේ. 




Wi-Fi ට වඩා Li-Fi තාක්ෂණය හි වාසිය වන්නේ අධි වේගයයි. එමෙන්ම ආලෝකය බිත්ති හරහා ගමන් නොකරන බැවින් ආරක්ෂාව සලසා ගත හැකි අවස්ථාවක් ලැබේ. තවද උපාංග අතර බාධාද අවම වේ. තවද ආලෝකය සෑම ස්ථානයකම අප භාවිතා කිරීමද වාසියකි. එනම් නිවසක, කාර්යාලයක, වෙළ මධ්‍යස්ථානයක, මහාමාර්ගයක, ගුවන් යානයක් තුළ මෙන්ම වාහන
වලද ආලෝකය භාවිතා වේ.
අනාගතයේදී Wi-Fi තාක්ෂණය සම්පූර්ණයෙන්ම Li-Fi තාක්ෂණය මගින් ප්‍රතිස්ථාපනය නොකර  මෙම තාක්ෂණයන් දෙකම යොදා ගනිමින් වඩා කාර්‍යක්ෂම හා ආරක්ෂාකාරි ජාලයක් භාවිතා කරනු ඇතැයි පර්යේෂකයන්ගේ අදහසයි.
හැරල්ඩ් හෑස් පවසන පරිදි අනාගතයේදී අපට ඇත්තේ බිලියන 14 ක පමණ ආලෝක බල්බ පමණක්ම නොවේ බිලියන 14 ක පරිසර හිතකාමි Li-Fi යෙදවීම් ද ඇතිවන බවයි.


සකස් කළේ - දුෂ්‍යන්ති.එස්. උඩහේන්තැන්න
                        විද්‍යා හා තාක්ෂණ නිළධාරි
                        ඉහළ කෝරළේ
උපුටා ගැනීම -http://www.sciencealert.com/li-fi-tested-in-the-real-world-for-the-first-time-is-100-times-faster-than-wi-fi

1 comments:

adee. ehema unoth ithin SLT package eka thapparen iwaray. ane oka lankawata nm handuwala dennepa nande maame. menna wanda

Post a Comment