December 9, 2015

ආහාර පාලනය කරමු. දියවැඩියාවෙන් වලකිමු.

දියවැඩියාව නැතහොත්  මධුමේහය යනු ශරීරයේ රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි.. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, අධිකව ඇතිවන පිපාසය, ඇස්පෙනීම බොදවීම, බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා ලෙස. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.

දියවැඩියාව රෝගීන් සෞඛ්‍යය ජීවිතයට ආහාර පාලනය ඉතා වැදගත් වේ. අපගේ ප්‍රධාන ආහාර වේල පිෂ්ඨය අඩංගු හෙයින් එය අභියෝගයකි එසේ හෙයින් දියවැඩියාව සෑදුනු පුද්ගලයන් ආහාර පාලය සිදු කිරීම ඉතා වැදගත් වන අතර ඒ සදහා පහතින් දක්වා ඇති උපදෙස් පිළිපදින්න.

පහත සදහන් ආහර මගින් සම්පූරණයෙන්ම වැලකී සිටිය යුතුය.

·        පාන් (පාන්පිටි/තිරිගුපිටි) පාහින ලද සියළුම හාල්වර්ග වලින් සාදන ලද සියළුම ආහාර වර්ග උදා රෝල්ස් , බනිස්, මාළුපාන්, සහ සියළුම පැණිරස ආහාර (කිතුල් හා අනෙකුත්  හකුරු වර්ග , මී පැණි රටඉදි)
·        පැණිරස යොදන ලද රස කැවිලි  උදා. ටොෆි, කේක්, තලගුලි , මස්කට්,පුඩින් වර්ග වටලප්පන්, චොක්ලට්, චුයින්ගම් , ජෑමි වර්ග, ජෙලි, පැණිබීම වර්ග , සීනි දැමූ පලතුරු බීම වර්ග ,  පැසුණු තැබිලි, ග්ලූකෝස්, පැණිරස බිස්කට්,අයිස්ක්‍රීම්, ටන්කිරි මෝල්ටඩ් කිරි වර්ග
·        මේධ අධික ආහාර වර්ග උදා හරක්මස්, ඌරු මස්, එළුමස්,සම සහිත කුකුල්මස්,වෙනස් මස් වර්ග වලින් හා එයින් සාදන ලද ආහාර බිත්තරකහමදය බටර් මාගරින් හා තෙල් වර්ග

සීමිත ප්‍රමාණයෙන් ගත් යුතු කිරි වර්ග

·        ධාන්‍ය වර්ග  රතු හෝ තම්බපු හාල් බත්  රතු හාල් පිටි වලින් සාදන ලද ඉදිඅප්ප පිටිටුතෝසෙ රොටී කුරක්කන් තලප යනාදිය
·        පිටි සහිත අල වර්ග හා එළවළු ආදිය උදා ඉන්නල ,වට්ටක්කා, කිරිඅල ,මයියොක්කා , බතල , අර්තාපල් , කොස් දෙග්, අළුකෙසෙල් , බීට් ,
·        පලතුරු පැපොල් , කෙසෙල් ,(ආනමාළු , ඇම්ඹුම්, පුවාළු, ඇඹුල් ආදි බාගෙට ඉදුණු පළතුරු)
වෙනත් දෑ උදා රටකජු,ඉස්සො , කකුළුවෝ, පොකිරිස්සො , දැල්ලො )

ගත හැකි ආහාර වර්ග
·         සියළුම පලා වර්ග උදා ගොටුකොළ, තම්පලා , මුකුණුවැන්න, නිවිති , කතුරුමුරංගා , කංකුං ආදිය කෙදි ගතිය සහිත කොළපාට සියළුම එළවළු වර්ග
·        ඇඹරැල්ල , පොලොස් , අඹ , කෙසෙල්මුව , කොහුල , තක්කාලි , ගෝවා ලීක්ස් , රාබු, නෝකෝල්, කරවිල , සෝයාමීට් , හාප්මැස්සො , බිත්තර සුදු මදය තේ , කෝපි, කුළුබඩු, අච්චාරු
උදය හෝ රාත්‍රී ආහාරය සදහා /ත හැකි පුධාන ආහාර වර්ග සම ප්‍රමණයන්
නාඩු හෝ තම්බපු සහල් බත් හැදි කෝප්ප 01
හෝ
සහල් පිටි ඉදිඅප්ප 08
හෝ
සහල් පිටි පිට්ටු (සෙ.මී. 3.5 ) කෑලි 03
හෝ
සහල් පිටි රොටී (සෙ.මී.09 )01
හෝ
සහල් පිටි ආප්ප (සෙ.මී.10 ) 06
හෝ
බඩ ඉරිගු කරල් 01
හෝ
කඩල, කවුපි, මුං, හෝ ග්‍රීන්පීස් අඩු කෝප්ප 01
සමග

