December 17, 2015

රසයෙන් ගුණයෙන් අනූන සියඹලා


ලෙගියුම්නෝසියෝ කුලයේ ටැමරින්ඩස් ගණයට අයත් මෙම ශාඛය අපේ රටේ වියලි කලාපයේ බහුලව දක්නට ලැබෙන භෝගයකි. සියඹලා ශාඛය බෝවීම සිදු වන්නේ මේරබීජ මගිනි. ශාඛය වැඩී අවු 13-14 න් ඵල හට ගැනීම ආරම්භ වේ. පත්‍රහැලී ටික කාලයකින් එනම් මාර්තු අප්‍රේල් මාස වල අළුතින් දළු ලා වැඩී මල් හට ගැනීම සිදු වන්නේ අප්‍රේල් සිට ජුනි  අතර කාලයේදීය. ලංකාවේ ගෙවතුවල බහුලව මෙම ශාඛය දක්නට ඇත.
සියඹලා ගසේ නිඡබිම.  නිවර්තන අප්‍රිකාවේ  වන්නට ඇතැයි යන්න වඩාත් ප්‍රකට මතය යි. ප්‍රාග් ඓතිහාසික යුගයේ දී, සියඹලා ශාකය දකුණු ආසියාවට ප්‍රචාරණය වන්නට ඇතැයි සැලකේ. ඉන්දියාව, සියඹලා ශාකයේ නිජ භූමිය වශයෙන් ඇතමුන් පවසති. දකුණු ඉන්දියාවට ආවේණික ශාකයක් වූ සියඹලා වර්තමානය වන විට ඉන්දියාව , පකිස්ථානය, බුරුමය, බෙංගාලය ,ශ්‍රී ලංකාව යන රටවල්වල බහුලව  දක්නට ලැබේ.
සියඹලා කරලෙහි 30% ක් ඇත්තේ සියඹලා ඇටයි සියඹලා ඇටයෙන් 30% පොත්තවන අතර 70% ඇත්තේ ඇටයෙහි මදයයි. සියඹලා ඇටය පොලිසැකරයිඩ් මැලියම්, ටැනින් සහ කුඩු කරන ලද ඇටයේ මැද කොටස (TKP) වැනි වානිජ වටිනාකමින් යුත් නිෂ්පාදන සෑදීමට උපයෝගී කර ගනී. එමෙන්ම සියඹලා බීජයෙන් සුවදක් නොමැති කහපැහැයට හුරු තෙල් ලබා ගත හැක. මෙම තෙල් වාර්නිස් හා තීන්ත නිෂ්පාදනයට යොදා ගනී.

ඉදුණු සියඹලා මිහිරි හා ඇඹුල් රස මිශ්‍රය . එය උෂ්ණාධික ය. සියඹලා බොර, ආහාර රුචිය වඩවයි . පිපාසය සමනය කරයි . සියඹලා බොර විරේචන ගුණයෙන් යුක්තය . පත්‍ර අඹරා ගත් පත්‍ර කල්කය දැවිලි සහිත ඉදිමුමට ආලේප කරයි. වසරක් දෙකක් පමණ පැරණි වූ ඉදුණු ඵල ආමාශයට හා අන්ත්‍රවලට ගුණ දායක ය. මළ බද්දය දුරු කරවයි . අඹරාගත් කොළ තැලුම් , ඉදිමුම්වලට ගෑමට යොදා ගනී . ඉදුණු සියඹලා මද හදවතට ගුණදායකය . සියඹලා දළු හා මල් අතීසාරයට ගුණ දේ . සියඹලා දළු හා මල් ව්‍යංජනයක් ලෙසද ආහාරයට ගනී . සියඹලා මල් ප්‍රදාහ කාරක රෝගවලට ආලේප කෙරේ . මිරිකා ගත් මල් යුෂ රක්ත අර්ශස් රෝගයේදී දෙනු ලැබේ . සියඹලා කුළු බඩුවක් ලෙස ආහාරයට යොදා ගනී. .

