December 9, 2015

ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ස්නේක්ස් ඇන්ඩ් ලැඩර් ක්‍රීඩාව

ස්නේක්ස් ඇන්ඩ් ලැඩර් ක්‍රීඩාව , ෂූට්ස් ඇන්ඩ් ලැඩර් ක්‍රීඩාව යනුවෙනුත් සමහරුන් හඳුන්වනවා. මෙය කුඩා දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර, දෙදෙනෙකු අතර හෝ ඊට වැඩි ගණනක් ක්‍රීඩකයන් යොදා ගෙන මෙම මෙම බෝඩ් ක්‍රීඩාවේ යෙදෙන්නට පුළුවන්.

 නිශ්චිත කොටු ගණනක් මෙම බෝඩ් රාමුව තුළ ඇති අතර, දාදු කැටයක් උඩ දැමීමෙන් ලැබෙන ලකුණු අනුව කොටුවලින් ඉදිරියට යාමට අවස්ථාව හිමි වෙනවා. මෙහිදී ඉනිමඟක් ඇති කොටුවකට සම්බන්ධ වූ විට එම ඉනිමඟේ ඉහළ කෙළවර ඇති කොටුවකට සම්බන්ධවූ විට එම ඉනිමඟේ ඉහළ කෙළවර ඇති කොටුවකට යා හැකිය. නයෙකුගේ පෙණය සහිත කොටුවකට වැටුණු විට නයාගේ වල්ගය කෙළවර දක්වා පහතින් ඇති කොටුවකට යාමට සිදු වෙනවා. සාමාන්‍යෙයන් මෙම රාමු තුළ කොටු 8×8, 10×10, 12×12 ප්‍රමාණවලින් යුක්තයි. මෙහි බටහිර ආකාරය බිහිවී ඇත්තේ එංගලන්තයේ වික්ටෝරියානු සමයේ වන අතර, මෙය ඉපැරණි ඉන්දීය ක්‍රීඩාවක් වූ දස පාද ක්‍රීඩාවට සම්බන්ධ යයි සැලකිය හැකිය. ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ පමණ මෙම ක්‍රීඩාවේ ආරම්භය සිදු වූවායයි සමහර ඉතිහාසඥයන් විශ්වාස කරනවා.

    දසපාද යන්නෙහි සංස්කෘතික භාෂාවෙන් හැඳින්වෙන්නේ 10×10 කොටු ක්‍රීඩාව යන්නට සමාන අර්ථයක් වන අතර මෙය සම්මත චෙස් ක්‍රීඩාවේ වෙනත් ආකාරයකට සමානයි.

සකස්කළේ:
විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,
ගම්පහ 

0 comments:

Post a Comment