
නිවසේ භාවිත කරන රසායන ද්‍රව්‍ය
අපගේ ශරීර ගතවීමට වැඩි ඉඩක් පවතින අතර පරිසරයට ද අහිතකර සංයෝග ඇතුළත් විය හැකිය.විශේෂයෙන්
ආහාර සදහා එක් කරනු ලබන රසායන ද්‍රව්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

නිවසේ භිවිත කරන
සෙසු රසායන ද්‍රව්‍ය කෙරෙහිද අපි සැලකිලිමත් විය යුත්තෙමු. මෙවැනි විවිධ රසායන ද්‍රව්‍ය
භාවිතයෙන් පසුව එක් වන්නේ පරිසරයට ය. ඒවායින් පරිසරයේ වෙසෙන සෙසු ජීවීන්ට හා
පරිසරයට හානි වේ.
මේ කරුණු අනුව සැලකූ විට හැකිතාක් දුරට මෙවැනි රසායන ද්‍රව්‍ය අවම ප්‍රමාණවලින් භාවිත කිරීම හා සාපේක්‌ෂ ව පරිසරයට හා සෞඛ්‍යයට හිතකර වූ හරිත රසායන ද්‍රව්‍යවලට යොමු වීම යෝග්‍ය ය. මෙවැනි පිරිසිදු කිරීමක් හරිත පවිත්‍රකරණය (green cleaning) ලෙස හැඳින්වේ. හරිත ඵලදායිතායේදී මෙය ඉතා වැදගත් වනු ඇත.
මේ කරුණු අනුව සැලකූ විට හැකිතාක් දුරට මෙවැනි රසායන ද්‍රව්‍ය අවම ප්‍රමාණවලින් භාවිත කිරීම හා සාපේක්‌ෂ ව පරිසරයට හා සෞඛ්‍යයට හිතකර වූ හරිත රසායන ද්‍රව්‍යවලට යොමු වීම යෝග්‍ය ය. මෙවැනි පිරිසිදු කිරීමක් හරිත පවිත්‍රකරණය (green cleaning) ලෙස හැඳින්වේ. හරිත ඵලදායිතායේදී මෙය ඉතා වැදගත් වනු ඇත.
අපට ගත හැකි පියවර කිහිපයක්
හැකි සෑම විමට නිවසේදී
පිළියෙළකරගන්නා ආහාර පරිභෝජනයට හුරුවීම.
කෘත්‍රිම බීම, බෝතල් වතුර
වෙනුවට නිවසේ උණු කර නිවාගත් පානීය ජලය
භාවිතය.
නිවසේ සියලු ස්‌ථාන නිතර හොඳින් පිරිසිදු කිරීමෙන් ඒවා අපවිත්‍ර වීම හා කෘමීන් වැනි සතුන් බෝ වීම වළක්‌වා ගැනීම.
නිවසේ සියලු ස්‌ථාන නිතර හොඳින් පිරිසිදු කිරීමෙන් ඒවා අපවිත්‍ර වීම හා කෘමීන් වැනි සතුන් බෝ වීම වළක්‌වා ගැනීම.
අපිරිසිදු බොහෝ දේ ජලය
යොදාගැනීමෙන් පිරිසිදු කළ හැකි ය. අවශ්‍ය නම් සාමාන්‍ය සබන් ස්‌වල්පයක් යොදාගැනීම
සුදුසු ය. කෑම බදුන් සබන් යෙදූ පසු එම සබන් ඉවත් වනතුරු සේදීම අත්‍යවශයය. විම්
භාවිතයේදී එම ද්‍රව්‍ය ඉවත් වනතුරු සේදීම අත්‍යවශයය.

