December 7, 2015

නැනෝ තාක්ෂණය හා එහි ප්‍රගමනය

නැනෝ තාක්ෂණය පිළිබදව මුල්වරට ලොවට හෙලි කලේ නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥයෙකු වූ රිචඩ් ෆේමන් මහතායි. 1959 වර්ශයේදී කැලිෆෝණියා තාක්ෂණික ආයතනයේදී ඔහු ඉදිරිපත් කරන ලද යටිපැත්තේ තවත් බොහෝ ඉඩ ඇත. (There is plenty of room at the bottom ) දේශණයේ පරමාණු අණු එක් රැස්කර උපාංග සෑදීම පිළිබද අදහස් ගබ්ව තිබිණි.

එම දේශණය තුලදී ඔහු ස්වභාවිකව පවතින ජීව විද්‍යාත්මක පද්ධති (ජීව සෛල) අතිශය කුඩා වුවද ඉතාම කාර්යශීලී බවත් ඉතා ආශ්චර්යජනක නිර්මාණ ස්වභාවිකව සිදුකල හැකි බවත් පෙන්වා දුන්නේය. එබැවින් මිනිසාට එවැනි කුඩා පරිමාණයේ නිර්මාණ සිදුකල හැකි වුවහොත් පුදුමාකාර නිර්මාණ බිහිකල හැකි බව ප්‍රකාශ කලේය.
ශ්‍රී ලංකාවේ නැනෝ පිළිබද අධ්‍යයන හා පර්යේෂණ සිදුකරන ආයතනය - SLINTEC (Sri lanka Institute of Nano Technology) ශ්‍රි ලංකා නැනෝ තාක්ෂණ ආයතනයයි. මෙය 2008 වසරේ ජාතික විද්‍යා පදනම සහ තවත් ආයතන එක්ව ක්‍රියාවට නැංවුවකි. නැනෝ යන්නේ තේරුම බිලියනයකින් කොටස අර්ථවත් කිරීමටයි. නැනෝ පරිමාණය යනු 1nm – 100nm පරාසයයි නැනෝ ව්‍යුහයන් නිපදවීම හා වර්ගීකරණයේ ක්‍රමවේදයන් භාවිතයට ගැනීම නැනෝ තාක්ෂණය ලෙස හදුන්වයි.
මෑතක සිට නැනෝ තාක්ෂණය පිළිබද කථා කිරීම ආරම්භ වුවද අතීතයේදීද සිදුකල නිර්මාණවල මෙම තාක්ෂණය දක්නට ඇත. එනම් ලයිකගස් බදුන (මෙහි ඇතුලතින් හා පිටතන් වර්න 2 ක් දිස්වන්නේ මේ සඳහා රන් හා රීදී නැනෝ අංශු බාවිතා කිරීම නිසයි), ඩැමස්කස් කඩුව නිර්මාණයටද නැනෝ නාලිකා (Nano Tubes) බාවිතා කරමින් නිපදවා ඇත අතීතයේ භාවිතා කල මැටි ගඩොල් නිර්මාණය කර ඇත්තේ ද නැනෝ තාක්ෂණය භාවිතයෙනි කුඩා නැනෝ මැටි අංශූන් එකතු වී ගඩොල් නිර්මාණය විය.
ස්වභාවය ධර්මය තුලද නැනෝ තාක්ෂණය දැකගත හැකිය. එනම් නෙලුම් කොළය වේ. මේ මතට ජලය බින්දු කිහිපයක් වැටුනු විට ඒවා කොළය මත ඉහිරී නොගොස් ලිස්සා ඉවතට වැටෙයි එයට හේතුව ඉතා සියුම් නැනෝ පරිමාණයේ කොටස් එක්වීමෙන් නෙලුම් කොලය නිර්මාණය වී ඇති නිසාය. සමහර සමනලයින්ගේ තටු වලද නැනෝ ව්‍යුහයන් දැකගත හැකිය. තටු නිර්මාණය වී ඇත්තේ ස්ථර වශයෙන් සකස් වූ නැනෝ අංශු වලිනි. ඒවා අතර පරතරය වෙනස් වන විට අපට පෙනෙන වර්ණයද වෙනස් වේ. තවද හූණා ගේ පාදවල නැනෝ සැකැස්මක් පවතී. හූණගේ එක් පාදයක නැනෝ කෙදි 500000 ක් පමණ ඇත එක් කෙන්දක නැනෝ චූෂණ කොටස් සියගණනක් ඇත. ඒ අනුව එක් පාදයකින් නිවුටන් 100 ක පමණ ඇදීමේ බලයක් ලැබේ.
මේ දේවල් දෙස බලා එම තාක්ෂණය භාවිතා කර විවිධ නිර්මාණ මේ වන විට ලොව පුරා සිදුකර ඇත. 
·        දූෂිත වායු පිරිපහදු කරන තීන්ත
මේ සඳහා TiO2 නැනෝ අංශු භාවිත කරයි. විෂ වායු උරා ගැනීම හා බැක්ටීරියා විනාශ කිරීමටද මෙම තීන්ත වලට හැකියාව ඇත.

