December 21, 2015

රසයක් නැති ජලයට රසයක් දෙන කිවුල

පිරිසිදු ජලයට රසයක්,සුවදක් හෝ වර්ණයක් නැත. නමුත් ජලයෙහි කිවුල අන්තර්ගත වීම නිසා ජලයට අමිහිරි රසයක් ලැබෙනු ඇත.මෙසේ ජලයෙහි පවතින කිවුල ජලයේ කඨිනත්වය ලෙසද හදුන්වනු ලැබේ.මෙවැනි වූ කිවුල හෙවත් කඨිනත්වයට හේතු වනුයේ ජලයේ ඇති කැල්සියම් හා මැග්නීසියම් ප්‍රමාණය අධික වීමයි.කැල්සියම් හා මැග්නීසියම් අධික පාෂාණ (හුනුගල්,ඩොලමයිට් ආදී) ජීර්ණය වීමෙන් භූගත ජලයට අධික සාන්ද්‍රණයකින් මේ අයන එක් වේ.කිවුල් ජලය හෙවත් ජලයේ කඨිනත්වය ආකාර දෙකකි.එනම් තාවකාලික කඨිනත්වය හා ස්ථිර කඨිනත්වය ලෙසිනි.තාවකාලික කඨිනත්වය ඇති වනුයේ කැල්සියම් හා මැග්නීසියම් බයිකාබනේට් හේතුවෙනි.මෙය ජලය නටවා නිවීමෙන් ඉවත් කළ හැකිය.ජලය නැටවීමේදී කැල්සියම් හා මැග්නීසියම් බයිකාබනේට සංයොග දියවී පසුව ජලයේ අද්‍රාව්‍ය කාබනේට සංයෝග සාදයි.මේ ජලය පෙරීමෙන් අද්‍රාව්‍ය කාබනේට සංයෝග ඉවත් කර පානයට භාවිතා කළ හැක.එහිදී සිදුවන ප්‍රතික්‍රියාව නම්,

Ca(HCO3)2(aq)  ---------------  CO2 (g) +H2O(l) +CaCO3(s)
Ma(HCO3)2(aq) ---------------  CO2 (g) +H2O(l) +MaCO3(s)

මෙසේ ජලය නටවා ඉවත් කරගත හැකි කඨිනත්වය තාවකාලික කඨිනත්වය ලෙස හැදින්වේ.
ස්ථිර කඨිනත්වය ඇති වනුයේ කැල්සියම් හා මැග්නීසියම් කාබනේට හේතුවෙනි.මෙය ඉවත් කිරීම අපහසුය.
මීට අමතරව ජලයේ දිය වී ඇති සල්පේට,ක්ලොරයිඩ ආදිය ජලයේ කිවුල හෙවත් කඨිනත්වයට බලපෑමක් ඇති කරනු ලබයි.
ජලයේ කඨිනත්වය රසායන විද්‍යාවේදී ප්‍රකාශ කරනුයේ CaCO3 සාන්ද්‍රණය ලෙසිනි.එසේ CaCO3 සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රෑම් 60-120 කි.මෙම ප්‍රමාණය අතර නම් එම ජලය මධ්‍ය කිවුල් ජලය ලෙසත් 120-180mg/L අතර නම් කිවුල් ජලය ලෙසත් 180mg/L ට අධික නම් ජලය අධික ලෙස කිවුල් ලෙසත් ගැනේ.

ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ බොහොමයක් ප්‍රදේශවල ජලය අධික කිවුල් ජලය හෝ කිවුල් ජලය වේ.ජලයේ කඨිනත්වය ප්‍රදේශයට ප්‍රදේශයට වෙන් වන්නේ නම් ඒ එහි ඇති තාවකාලික හෝ ස්ථිර කඨිනත්වය මත පමණකි.එනම් ජලයේ ඇති කැල්සියම් හා මැග්නීසියම් බයිකාබනේට හා කාබනේට සාන්ද්‍රණය මත පමණි.

සකස්කළේ? / උපුටාගැනීම ?

7 comments:

වැදගත් ලිපියක්.ස්තුතියි

කිවුල් ජලය ආම්ලිකද?

ඉතාම වැදගත්.. බොහොම ස්තූතියි 🙏

වැදගත් ලිපියක්..ප්‍රයෝජනවත් උනා..ස්තුතියි !

ළිඳක කිවුල අඩු කරගැනීමට ක්‍රමයක් නැද්ද

බොහෝ විට භාස්මික වෙනව නෙ.... සෝඩියම් භාස්මිකයිනෙ..🙂

Post a Comment