මාළු අගල් 1 ක කැබැල්ලක්
හෝ
තම්බපු එළවළු කෝප්ප ½
හෝ
අමු එළවළු සලාද කෝප්ප 01
 

මේදය රහිත කිරිපිටි වීදුරු 01
(සීනි හකුරු, රටඉදි නොමැතිව)
කෙසෙල්
(ඇඹුල් , ආනමාළු, හෝ අම්බුම් ½)හෝ
ඇපල් ගෙඩි ½හෝදොඩම් ගෙඩි 01
කුඩා අඹ ගෙඩි 01
(මධ්‍ය පුමාණයේ අඹ ගෙඩි ½)
හෝ
කොමඩු අගල් 02 ක් පළල කැබැල්ලක්
හෝ
අන්නාසි අගල් 02 ක පලල කැබැල්ලක්
හෝ
ගස්ලබු අගල් 02 ක පළල කැබැල්ලක්
හෝ
බාගෙට ඉදුනු පේර ගෙඩි 01
හෝ
පලතුරු සලාද අඩු කෝප්ප 1/2


 



දිවා ආහාරය සදහා ගත යුතු ආහාර වර්ග සහ ප්‍රමාණයන්

තම්බපු සහල් (ඇට දිග වඩාත් සුදුසුයි) නාඩු හෝ කැකුළු බත් අඩු කෝප්ප 1-3 දක්වා
සමග
පිසින ලද එළවළු කෝප්ප ½
හෝ
අමු එළවළු සලාද කෝප්ප ½
සමග
අගල් 01 මාළු කැබලි 01
හෝ
සම ඉවත් කල අගල් 01 කුකුල් මස් කැබලි 01
හෝ
කරවල අගල් 01 කැබැල්ලක්
සමග
කලින් සදහන් කරන ලද පලතුරු වර්ග 01

ප්‍රධාන ආහාර වේල් වලට අමතරව සුළු ආහාර වෙල් ගත යුතු වෙලාවන්
·        උදේ 10
·        සවස 03
·        රාත්‍රී 10
·        ෙම්දය රහිත කිරි වීදුරු 01 (මි.ලී. 250)
·        සීනි නොමැති කිරි තේ එකක් හෝ සීනි නොමැති පළතුරු බීම වීදුරු 01 හෝ ක්‍රීම් කැකර් හෝ බ්‍රෑන්ඩි කැකර් විස්කෝතු 02
හෝ
ඉහත සදහන් බාගෙට ඉදුනු පළතුරු  වලින්  එකක්
ආහාර වේලක අඩංගු විය යුතු සංඝටක ප්‍රධාන කොටස් 03 ට බෙදුවහොත් 1/4 ප්‍රෝටීන් සහ මේදයද 1/4 ක් ධාන්‍ය හා පිෂ්ඨයද  අනෙක් 1/2 එළවළු වලින් සමන්විත විය යුතුය.
·        ආහාරයට එකතු කර ගන්නා ලුණු ප්‍රමාණය හැකි තරම් දුරට අඩු කරන්න ලුණු සහිත ආහාර වර්ග ගැනීමෙන්  වලකින්න
·        උදා කරවල ලුණදෙහි
තෙල් භාවිතය සූදානම් කරන්න

දියවැඩියාවෙන් තොර යහපත් දිවි පැවැත්මක් උදෙසා
*    සෞඛ්‍යමත් ආහාර වේලක්
*    ප්‍රමාණවත් ව්‍යායාම
*    දුම්පානයෙන් වැලකීම
*    මත්පැන් පාලනය කිරීම
*    මානසික ආතතිය
*    අත්‍යවශ්‍යය

Ø දියවැඩියාව පාලනය නොකලහොත්
Ø ඇස් අන්ධවීම
Ø හෘදයාබාධ වැලකීම
Ø අංශභාගය වැලදීම
Ø වකුගඩු අක්‍රිය වීම
Ø අත් පා හිරි වැටීම හා අක්‍රිය වීම

උපුටා ගැනීම
si.wikipedia.org

0 comments:

Post a Comment