December 8, 2015

නිවසට එහා ගිය ගෙදරක්........

       Eco capsule ලෙස හදුන්වනු ලබන මෙය ස්ලෝවැකියානු ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සංවර්ධනය කරනු ලැබූ අව්ව, වැස්ස සමග හුදකලා වූ අපූර්වතම නිර්මාණයකි.අඩි 14.5 ක දිගින් හා ටොන් 1.70 ක බරින් යුත් මෙය පර්යේෂණ මධ්‍යස්ථානයක්,ආපදා සහන නිවහනක් ලෙසට ද භාවිතයට ගත හැක. තැනින් තැනට රැගෙන යා හැකි ලෙස නිර්මාණය කර ඇති මෙහි දෙවන පරම්පරාව 2016 දී මංගලාවතරණයට නියමිතයි.මෙම එක් ecocapsule යක් තුල දෙදෙනෙකු සදහා නිදන කුටීරයක් , මුළුතැන්ගෙයක්,වතුර මලක්, පමණක් නොව විදුලි පිටවානක් පවා ස්ථානගත කර ඇත.
     එසේම තවත් විශේෂත්වයක් වන්නේ ජලය භාවිතා නොකරන වැසිකිලි පද්ධතියක් මේ සදහා නිර්මාණය කර තිබීමයි.මෙම ecocapcule ය තාප හානිය අවම කර ගැනීම සදහා බිත්තර හැඩයකින් යුතුව නිර්මාණය කර ඇත්තේ ඇළුමිනියම් හා පොලි කාබනේට් ස්ථර දෙක අතරට aerojel නැමැති පරිවාරක ද්‍රව්‍ය යෙදීමෙනි.
බල සැපයුම හා ගබඩා කර ගැනීම....    
     මේ සදහා වොට් 750 ක සුලං ටර්බයිනයක් හා වොට් 600 ක සූර්ය පැනල පද්ධතියක් උපයෝගී වේ.මේවායින් ලබා ගන්නා ශක්තිය වොට් පැය 9744 ක බැටරියක් ආරෝපණයට යෙදවේ.එය දින 5 කට සෑහේ.බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය වූ විට සූර්ය පැනල මගින් ලැබෙන විකල්ප බලශක්තිය උපයෝගී කර ගෙන ජලය රත් කිරීමේ කටයුතු ද සිදුකරනු ලබයි.
ජලය
    වැසි ජලය සෙරමික් පෙරහනක් උපයෝගී කරගෙන පෙරා ගැලුම් 145 ක ටැංකියකට එකතු කරගනු ලැබේ.එම ටැංකිය මෙම නිවහනේ යට කොටසේ පිහිටා තිබේ.මෙම ටැංකිය සම්පූර්ණයෙන් ජලයෙන් පිරුණු විට දී එමගින් සති තුනක් පුරා පුද්ගලයන් දෙදෙනකුගේ ජල අවශ්‍යතා සපුරයි.වතුර මලෙන් හා සින්ක් මගින් බැහැර වන ජලය විදුලි පොම්පයක් ආධාරයෙන් පොම්ප කර විෂබීජ හා බැක්ටීරියා නසා නැවත එම කාර්යයන් සදහාම යොදා ගනී.විදුලි බලය අඩු අවස්ථාවන් වලදී අත පොම්පයක් මගින් ඉහත කී කාර්යයන් සිදු කර ගත හැක.

දැකුම්කළු අතුරු මුහුණත
     ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ ටැබ්ලටයකින් පාලනය වන මධ්‍යම පරිගණකය නිරතුරුවම ජල හා බලශක්ති මට්ටම් නිරීක්ෂණය කරනු ලබයි.එසේම සවි කර ඇති සංවේදක මගින් වර්ෂාපතනය,ආර්ද්‍රතාව හා උෂ්ණත්වය වැනි සාධකයන් පිළිබදව වාර්තාවක් තබා ගනු ලබයි.සුලග අඩු සූර්යාලෝකය අඩු කාල වලදී එම පද්ධතිය මගින් අභ්‍යන්තර කටයුතු වලට අවශ්‍ය ශක්තිය සීමා කර බලශක්ති සංරක්ෂණයක් ස්වයංව සිදු කර ගනී.
Popular science ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා.
විද්‍යා හා තාක්ෂණ නිළධාරි,
මීගමුව. 

0 comments:

Post a Comment