December 17, 2015

පානීය ජලයේ අනාගතය ප්‍රති ආස්‍රැතියයි.

මෙම තාක්ෂණය මගින් සිදුවන්නේ වරණීය පාරගම්‍ය පටල (Selectively Permeable membranes) මගින් ජලය පෙරා ගැනීමයි.මෙම පටලය තුලින් ජල අණු ගමන් කලද ලවණ අණු වලට ගමන් කළ නොහැක.මෙම පටල ඉතා තුනීය.ක්‍රියාකාරී පොලිඒමයිඩ මගින් තැනී ඇති මෙවැනි පටලයක ඝණකම මයික්‍රොමීටර් 0.2 ක් පමණ වේ.මෙය කෘතීමව සකස් කරන ලද ඉතා සියුම් සංගත පටලයකි.මෙම පටලය ආස්‍රැති පීඩනයට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇති අතර පොලිඒමයිඩ පටලයේ ඇති සිදුරක විශාලත්වය නැනෝමීටර 0.6 කට වඩා අඩුය.එබැවින් ලවණ අයන රැදී ඉක්මණින් ජල අණු අනෙක් පසට යෑමේ හැකියාව පවතී.එක් පසකින් ජලය අධික පීඩනයකින් පවතින අවස්ථාවේදී පටලය තුලින් අනෙක් දෙසට ජල අංශු ගලා යෑම සිදුවන අතර අධික ලෙස සාන්ද්‍ර ගත වූ ලවණ අයන එක් පසකය එකතු වේ.ආස්‍රැති පීඩනයට විරුද්ධව මේ අයන ගමන් කරවීම නිසා මෙම තාක්ෂණික ක්‍රම වේදය ප්‍රති ආස්‍රැතිය ලෙස හදුන්වනු ඇත.

මෙම ක්‍රියාවලිය ප්‍රධාන අවස්ථා පහක් ඔස්සේ සිදුකරනු ඇත.

මුලින්ම පීඩනයක් ඔස්සේ ලබා ගන්නා ජලයේ වූ මයික්‍රොමීටර 1 ට වඩා වැඩි මැටි අංශු වැනි අවලම්භිත ද්‍රව්‍ය ඉවත් කරනු ලැබේ.(Particle Filtration)
ඉන්පසු ක්ෂුද්‍ර පෙරණ (Micro Filtration) ක්‍රියාවලියෙන් නැනෝමීටර් 50 ට වැඩි අණු හෝ අයන ඉවත් කරනු ලබන අතර තව දුරටත් ක්ෂුද්‍ර අවලම්භිත අංශු සහ බැකිටීරියා වෙන් කරනු ලබයි.
මෙසේ පෙරනු ලබන ජලය නැවතත් අති ක්ෂුද්‍ර -පෙරනයකින් (Ultra Filtration) පෙරන අකර මේ සදහා භාවිතා වන්නේ අර්ධ පාරගම්‍ය පටලයකි.මෙහිදී නැනෝමීටර් 3 කට වැඩි අණු සහ අයන ඉවත් වන අතර ප්‍රධාන වශයෙනි වෛරස්,බැක්ටීරියා සහ ක්ෂුද්‍ර අවලම්භිත අංශු ඉවත් වේ.
ඉන්පසු නිනිති පෙරනය (Nano Filtration) හරහා නැනෝමීටර් 1 ට වඩා වැඩි බහු ආරෝපිත අයන පෙරා ඉවත් කරනු ලබයි.අවසානයේ දී පෙරිමේ ක්‍රියාවලිය අවසන් වන්නේ නැනෝ මීටර් 0.1 ට වඩා වැඩි ඒකාරෝපිත අංශුන්ද ජලයෙන් ඉවත් කරමිනි.(Hyphen Filtration  )
අවසාන පෙරීමේ ත්‍රියාවලි තුනම අර්ධ පාරගම්‍ය පටල හරහා ප්‍රති ආස්‍රැතියට ලක්වන නිසා එයට පෙර ජලය මෘදු කරනු ලබයි.මේ සදහා රසායනික මෘදුකයන් (Softener)  භාවිතා කරමින් ජලයේ දිය වි ඇති කැල්සියම්,මැග්නීසියම් අයන ඉවත් කරනු ලබයි.
ප්‍රති ආස්‍රැතියෙන් නිපදවෙන ජලයෙහි තවදුරටත් ක්ෂුද්‍ර ජීවීන් ඇත්නම් පාරජම්බුල කිරණ යොදා ගනිමින් එය හරණය කරනු ලැබේ.
අවසානයේ ප්‍රති ආස්‍රැතිය මගින් පෙරීමෙන් පසු ඇතිවන සාන්ද්‍රගත ජලය ජල ප්‍රතිකාරකයක් මගින් (Treatment plant) පරිසරයට එක්කල හැකි ප්‍රශස්ත මට්ටමට ගෙනවිත් පරිසරයට නිදහස් තරනු ලැබේ.
මෙසේ සිදුකරනු ලබන ප්‍රති ආස්‍රැතිය මගින් ජල පිරිපහදුව ජල හිගයට ඉතා හොද විසදුමක් වුවද මෙහි අහිතකර තත්වයන්ද දැකිය හැක.
විශේෂයෙන්ම මෙහිදී බොහොමයක් ඛණිජ ලවන ඉවත්වීම නිසා ශරීරයට අවශ්‍ය ඛණිජ ලවන අහිමි වීම මෙහි ඇති ප්‍රධානම ගැටළුවකි.මෙය දිගු කාලීනව ශරීරයට සෞඛ්‍ය ගැටළු ඇති කල හැකිවේ.එසේම අඩු සාන්ද්‍රණ ජලය පානය කිරීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඛණිජ ලවන මේ ජලයට ඇද ගැනීමට ඉඩ ඇත.ඒ තුලින් ශරීර ගත ලවන සාන්ද්‍රණය අඩු වීමක් විය හැක.එසේම මෙම ජලය භාවිතයෙන් කරන ලද ඉවුම් පිහුම් වලදී එළවළු , පළතුරු වලින් ඛණිජ ලවන ඉවත් වීමට හේතු වන බව පර්යේෂකයින් පවසනු ඇත.එසේම ආස්‍රැති පීඩනයට එරෙහිව ජලය පෙරීම නිසා මෙ ක්‍රියාවලියට අධික ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.එබැවින් මෙය අධික වියදම් සහිත ක්‍රම වේදයකි.මෙහිදී භාවිතා කරනු ලබන පටලයද අතිශයින්ම මිල අධිකය.

කෙසේ වෙතත් වර්තමානයේ සාගර ජලය (නිර්ලවනීකරණය) මෙම ක්‍රියාවලිය මගින් පිරිසිදු බීමට ගත හැකි ජලය බවට පත් කරනු ලබයි.මෙය උද්ගත වී ඇති ජල ප්‍රශ්නයට විසදුමක් වනු ඇත.         


0 comments:

Post a Comment