December 26, 2015

ඝන කාබන් වල නවතම සොයා ගැනීම - Q-carbon

පර්යේෂකයන් විසින් ඝන කාබන් වල නවතම අවස්ථාවක් (new phase of solid carbon )සොයා ගැනීමට සමත්ව ඇත. Q-carbon ලෙස හැින්වෙන මෙය මගින් කාමර උෂ්ණත්වයේදී සහ සාමාන්‍ය වායු පීඩනයේදී ලාබදායි දියමන්ති නිෂ්පාදනය කළ හැකි වීම තවත් විශේෂත්වයකි.
සාමාන්‍ය ඝන කාබන් ගැෆයිට් සහ දියමන්ති (known solid phases of carbon: graphite and diamond) අවස්ථාවන් ලෙස සැලකිය හැකි අතර මෙම නවතම අවස්ථාව සුපිරි  ගුණයන් පෙන්නුම් කරයි.
ඝන කාබන් වල තුන්වන අවස්ථාවක් සොයා ගැනීමට මැදිහත් වූ පර්යේෂණ කණ්ඩායමේ නියමු පර්යේෂකයා වන උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ ජේ නාරායන් පවසන පරිදි මෙම Q-carbon ස්වභාවික ලෝකයේ හමුවිය හැක්කේ සමහර ග්‍රහලෝක වල( in the core of some planets) ගර්භ අභ්‍යන්තරයේ බවයි.
මෙම Q-carbon වල සතු ගුණාංග පිළිබව විද්‍යාඥයින් විවිධ පර්යේෂණ සිදුකර ඇති අතර එය දියමන්ති වලට වඩා තද බවින් යුක්ත වන අතර ඉතා අඩු ශක්ති මට්ටමකදී දාහ්‍ය ගුණාංග පෙන්නුම් කරන බව අනාවරණය කර ගෙන ඇත. ගැෆයිට් සහ දියමන්ති වලට නැති ෆෙරෝමැග්නටික් ගුණයක් Q-carbon සතු වේ. Q-carbon හි ශක්තිය හා low work-function හේතුවෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීමේ හැකියාව ඇත. එබැවින් Electronic Display Technologies ක්ෂේත්‍රයේ දියුණුව සහා ද Q-carbon භාවිතා කළ හැකි අවස්ථාව උදා වී ඇත. 
Q-carbon  වානිජව වඩා වැදගත්ම වන අවස්ථාව වන්නේ ඉතා අඩු වියදමකින් හා අඩු පරිශ්‍රමයකින් කෘතිම දියමන්ති නිෂ්පාදනය කළ හැකි වීමයි. මේවා විශේෂයෙන් වෛද්‍ය  හා තාක්ෂණික ක්ෂේත්‍රයේ යොදා ගැනීම් වලදී ප්‍රයෝජනවත් වේ. සාමාන්‍යයෙන් කෘතිම දියමන්ති නිෂ්පාදනය සඳහා තාපය සහ පීඩනය වැඩි වශයෙන් යෙදිය යුතු වුවත් කාමර උෂ්ණත්වයේදී සහ සාමාන්‍ය වායු පීඩනයේදී Q-carbon මගින් කෘතිම දියමන්ති නිෂ්පාදනය කළ හැක.



විද්‍යාඥයින් විසින් පළමුව වීදුරු හෝ ප්ලාස්ටික් පොලිමර් උපස්ථරයක් ගෙන එහි amorphous carbon (නියමිත ස්ඵටික ව්‍යුහයක් නැති කාබන් ) ආලේප කර එහි කෙටි ලේසර් කිරණ ගැටීමට සලස්වන ලදී. උෂ්ණත්වය සෙල්සියස් අංශක 3727 ආසන්නයට රත් කිරීම හා නැවත ඉක්මණින් සිසිල් කිරීම මගින් Q-carbon තුනී පටලයන් නිර්මාණය කරයි. මෙලෙස කෙටි ලේසර් කිරණ ගැටීමට සලස්වන කාලය හා සිසිල් කිරීම මිශ්‍රව සිදු කිරීමෙන් කෘතිම දියමන්තිද නිෂ්පාදනය කළ හැකි බව පර්යේෂකයන් පෙන්වා දේ.
මෙමගින් වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන නැනෝ නීඩ්ල්ස් (diamond nanoneedles) , මයික්‍රෝනීඩ්ල්ස්(microneedles), නැනෝඩොට්ස්(nanodots), large-area diamond films නිෂ්පාදනය කර ගත හැකි අතර ස්විච high-temperature switches and power electronics, නිෂ්පාදනය කර ගත හැක. නැනෝ නීඩ්ල්ස් (diamond nanoneedles) හා මයික්‍රෝනීඩ්ල්ස්  (microneedles) ඉතා ඉහළ වෛද්‍ය තාක්ෂණයන් සහා යොදා ගන්නා අතර නැනෝඩොට්ස් (nanodots) ඉතා කුඩා ව්‍යුහයන් වන අතර සුපිරි කුඩා චුම්භක හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍ර නිර්මාණය කළ හැකි බැවින් ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කළ හැකි අතර ආලෝක විමෝචක උපාංග ලෙසද භාවිතා කළ හැක.
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම Q-carbon හා කෘතිම දියමන්ති නිෂ්පාදනය ඉදිරියේදී තාක්ෂණික ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කරනු ඇති බව පර්යේෂකයන් පවසයි.
සකස් කළේ - ඩී.එස්. උඩහේන්තැන්න
                        විද්‍යා හා තාක්ෂණ නිළධාරි
                        ඉහළ කෝරළේ
උපුටා ගැනීම -

0 comments:

Post a Comment