. සියඹලා කුඩා ළමුන්ට අනගි විරේක ඔසුවකි . අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩා දැවිලි සහිත රෝග නැසීමේ ශක්තිය සියඹලා සතුය . කෑම අරුචිය , බඩගින්න නොමැතිකම යන‍ මේවාට ප්‍රතිඵල ලබා දෙන පානයකි. සියඹලා බොර පානය, ගෙඩි - වණ, අර්බුද , පිළිකා වලදී සියඹලා ඇට ආලේපය සදහා ගැනේ . සියඹලා ඇට කසට රස යුක්තය . එබැවින් අතීසාර හා විසර්ප රෝග හරණයට අනගි ඔසුවකි . සියඹලා බීජයේ රතු පැහැති කුරුට්ටේ අතීසාර නාසක ගුණ පවතී . බීජ වලින් සැකසූ ඖෂධ උණ , මුත්‍රා , ව්‍යූහගත ආබාධ , සන්ධිගත රෝග , නසයි . පත්‍ර වලින් සකසා ගත් කසාය උගුරේ ආබාධයනට උගුර සේදීම සදහා ගැනේ . අතීසාර රෝගින්ට සියඹලා කොළ ජලයෙන් පොඩිකර ලබා ගත් ආම්ලික සාරය මුත්‍රා ගල් අවස්ථාවලදී භාවිත කෙරේ .
සියඹලා භෂ්මය (දවාගත් අළු) වෙනත් භෂ්ම සමඟ මිශ්‍ර කර ප්‍රයෝනයට ගනී ඉදුණු සියඹලා කරලේ පොතු ලවන ලෙස ඖෂධ පිණිස ගත හැක . විටමින් සී ඌනතා රෝග අවස්ථාවලදී සියඹලා බොර සීනි යොදා සකස් කර ගත් ශිරප් දෙහි යුෂ සමඟ පානය කරයි . සියඹලාකොළ අමු කහ සමඟ තම්බා ගත් ජලය කුෂ්ඨ , දැවිලි ආදී අවස්ථා වලදී සේදීමට ගනු ලබයි . සියඹලා කොළ තැවිල්ල වාත වේදනා දුරු කරයි. කුළුබඩු හා ඖෂධයක් ලෙස එක්වන සියඹලා ශාක‍යේ පත්‍ර , කරල් , පත්‍ර ස්වරසය , පොතු ආදී කොටස් අරුචිය , පිපාසය , බඩ කැක්කුම, මල බද්ධ,අතීසාර, ආමවාත වාතාබාධ , විවිධ ප්‍රදර රෝග , උණ ශුක්‍ර දෝෂ , ස්වප්න දෝෂ, කුෂ්ඨ, සර්ප විෂ, අධික දහඩිය දැමීම, කැස්ස යනාදී රෝග ගණනාවකට වෙනත් ‍ඖෂධ සමඟ උපයොගි කර ගනී .
සියඹලා බොර පවස නිවන පානයකි .ආහාර කල් තබා ගැනීමේදී අතීතයේ පටන්ම සියඹලා කරල්යොදා ගෙන තිබේ . අනිකුත් පළතුරු වර්ග හා සසඳන කල සියඹලා කරල් සතු සීනි හා ආම්ලික කොටස ඉහළ අගයක පැවතීම විශේෂයකි . ජෙලි, සිරප්, අච්චාරු හා ආහාර සමඟ ගන්නා කටුක රසැති සුප් පිළියෙළ කර ගැනීම සඳහා ඉන්දියාවේ වැඩි වශයෙන් සියඹලා කරල් භාවිතයට ගැනේ .
මෙයට අමතරව සියඹලා බීජයෙන් විවිධ ආහාර වර්ග නිෂ්පදනය කරනු ලබයි. එනම් සියඹලා පල්පය සියඹලා ක්ෂණික බීම සියඹලා අච්චාරු සියඹලා සිරප්, සියඹලා  දෝසි සියඹලා චටිනි සයඹලා සෝස් සියඹලා ජෑමි , සියඹලා ටොෆි යන නිෂ්පාදනයන් සිදු කරනු ලබයි.
ක්ෂණික ආහාර සහ කෘතිම ආහාර ප්‍රවර්ධනය වෙමින් පවතින කාලයක ඖෂධීය වටිනාකමකින් හෙබි සියඹලා පරිභෝජනය කිරීම තුලින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා උපකාරි වන බව මෙමගින් පෙන්වා දිය හැක.

උපුටා ගැනීම
si.wikipedia.org
baladakshaya.blogspot.com

කාර්මික තාක්ෂණ ආයතනයෙන් තොරතුරු සේවා අංශයෙන්මුද්‍රිත අත් පොත

0 comments:

Post a Comment