December 31, 2015

විදුලිය නිපදවන සපත්තුවක්


සපත්තුවකට සවි කළ හැකි ඇවිදින විට විදුලිය උත්පාදනය කර ගත හැකි උපකරණයක් ජරිමානු පර්යේෂකයන් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ. 
බැටරි භාවිතා නොවන මෙම උපකරණය ඉලෙක්ට්‍රොනික සංවේදක එක් කර නිර්මාණය කර තිබේ. ඇවිදීමේදී විදුලිය ක්‍රම ද්විත්වයකට උත්පාදනය කළ හැකි උපකරණ දෙකක් මෙම පර්යේෂණ කණ්ඩායම නිර්මාණය කර තිබේ. ඉන් පළමු වැන්න වන්නේ “ෂොක් හාවස්ටර්“ය. ඉන් විදුලිය උත්පාදනය වන්නේ සපත්තුවේ අඩිය පොළවේ වදින අවස්ථාවේදීය. අනෙක වන්නේ “ස්විංග් හාවස්ටර්“ ය. ඉන් විදුලිය උත්පාදනය වන්නේ පාදය බිම වැදීමෙනි. මෙම ක්‍රමයේදී පර්යේෂකයන්ට තවමත් උත්පාදනය කිරීමට හැකිව ඇත්තේ මිලිවොට් 3 සිට 4 දක්වා ප්‍රමාණයකි. එම ප්‍රමාණය ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් චාජ් කර ගැනීමට තරම්වත් ප්‍රමාණවත් නොවන විදුලි ප්‍රමාණයකි. ඇවිදීමේදී ජනනය කර ගත හැකි විදුලි ප්‍රමාණය වර්ධනය කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ජර්මනියේ HSG-IMIT පර්යේෂණ ආයතනයේ ක්ලෙවිස් යිලි පවසයි. 
ඒ කෙසේ වෙතත් සංවේදක අඩංගු මෙම සපත්තුව දිවි ගලවා ගැනීම වැනි අනතුරැදායක රැකියා කරන්නවුන්ට වඩාත් යෝග්‍ය බව මෙම පර්යේෂණ කණ්ඩායම පවසයි. එනම් හදිසි අනතුරකදී නොදන්නා ස්ථානයක් කරා යන දිවි ගලවා ගැනීමේ සේවකයන් සිටින ස්ථානය මෙම සපත්තුවේ සංවේදක හරහා දැන ගැනීමට ඇති හැකියාවයි.

උපුටා ගැනීම- නව යුගය සගරාව 

සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල



0 comments:

Post a Comment