December 8, 2015

තොරතුරු තාක්ෂණ කෙෂ්‍ත්රයේ අනාගතයේ සිදුවිය හැකි වෙනස්කම්

v Quantum Computers

ඉලෙක්ට්‍රොණික පරිගණක මෙන් නොව මේවා මගින් එකම වේලාවකදී වැඩි තොරතුරු ප්‍රමාණයක් සිය ජාලය හරහා සකස් කොට ඉදිරිපත් කල හැකිය.

 v Smart phone
අපගේ සුපිරි පරිගණකය බවට අනාගතයේ මෙය පත්වේ. ණය කාඩ්පත් හදුනාගැනීමේ හා සාමාජික දත්ත Smart phone දත්ත අතර රැදවිය හැකි වේ. ජංගම දුරකථන ජාලයකට සම්බන්ද කරමින් ඇගිලි තුඩට තොරතුරු සියල්ල ලබාදේ.

 v කථාකරන පරිගණකය
Key board / Touch pad / Mouse නැතිව කථා කිරීම තුලින් පරිගණකය හා සම්බන්ද වන අතර විවිධ  භාෂාවන් සමග සාර්ථකව එකිනෙක සම්බන්ද වීමේ හැකියාව මෙම තාක්ෂණය මගින් ලබාදෙයි.

 v Terabit ජාලය
දශක 2 ක් ඇතුළත අප නිවස තුලදීම Terabit ජාලයට සම්බන්ද වීමේ හැකියාව උදාවනවා ඇත. වසර 25 ක් ඇතුළත ලෝකයේ ග්‍රහයන් අතර හුවමාරු කරගත හැකි ජාලයක්ද (Inter planetary) 100% කින් වර්ධනය වීමට අවස්ථාව ඇත. අජටාකාශය තුල Inter planetary ජාලයට අවතීරණ විය හැකි අතර එමගින් පෘථිවියේ සෑම වර්ග අගලකටම Broad Band පහසුකම් ලබාදිය හැක.

v Smarter
මෙම ජාලයෙන් ඉතා ඉක්මන් සේවාවක් ලබාගැනීමේ හැකියාව පමණක් නොව Multiple wireless  තාක්ෂණයද අන්තර්ගත වේ.

v ජාල සියල්ල (Network) පූර්ණ ලෙස සෑම කොටසක්ම Programme කර ගැනීමේ හැකියාව අනාගතයේ ඇතිවේ.
v අන්තර්ජාලයෙන් වෙළදපොල
අනාගතයේදී IPV 6 අනාගත පරම්පරාවන්ගේ Internet protocol මගින් ලොව පුරා ව්‍යාපාරකයින් සහ ප්‍රජාවට සීමාවක් නොමැති ලිපිනයන් සඳහා ඉඩකඩ ලබාදෙයි. 

v ගබඩා කිරීමට වැයකල යුතු මුදල ඉතා අවම වන අතර අපගේ ජීවිතයේ සෑම විනාඩියක්ම පටිගත කර තැබිය හැකිය. ඒ සඳහා වැයවන්නේ ටෙරාබයිට් කිහිපයකි.

v සියල්ල Digitalized වී අන්තර්ජාලය මගින් සියළුම තොරතුරු ලබාගත හැකිය. මිනිසාට අවශ්‍ය සෑම තොරතුරක්ම Digitalized කර අන්තර්ජාලය හරහා සොයා බලාගැනීමේ (අතීතයේ සිට වර්තමානය දක්වා ස්කෑන් කර) අවස්ථාව උදාවේ. සියළු වැඩසටහන් 3D කරණයට අනුව ලබා දේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ Smart phone එකක් පමණි.


v 3D  Tele presence
සෑම පරිගණක උපාංගයක්ම අනාගතයේදී 3D වේ.


v පරිගණක ප්‍රශ්ණ විසදනවා පමණක් නොව ප්‍රශ්ණ හටගැනීමද වලක්වාලයි.

සකස්කළේ,
H.E.B.සංජිව ,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

1 comments:

ageyi igena gaththa yamak

Post a Comment