December 9, 2015

Smarty මුද්ද













Smarty මුද්ද මගින් කිසියම් හස්ත සංඥාවක් ලබාදීමෙන් වෙනත් උපකරණවල විවිධ කටයුතු පාලනය කිරීමේ හැකියාවක් ඇත. Smart ෆෝන් ටැබ් ආදිය ඇප් එකක් මගින් සම්බන්ධ කිරීමෙන් බිලූටූත් තාක්ෂණය හරහා මෙය සිදුකරයි. දුරකථන ඇමතුමක් ලැබෙනවිට එය දැන්වීමටත් පුළුවනි.

Smarty මුද්ද අයත් වන්නේ පැළදියහැකි තාක්ෂණික උපාංග(Wearable’s)ගණයටයි. විවිධ සමාගම් මගින් විවිධ මෝස්තර සහිත Smarty මුදු නිපදවා ඇති අතර මහපටගිල්ලේ පැලැදිය යුතු ආකාරයට සකස්කල මුද්ද Fin Ring වන අතර සාමාන්‍ය කාන්තා මුද්දක් ලෙස Ringly මුද්ද සකස්කර ඇත. වීදුරු,පිගන් මැටි භාවිතාකර සියුම් මෝස්තර රැසකින් සකස් කර ඇත. ජලය තුල 50m ගැඹුරකදී වුවද මෙයට ක්‍රියාකල හැකියි. රූපවාහිනී,වායු සමන ආදී ගෘහස්ත උපකරණ හස්ත සංඥා මගින් පාලනය කිරීමටද හැකිවන පරිදි මෙම තාක්ෂණය දියුණු වෙමින් පවති.

උපුටා ගැනීම - https.//www.mota.com/doi-smart-ring සහ පොතපත ඇසුරින්

ඉදිරිපත් කිරීම - J.M.A.S ජයලත්, විද්‍යා හා තාක්ෂණ නිළධාරී,කුණ්ඩසාලේ

0 comments:

Post a Comment