December 30, 2015

දිවියට ප්‍රබෝධයක් දෙන කුරුදු පානය

කුරුදු අපේ ලාංකේය මුළුතැන්ගෙයි අදටත් නැතුවම බැරි ස්වාභාවික රසකාරකයකි.ලෝකයේ කුරුදු අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේත් අපේ රටයි.එනමුත් ලංකාවේ නොව ,කුරුදු මෙකල බටහිර පුවත් මවන්නෙකු බවට පත්ව ඇත්තේ එහි ඇති අමිල ඖෂධ ගුණ හේතුවෙනි.
කුරුදු වලට ඖෂධීය ගුණාංගයන් ලබා දෙන්නේ එහි අන්තර්ගත සක්‍රිය රසායන රාශීයක් හේතුවෙනි.
විශේෂයෙන් ඉයුජිනෝල්,සිනමැල්ඩිහයිඩ් යන ස්වාභාවික වාෂ්පශීලී සංයෝග මෙහි අන්තර්ගත වීම නිසා කුරුදු වලට විශේෂ වූ සුවදක් ලැබී ඇත.තවද පොටෑසියම්,කැල්සියම්,මැග්නීසියම්,යකඩ,තුන්තනාගම් සහ මැංගනීස් යන පෝෂක කුරුදු පොත්තෙහි අන්තර්ගතය.එබැවින් රස කාරකයක් ලෙස යොදා ගැනීම තුලින් අපේ ආහාරයට පෝෂක එකතු වනු ඇති අතර ආහාරයට සුවදක් එකතු කිරීමට උදවු වනු ඇත.
එසේම චිකිත්සක ඖෂධයක් ලෙසද කුරුදු භාවිතා කරනු ලැබේ.එහිදී ආහාර අරුචිය,බඩ පුරවා දැමීම,ඔක්කාරය,අජීරණය ආදී අවස්ථා වලදී කුරුදු අනු පානයක් ලෙස පාවිච්චි කරනු දක්නට ලැබේ.
කුරුදු රුධිර සීනි යාමනයක් ලෙසද ක්‍රියා කරනු ලැබේ.දවසකට කුරුදු ග්රැම් 1,3,6 ක් වශයෙන් දින 40 ක් කුරුදු පානය ලබා දිමෙන් දියවැඩියා රෝගීන්ගේ රුධිර සිනි මට්ටම සියයට 18-29 අතර  ප්‍රමාණයකින් අඩු වන බව පරීන්ෂණ වලින් පෙන්වා දී ඇත.එමෙන්ම ශරීරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමටද හේතුවන බව පෙන්වා දී ඇත.
තවද කුරුදු මගින් ශරීරයේ මේදය දහනය කරන බවත් සොයාගෙන ඇත.


කුරුදු වල Polyphenol නැමති රසායනිකය ප්‍රභලව ඇති නිසා මෙය ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනු ලැබේ.මුක්ත ඛණ්ඩක මගින් සෛලීය මට්ටමෙන් ශරීරයට හානි  කරන හානි වැලැක්වීමට මෙම  Polyphenol රසායනය උපකාරී වේ.මේ නිසා ශරීරය වයසට යාම පාලනය කරමින් තරුණ පෙනුම රැක ගැනිමට ඉවහල් වනු ඇත.
Cinnamaldehyde යනු කුරුදු වල ඇති තවත් රසායනයකි.මෙමගින් ශරීරයේ ලේ තුනී කිරීමේ හැකියාව වැඩි කරයි.මේ නිසා රුධිරනාල අවහිරවීම ,අංශභාගය ඇතිවීම කුරුදු නිසා වලක්වනු ලැබේ.
තව ආහාර මාර්ගයේ සුනම්‍යතාවය ඇති කිරීම මගින් ආහාර මාර්ගයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට කුරුදු උදවු වනු ඇත.

මෙවැන් වූ අපි නොහිතන ආකාරයේ ස්වාභාවික තුරු ඖෂධයක් වන කුරුදු වල ඇති මහත් ඖෂධීය ගුණය වැඩි වැඩියෙන් පානය කිරීමෙන් අපගේ හෙට දවස සෞඛ්‍යමය වශයෙන් ඉදිරියට යනු නොඅනුමානය.
සකස්කළේ/උපුටාගැනීම?

0 comments:

Post a Comment