December 9, 2015

ලොව ප්‍රථම "සයිබර් ශාකය"

 ස්වීඩනයේ ලින්කොපින් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට ශාකයක් තුල ක්‍රියාකාරි ඇනලොග් සහ ඩිජිටල් ක්‍රියාකාරිත්වයන් සහිත පරිපථයක් සොයාගැනීමට සමත්වෙති.

එම විද්‍යාඥයින් විසින් තෝරාගත් රෝස පැලයක සෛලම වාහිනී තුලට ඇතුල් කරන ලද අධි සන්නායක බහු අවයවිකයක් වන PEDOT-S නම් බහු අවයවිකය මේ පරිපථයේ ප්‍රධාන විදුලි රැහැන ලෙස ක්‍රියාකරයි. එය සෙන්ටිමීටර් 5 කට වඩා සෛලම වාහිනිය තුල ස්ථානගත වෙමින් සෛලමය වටා පිහිටි විද්‍යුත් විච්‍ජේදය හා සම්බන්ධ වෙමින් විද්‍යුත් රසායනික ට්‍රාන්සිස්ටරයක් ලෙස ක්‍රියාකිරීමට සමත්බව එම විද්‍යාඥයින් සොයාගෙන ඇත. මෙයට අයනික සංඥාවන් ඉලෙක්ට්‍රෝනික ප්‍රතිදානයන් බවට පත්කිරීමට හැකියාවක් ඇත. ශාකයේ ස්වාභාවික රසායනික ක්‍රියාකාරිත්වයට මෙමගින් හානියක් සිදුනොවන බවද ඔවුහු පවසති.
                 තවදුරටත් පර්යේෂණ සිදු කරමින් වෙනත් PEDOT-S බහු අවයවිකයක් පත්‍ර වලට ලබාදී විද්‍යුත් විභවයක් ලබාදුන්විට එය ශාක පත්‍ර වල අයන හා අන්තර්ක්‍රියා කර එහි වර්ණය වෙනස් කරගනියි. මෙය යම් ආකාරයක ඉලෙක්ට්‍රෝනික උපකරණයක තිරය හා සමාන ප්‍රදර්ශක ක්‍රියාකාරිත්වයක් ලෙස දැකිය හැක.
  
උපුටා ගැනීම - පොත පත හා wwwifl.science.com/ Technology/Scientist/develop/first liber plant   


                                                                                                            J.M.A.S. ජයලත්
                                                                                                           විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
                                                                                                           කුණ්ඩසාලේ
                                                                                       

0 comments:

Post a Comment