December 30, 2015

ගූගල් ක්වොන්ටම් පරිගණකය

ගූගල් සමාගම ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ක්වොන්ටම් පරිගණක ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු හුවමාරු කරමින් පවතී. මෙය නාසා ආයතනය හා එක්ව සිදු කරනු ලබන ව්‍යාපෘතියකි. තාක්ෂණික සමාගම් පවසන පරිදි මෙම D-Wave 2X quantum computing machine ට සාම්ප්‍රදායික පරිගණක චිපයට වඩා  100,000,000 වාරයක වේගයකින් ක්‍රියාකිරීමේ හැකියාව ඇත.එනම් දැනට භාවිතා කරන ලැප්ටොප් පරිගණකයට වඩා මිලියන සිය ගුණයක් වේගවත්ය. එය අනාගතයේදී (processing power) ශක්තිය අපහරණයේ විශාල වෙනසක් ඇති කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ක්වොන්ටම් පරිගණක භාවිතයේදී (ක්වොන්ටම් යාන්ත්‍රණය හා සම්බන්ධතාවක් ඇති) ක්වොන්ටම් බිට්ස් හෙවත් qubits හි 1, 0 මෙන්ම 1, 0 දෙකම එක විට රවා තබා ගත හැක. බිට්ස් වල එය එසේ

නොවේ. කාලගුණ වාර්ථා ඉදිරිපත් කිරීම, රසායන විශ්ලේෂණය වැනි දත්ත හුවමාරු විශාල වශයෙන් සිදුවන, විශාල දත්ත ගැටළු විසීමට සිදුවන එනම් ගණිත ඇල්ගොරිතම වැඩි වශයෙන් භාවිතා කිරීමට සිදුවන අවස්ථාවලදී ක්වොන්ටම් පරිගණක භාවිතය වැදගත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

තවමත් විවිධ පර්යේෂණ මට්ටමේ පවතින මෙම ව්‍යාපෘතිය මගින් ගූගල් සමාගම පවසන පරිදි ක්වොන්ටම් පරිගණකය නිර්මාණය කිරීම විද්‍යාව හා තාක්ෂණයේ පර්යේෂණයන්ට හරවත් බලපෑම් ඇතිකළ හැකි තවත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි බවයි.භෞතික විද්‍යාවේ ඉහළ දැනුමක් නොමැතිව මෙම ක්වොන්ටම් පරිගණකයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම තරමක් අපහසු කටයුත්තකි. නමුත් පර්යේෂකයින් සාමාන්‍ය පරිගණක චිපයන් සහ D-Wave 2X සන්සන්දනය කරමින් පර්යේෂණ ගණනාවක් සිදු කළ අතර එහිදී මෙම ක්‍රියාකාරීත්වයේ අධි වේගය පිළිබව නිරීක්ෂණය කරන ලදී. නමුත් මෙම පර්යේෂකයන් පවසන පරිදි මෙහි ප්‍රතිඵල හුවමාරු කරගත්තද සම්පූර්ණයෙන්ම හුන්වාදීමට තව කාලය ඇති බවත් මෙම පර්යේෂණයන්හි විස්මිත ප්‍රතිඵල අනාගතයේ ප්‍රායෝගික තාක්ෂණයන් ඉදිරිපත් කිරීමට උනන්දුවක් ඇති කරන බවත්ය.

ක්වොන්ටම් පරිගණක න්‍යාය ඉතා හො වුවත් එය ප්‍රායෝගික තාක්ෂණයට ගැලපේද යන්නට තහවුරුවක් ලැබෙන තෙක් පර්යේෂකයන් නිරන්තර පර්යේෂණවල යෙදෙමින් සිටී. ඒවගේම D-Wave 2X සත්‍ය වශයෙන්ම ක්වොන්ටම් පරිගණකයක්ද යන්න විවාදයට ගැනෙමින් පවතී. තවද ක්වොන්ටම් පරිගණක පිළිබඳව නිරන්නර පර්යේෂණ වල යෙදෙන විද්‍යාඥයින් මෙන්ම IBM සහ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම්ද ගූගල් සමග තරකාරීව එක්වෙමින් සිටී. ඔවුන් සියළු දෙනාගේ අභිලාෂය වන්නේ ඉදිරි වසර 10 තුළදී මෙම සත්‍ය ක්වොන්ටම් පරිගණක ක්‍රියාකරනු දැකීමයි.
 

සකස් කළේ - ඩී.එස්. උඩහේන්තැන්න
                        විද්‍යා හා තාක්ෂණ නිළධාරි
                        ඉහළ කෝරළේ

උපුටා ගැනීම -


 

0 comments:

Post a Comment