December 31, 2015

ආහාරද මාරක රෝග ඇති කරයි

ආහාර නිසා ඇතිවන රෝග විවිධාකාරය. උසස් තත්වයේ ආහාර තුළද බැක්ටීරියා, වෛරස, පරපෝෂිතයන් අඩංගු විය හැක. එමගින් ආහාර දූෂණයවේ. ආහාර තුළ රසායනික ද්‍රව්‍ය හෝ ස්වභාවයෙන්ම ඇතිවන විෂ වර්ග තිබිය හැක. 

ආහාර විෂවීම් ඇති කරන බැක්ටීරියා වර්ග කිහිපයක් ඇත. ලිස්ටෙරියා මොනොසයිටෝජිනේස් බැක්ටීරියා විශේෂය මගින් ලිස්ටෙරියෝසිස් නමැති රෝගය ඇතිවේ. එම බැක්ටීරියාව අඩංගු ආහාර අනුභව කරන ඝර්භනී මව්වරැන්ගේ කුස තුළ සිටින දරැවන් මිය යාමටද පුලුවන. එහි ක්‍රියාකාරිත්වය හේතුවෙන් කුස තුළ සිටින දරැවන් නොයෙකුත් රෝගවලින් දුර්වල තත්වයට පත්වීමට ඉඩ ඇත.

ආහාර විෂවීම ඇති කරන අනෙකුත් බැක්ටීරියාව වනේ ඊ කෝලයිය. මෙම බැක්ටීරියාව මිනිස් අන්ත්‍ර තුළ දක්නට ඇත. 

මිනිසාට හානි කර විපත් ගෙනෙන අනෙක් බැක්ටීරියා විශේෂය වන්නේ සැල්මොනෙල්ලා බොන්ගොරි හා සැල්මොනෙල්ලා එන්ටෙරිකාය. මෙම බැක්ටීරියා නිසා ඇතිවන රෝගී තත්වයන් මිනිසාට මරණය පමුණුවන්නටද හේතුවේ. 

ආහාර විෂවිම් ඇති කරන වෛරස අතර නොරෝ වෛරස ප්‍රධාන වේ. මෙය ශරීරගතවූ විට ඇතිවන රෝගී තත්වය මැඩලීම ඉතා අපහසුය. සංඛ්‍යා ලේඛන අනුව මිලියන 267ට ආසන්න පිරිසක් සෑම වසරකම මෙම වෛරය ශරීරගතවීමෙන් ලෙඩවේ. මෙයින් ලක්ෂ දෙකක් පමණ ජීවිතක්ෂයට පත්වේ.
මීට අමතරව එන්ටරෝ වෛරය, හෙපටයිටිස් ඒ වෛරසය, හෙපටයිටිස් ඊ වෛරසය, රෝටෝ වෛරසය ආදියත් ආහාර සමග මිනිස් සිරැරට ඇතුලුවේ. මෙම වෛරස මිනිස් ජීවන ගමන් මග් කෙටි කරන්නට සමත්වේ.

සකස්කළේ/උපුටාගැනීම?

0 comments:

Post a Comment