December 30, 2015

සුනාමි ඇති වීම හා ආපදා අවම කිරීම.





සුනාමි යනුවෙන් හැදින්වෙනුයේ සාගර අභ්‍යන්තරයේ සිදුවන භූමි කම්පාවක් හෝ ගිනිකදු පිපිරීමක් හෝ විශාල ග්‍රහ වස්තුවක් සාගර ජලය මතට පතිත වීමෙන් හෝ සාගර ජලයෙහි ඇතිවන රැලි සමූහයකි. 2014 දෙසැම්බර් 26 වෙනිදා ඇතිවු සුනාමිය මෙතෙක් ලෝකයේ වාර්ථාවී ඇති දරුණුතම හා විශාලම සුනාමියයි. ඉන්දියන් සාගරයේ සුනාමි ඇතිවීම අඩුවන අතර පැසිපික් සාගරය ආශ්‍රිතව සුනාමි ඇතිවීම බහුලව සිදුවේ.
පෘථිවියේ පිටතින් පිහිටා ඇති ශිලාගෝලය භූ තැටි කිහිපයකින් සෑදී තිබීමත් එම භූ තැටි එයට යටින් පිහිටි අර්ධ ද්‍රව තත්වයේ පවතින ද්‍රවය මත පාවෙමින් පැවතීමත් එම භූ තැටි එකිනෙකට සාපෙක්ෂව චලනය වීමෙන් ඇතිවන ගැටුමකදී භූ කම්පන ඇතිවීමත් සුනාමි ඇතිවීම කෙරෙහි බලපායි. භූ කම්පන වල ප්‍රභලතාවය සුනාමි ඇති විම හා ඉන් වන හානිය තීරණය කරයි.
මෙහිදී එක් භූ තැටියක් අනෙක් තැටියේ යටට ගමන් කිරීම නිසා ඉහළින් වූ භූතැටිය එසවීම හා භූමි කම්පාවෙන් නිකුත් වු ශක්තියෙන් සාගර ජලය ඉහළට එසවී මෙම ජලය අධික වේගයෙන් සෑම දිශාවකටම පැතිර යාමෙන් සුනාමි තත්වය ඇතිවේ.
සුනාමි රළ ගැඹුරු මුහුදේදි සෙන්ටිමීටර් 50 ක් තරම් උසින් අඩුය. නොගැඹුරු මුහුදට ලගා වන විට එය උසින් වැඩිවන අතර ඇතැම් විට මීටර් 10 ද ඉක්මවා යා හැක.
සුනාමි ආපදා අවම කර ගැනිමට එහි පෙර ලකුණු පිළිබද අවබෝධය වැදගත්වේ. භූ චලනයන් ඇති වීම මුහුදු ජලය ආපසු ඇදී ගොස් වෙරළෙහි වැලිතලාව වැඩිපුර මතුවිමට පටන් ගැනීම , දියඹෙහි නවතා තිබු බෝට්ටු වැලිතලාව මත පතිත වී ඇති බව දිස්වීම , සතුන්ගේ අස්වාභාවික හැසිරීම් රටා හා මුහුදෙහි ස්වභාවික ඝෝෂාව වෙනස් වි අහස් යානයක් ගමන් කරනවා වැනි දරුණු ශබ්දයක් ඇති වීම ඉන් කිහිපයකි.
එමෙන්ම සුනාමි තත්වයක් ඇති වුවහොත් වෙරළෙන් හා මුහුදට සම්බන්ධ වන ගංගා ,ඇළ මාර්ග ආදියෙන් දුරස් වී හැකි තරම් උස් ස්ථාන කරා ඉක්මනින් ගමන් කළ යුතුය. මිනිත්තු 10 සිට 45 අතර කාලයකදී සුනාමි රැළ නැවත පැමිණිය හැකි බැවින් හා මෙම තත්වය පැය 2 ක් පමණ පැවතිය හැකි බැවින් අනතුරු දායක තත්වය පහව ගොස් ඇති බව සන්නිවේදන මාධ්‍ය මගින් දැනුම් දෙන තෙක් අවදානම් ප්‍රදේශ වලට යාමෙන් වැළකී ආරක්ෂක ස්ථාන වල රැදී සිටිය යුතුය. එමෙන්ම සුනාමි අවස්ථාවකදී මුහුදේ බෝට්ටුවක් තුළ රැදී සිටියේ නම් ගොඩබිමට ඒමට උත්සාය නොකළ යුතුය. හේතුව නම් ගැඹුරු දියේදි සුනාමි රළ වල උස අඩු නිසා එහිදි විය හැකි හානි අඩුවීමයි.
මුහුද ආශ්‍රිතව වැඩෙන කඩොලාන ශාක,වෙරළබඩ ශාක සුනාමි හානිය තරමක් දුරට හෝ අඩු වීමට හේතු වන බැවින් එවන් ශාක ආරක්ෂා කිරීම හා එවන් ශාක වගාවද සුනාමි ආපදා අවම කර ගැනීමට වැදගත්වේ.

සැකසුම-විද්‍යා හා තාක්ෂණ නිළධාරි-බලපිටිය

0 comments:

Post a Comment