·        වාහන සඳහා තීන්ත.
නෙලුම් කොළයේ මෙන් ව්‍යුහයක් වාහන මතුපිට පැවතීම නිසා ජලය, දූවිලි, සීරීම් වැනි දේට ප්‍රතිරෝධය දක්වයි.
·        සුවකල නොහැකි රෝග සඳහා පිළියම්.
මේ වන විට ඒඩ්ස්, පිළිකා, අම්ල පිත්ත රෝගය වැනි රෝගවලට සාර්ථක පිළියම් සොයා ගැනීමට හැකිව ඇත.

·        නැනෝ රෙදිපිලි.
·        නැනෝ නාලිකා (Nano Tubes)

මෙමගින් මිනිසාගේ පරිභෝජනයට අවශ්‍ය බොහෝ නිෂ්පාදන සිදුකල හැකිය.

ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ඇගලුම්, කෘෂි කර්මාන්තය, බළශක්ති හා වෛද්‍ය උපකරණ යන අංශ වලින් පරීක්ෂණ සිදුකරගෙන යයි. කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන පොහොර වලින් 70% ක් ශාක වලට උරා‍ නොගන්නා නිසා යූරියා පොහොර සෙමින් නිදහස් වන  පොහොරක් ලෙස ශාක පෝෂණයට භාවිතා කිරීමේ ක්‍රම වේදයකුත්, ගබඩා කිරීමේදී හා ප්‍රවාහණයේදී සිදුවන පසු අස්වනු තාක්ෂණ දුර්වලතා මග හැරීම සඳහා ආවරණයක් (මෙමගින් බෝග නරක් නොවී කල් තබා ගැනීමද සිදුවේ) සහ සාම්ප්‍රදායිකව රබර් කිරි කර්මාන්තයේ යෙදෙන්නන් සඳහා වූ පොල්කටුව වෙනුවට භාවිත කල හැකි නැනෝ ආවරණයක්, නැනෝ ටයර් සාර්ථකව ශ්‍රී ලංකාවේ නිපදවා ඇති අතර නැනෝ ටයර් හා පොහොර සඳහා මේ වන විට පේටන්ට් අයිතියද ලබාගෙන ඇත. මීට අමකරව තවත් බොහෝ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

මෙහි ඇති  දුර්වලතා ලෙස මෙම තාක්ණය යොදාගෙන මහා පරිමාණ භයානක විනාශ සිදුකල හැකි යුධ අවි හා රසායනික අවි නිෂ්පාදනය කල හැකි වීම පෙන්වා දිය හැකිය. මෙවන් අවිවලින් සිදුවන හානි පරම්පරා ගණනාවකට බලපැම් එල්ලකල හැකිය. තවද නැනෝ අංශු ඉතා කුඩා නිසා සම තුලින් ශරීරගත විය හැකි අතර එමගින් විවිධ අසාත්මිකතා, පිළිකා ඇති වීම සිදුවිය හැක. තවද මෙම නැනෝ අංශු පසට එකුතු වීමෙන් නැවත වියෝජනය නොවන  නිසා ස්වාභාවික සමතුලිතතාවයද බීදී යා හැකිය.
සකස්කළේ,
H.E.B.සංජිව,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

සටහන:
නැනෝ (නිනිති) තාක්ෂණය පිළිබද වැඩි විස්තර සහිත සිංහල පොතක් මෙම Link එකෙන් ඔබට කියවිය (බාගත) හැකිය.

http://scienceforallofus.blogspot.com/2011/01/book-on-nanotechnology.html

0 comments:

Post a Comment