December 28, 2015

විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද නවතම රත්රන් (Gold Aerogel)

රත්රන් වල නවතම ආකාරයක් නිර්මාණය කිරීමට ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. එය සියයට අසූවක් වාතය, කැරට් 20 හි රත්රන් හා කිරි ප්‍රෝටීන් වලින් සමන්විත වේ. මෙය සාමාන්‍ය රත්රන් වල දිස්නය එලෙසම තබා ගැනීමට සමත් වේ. මෙම නව රත්රන් Aerogel ආභරණ සෑදීමට වඩා එයින් ඔබ්බට ගිය අපූරු ගුණාංග පෙන්නුම් කරයි.

රත්රන් Aerogel සාම්ප්‍රදායිකව සකස් කරනු ලබන මිශ්‍ර රත්රන් වලට වඩා දහස් ගුණයකින් සැහැල්ලු වේ. මෘදු බවින් යුක්ත අතර අතින් වුවද හැඩය වෙනස් කළ හැක.විද්‍යාඥ රෆායලී මෙසෙන්ගා පවසන පරිදි "It is lighter than water and almost as light as air.". මෙම පර්යේෂකයන් පවසන පරිදි ත්‍රිමාණ රත්රන් දැලිසක් භාවිතා කරමින් කැරට් 20 හි රත්රන් හා නැනෝමීටර පරිමාණයේ සියුම් කිරි ප්‍රෝටීන කෙි භාවිතා කරමින් මෙය නිෂ්පාදනය කර ඇත. පළමුව කිරි ප්‍රෝටීන කුඩා කෙි (amyloid fibrils) ලැබෙන තෙක් රත් කරනු ලැබේ. ඉන්පසු රත්රන් ක්ෂාරයක මෙය මිශ්‍ර කරනු ලැබේ.මෙම ද්‍රාවණය තුලදී කෙි අතුරගුල් (interlock) වැටී මූලික ව්‍යුහය සකස් වී කුඩා අංශු වලින් වටවුණු රත්රන් අංශු ස්ඵටික බවට පත් වේ. එම මිශ්‍රණය රත්රන් කෙි ජාලයකින් සමන්විත ජෙල් එකක් හා සමානය. 

මීළට පර්යේෂකයන් මුහුණ දුන් අභියෝගය වූයේ මෙම ද්‍රාවණය හි රත්රන් කෙි ජාලය විනාෂ නොවී වියළා ගැනීමයි. එය සරල වායු වියලනයකට වඩා තරමක් අමාරු ක්‍රියාවකි. Supercritical drying යන දිගු ක්‍රියාවකට භාජනය කරමින් එනම් ද්‍රාවණ ඉවත් කිරීමේ නියමානුකූල විද්‍යාත්මක ක්‍රමයක් භාවිතා කරමින් වියළා ගැනීම සිදු කරයි. එම ක්‍රියාව අතරතුර පර්යේෂකයන් විසින් මෙම ද්‍රාවණයට ඉතා කුඩා රත්රන් අංශු එකතු කිරීමෙන් වර්ණය වෙනස්වන බව නිරීක්ෂණය කරන ලදී. තවදුරටත් මෙම ප්‍රතික්‍රියා තත්ව වෙනස් කිරීමේදී රත්රන් මයික්‍රෝඅංශු microparticles ස්ඵටික නොවූවත් නැනෝඅංශු nanoparticles එසේ නොවීය. අවසානයේ එහි ප්‍රතිඵලය වූයේ dark-red gold තද රතු රත්රන් බිහිවීමයි.

ඉහත රූප සටහනේ වම් පැත්තෙන්  පෙනෙනුයේ රත්රන් නොමැති කිරි ප්‍රෝටීන කුඩා කෙි ය(amyloid protein filaments without gold) මැද රූපයේ දක්නට ලැබෙනුයේ මයික්‍රෝඅංශු වලින් යුත් රත්රන් aerogel ය. ( gold aerogel made of gold microparticles) දකුණු පසින් පෙනෙනුයේ නැනෝඅංශු වලින් යුත් රත්රන් aerogel ය.( gold aerogel made from gold nanoparticles)

රත්රන් Aerogel වල ප්‍රකාශ ගුණාංග වෙනස්වීම් නිරීක්ෂණයේදී  පර්යේෂකයන් විසින් වර්ණය වෙනස්වීම මෙන්ම ආලෝකය අවශෝෂණය සහ පරාවර්තනය වේගය මත ද අවධානය යොමු කෙරිණ.

මෙම නව රත්රන් Aerogel දැනට ඇති නව නිෂ්පාදන එනම් ඔරලෝසු ආභරණ නිෂ්පාදනයට එහා ගිය රසායන උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කළ හැක. ඉතා විශාල ක්ෂේත්‍රඵලයක රත්රන් Aerogel වලට සීඝ්‍ර වේගයක රසායන ප්‍රතික්‍රියා පවත්වාගෙන යාමේ පහසුකම සැලසිය හැක.එමෙන්න ඉතා කුඩා සියුම් පීඩන සංවේදක (tiny pressure sensors)ද නිෂ්පාදනය කළ හැක. 

සාමාන්‍ය වායුගෝලීය පීඩනය තුළ රත්රන් Aerogel සන්නායක ගුණ පෙන්නුම් නොකරයි. නමුත් පීඩනය වැඩිකරමින් යන විටදී සංකෝචනය වීමෙන් අංශු අතර ගැටීම නිසා සන්නායක ගුණයක් ඇති වේ.

රත්රන් ඉතා කදිම ලෝහයකි. එය දැනට ඇති නවීන උපකරණ වන ස්මාට්ෆෝන් වල ගණක යන්ත්‍රවල මෙන්ම විවිධ කාර්යයන් සහාද භාවිතා වේ. මෙම නව රත්රන් Aerogel ද අනාගතයේදී  භාවිතා කිරීම් පිළිබවද මේ වන විට විවිධ පර්යේෂණයන් සිදු කෙරෙමින් පවතී. 


සකස් කළේ - ඩී.එස්. උඩහේන්තැන්න
                        විද්‍යා හා තාක්ෂණ නිළධාරි
                        ඉහළ කෝරළේ

උපුටා ගැනීම - 
http://www.sciencealert.com/scientists-have-created-a-new-form-of-gold-that-s-almost-as-light-as-air

http://www.iflscience.com/chemistry/engineers-create-gold-aerogel-thats-almost-light-air

0 comments:

Post a Comment