December 31, 2015

ඖෂධීය ගුණයෙන් පිරි කටුවැල් බටු

උද්භිද විද්‍යාත්මකව සෝලගම් සැන්තොකාපම් (Solanum xanthocarpum)  නමින් හැදින්වෙන මෙම පැලෑටිය සොලනේසියේ කුලයේ සෝලනම් ගණයට අයත් වේ. මෙය ඉතා සුළු වශයෙන් කාෂ්ඨීය වන අතර පොලව මත පැතිර වැඩෙන ශාඛයකි.  පත්‍ර ඛණ්ඩිකා වලට බෙදී ඇති අතර නාරටි පැහැදිලිව දර්ශනය වේ. ශාඛයට ආවේනික වූ කහ පැහැති තියුණු කටු කදෙහි පත්‍ර නටුවේ හා පත්‍ර නාරටි වල විසිර පවතී. පුෂ්ප දීප්තිමත් දමි පැහැයෙන් යුක්ත වේ. එලය ගෝළාකාරය එය සෙ.මී.1 – 1.5 පමණ විශ්කම්භයකින් යුක්ත වේ. ඵලය නොමේරූ අවධයේදී කොළ පැහැයෙන් යුක්ත වන අතර මේරීමේදි ක්‍රමයෙන් කහ පැහැයට හැරේ.
කටුවැල් බටු එහි නමට උචිත ලෙසින් තියුණු කටුවලින් යුක්ත පොළොව බදා ව්‍යාප්ත වන වියලි කලාපයේ පහසුවෙන් වගා කළ හැකි ශාකයකි. ඉන්දියාවේ කාන්තාර ආශි‍්‍රතව පරිසරවල ස්වභාවිකව පැතිරී ඇති අතර ශාකය ඖෂධයක් ලෙසද වගා කරයි. ලංකාව, ඉන්දියාව හා බුරුමය කටුවැල් බටු ශාකයේ නිජබිම ලෙස සලකනු ලබන අතර මේවා වැවීමට වියළි දේශගුණය බෙහෙවින්ම බලපායි. අතීතයේ දී ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි ප‍්‍රදේශවල හේන් වගාවක් ලෙස තිබී ඇත. සමහර ප‍්‍රදේශවල ස්වභාවිකව දක්නට ලැබේ. ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි කලාපයේ නිසරු මුඩු බිම්වල සරුවට වැඩේ.බීජ මගින් පහසුවෙන් බෝ කර ගැනීමේ හැකියාව ඇත. කහ පැහැයට හැරුණු හොඳින් මේරූ කටුවැල් බටු ගෙඩි වලින් වෙන් කරගන්නා බීජ හොඳින් සෝදා මඳ පවනේ වියළා ගත යුතුය. කල්තබා ගැනීමට අවශ්‍ය නම් ගෙඩිවලින් බීජ වෙන්කර ගබඩා කරගත යුතුය.දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රය සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය වැදගත් ඖෂධ පැළෑටියක් ලෙස කටුවැල් බටු  හැදින්විය හැක.
තවාන් වලදී මෙන්ම ක්ෂේත්‍රෙය් පැළ සිටුවීමේදීද දියමලන් කෑම වැනි රෝග තත්වයන් හට එමෙන්ම කටුවැල්බටු ශාඛයට එපිලැග්නා කුරුමිණියාගෙන් හානි පැමිණේ. මෙම කුරුමිණියාගේ කීටයා පත්‍ර කා දමන  අතර එය සිදු කරනුයේ දහවල් කාලයේදීය.  මීට අමතරව කොළ කන දළඹුවන් කුරුමිණියන් යුෂ උරා බොන කෘමීන් පත්‍ර සිදුරු සාදන්නන් ශල්ක කෘමීන්ගෙන් වර්ධන අවධියේදී බොිගයට හානි පැමිණේ.
පළිබෝධ භාවිතය අධික ලෙස තෙතමනයට ඔරොත්තු නොදීම නිසා රෝග බෝවීමේ හැකියාව වැඩිය. නියමිත පරිදි වගාවට ආරක්‍ෂාව සැලසීම මගින් රෝග කාරක වල බල පැවැත්මක් නොවේ. රෝගවලට ප‍්‍රතිකාර ලෙස රසායනික කෘමිනාශක වලින්් තොරව ස්වභාවික ප‍්‍රතිකර්ම යොදා ගැනීම ඉතාමත් යෝග්‍ය වේ. ඒ සදහා කොහොඹ ඇට වලින් සාදාගන්නා ස්වභාවික කෘමි නාශකය යොදා ගැනීම වැදගත් වේ.ශාකයේ වැඩීමට කාබනික පොහොර යොදාගනු ලබයි. බීජ පැළ කිරීමේ සිට අවසානය දක්වාම රසායනික පොහොර භාවිතා නොකරයි.
වගා කරන ක‍්‍රමයබීජ මගින් පහසුවෙන් බෝ කරගත හැකිය. කහ පැහැයට හැරුණු හොඳින් මේරූ කටුවැල් බටු ගෙඩිවලින් වෙන් කරගන්නා බීජ හොඳින් සෝදා මද පවනේ වියළා ගත යුතුය. කල් තබා ගැනීමට අවශ්‍ය නම් ගෙඩි වලින් බීජ වෙන්කර ගබඩා කර ගත යුතුය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලදී මෙම බෝගය ඉතා විශාල වශයෙන් කසාය සාරය නිපදවිමට උපයෝගී කර ගනී . මෙම ශාඛයෙන් ලබා ගන්නා කසාය සාරය සෙම ඉවත් කර ගන්නා ඉතා හොද ඖෂධයක් මෙන්ම විශේෂයෙන් ඇදුම කැස්ස උණ රෝග සදහා ඉතා හොද ඖෂධයක් වේ. මෙයට අමතරව පපුවේ වේදනාව පාද කසමින් ඝ්‍රාවයන් ගැලීම ආහාර අරුච්ය මග හරවා ගැනිමට  ප්‍රධාන සංඝටකයක් ලෙස යොදා ගනී. ඉන්දියාව වැනි රටවල කටුවැල් බටු ශාඛයෙන් ලබා ගන්නා යුෂය ගොනොරියා වැනි සමාජ රෝගවලට හා මෞත්‍ර ලිංගික රෝග වලට ඖෂධයක් ලෙස භාවිතා කරයි.
මෙම ශාඛය ඖෂධීය වටිනාකමකින් හා ආර්ථික වටිනාකමකින් යුක්ත බව උක්ත කරුණු අනුව ඔබට පැහැදිලි වේ.

tharunaya.co.uk/
www.danuma.lk

0 comments:

Post a Comment