විවිධ බඳුන් හා පොළොව පිරිසිsදු කිරීමට පවිත්‍රකාරක (cleaning agen) ලෙස යොදාගන්නා විවිධ ආකාරයේ රසායනික ද්‍රව්‍ය පරිසරයට එක් වීමෙන් කිසියම් බලපෑමක් ඇති වන නිසා ඒ වෙනුවට හැකිතාක් දුරට ස්‌වාභාවික පිරිසිදුකාරක යොදාගැනීමට හැකි ය. නිදසුනක් ලෙස ගත හොත් බේකින් සෝඩා, විනාකිරි හා දෙහි යුෂ වැනි ද්‍රව්‍යයක් හෝ මේවායේ මිශ්‍රණයක් මේ සඳහා යෝග්‍ය ය.
වාත නැවුම්කාරක (air freshners) භාවිත කිරීම වෙනුවට අදාළ ගන්ධය පැමිණෙන මූලාශ්‍රය සොයා එය නැති කර දැමීම යෝග්‍ය යග එසේ ම අදාළ ස්‌ථානයට අවශ්‍ය වාතාශ්‍රය සැපයීම වඩාත් සුදුසය. අනෙක් අතට ඒ සඳහා ස්‌වාභාවික සුවඳකාරක ද භාවිත කළ හැකි ය. සංවෘත පරිසරයක් සඳහා යොදාගත හැකි සැවැන්දරා මුල් එවැනි සුවඳවත් ද්‍රව්‍යයකි.

නිවසේ භාවිත කරන ද්‍රව්‍ය හා බෙහෙත්
ඒවායේ මුල් භාජන වල තියා ගන්න. ඒවා භාවිත කරන හැම අවස්ථාවක භාවිතයට උපදෙස්
පහසුවෙන් බලාගත හැකි අතර විෂ වීම සිදු වුවොත් ලේබලෙයේ තොරතුරු ලඟින් තිබෙනු ඇත.
භාවිතයට පෙර භාජන වල උපදෙස් කියවන්න. ඒ
අනුව භාවිතා කරන්න.
විෂ ද්‍රව්‍ය ,ආහාර හෝ බිම භාජන වලට
නොදමන්න.

විෂ රසායන ද්‍රව්‍ය භාවිත කරන තැන හොඳට වාතය ඇතුල් වීමට සකස් කරන්න . වායු සාන්ද්‍රණය නොවන ලෙස දොර ජනෙල් අරින්න.
ඉන්දන දහනය කරන යන්ත්‍ර හොඳ වාතාශ්‍රය ඇති තැන් වල පමණක් භාවිත කරන්න. ගොඩනැගිලි වලින් පිට භාවිතා කිරීම වඩා සුදුසුය.
බෙහෙත් දීමේ විෂ වීම වළක්වන්නේ බෙහෙත්
දීමේ නිවැරදි කරුණු 5 පරික්ෂා කිරීමෙනි.
(නිවැරදි බෙහෙත්, නිවැරදි පුද්ගලයා, නිවැරදි ප්‍රමාණය, නිවැරදි වෙලාව, නිවැරදි ක්‍රමය.)
කුඩා භාජනවල ඇති අවදානම් ලේබල හඳුනා ගෙන
ඒවායින් ඇත් වී සිටීමට පුරුදු කරන්න.
නිවෙස් වල ඇති බොහෝ ශාක විෂ සහිතයි.
නිවසේ ළමයි සිටිනවා නම් විෂ සහිත ශාක ගෙදරින් ඉවත් කරන්න. හැම ශාකයක ලේබලයක්
දමන්න. මෙය හඳුනා ගැනීමට පහසු වේ.
බෑගයක හෝ මේසයක වැනි ළමයින්ට ඒවා ගත
හැකි ස්ථානවල බෙහෙත් නොතබන්න.
මෙවැනි සරල ක්‍රම භාවිතයෙන් නිවසේ රසායන
ද්‍රව්‍යවලින් සිදු වන බලපෑම අවම කර ගත හැකි වනු ඇත.
පී.ඩී.පී.ධනසේන,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-අඹන්ගගකෝරළේ.
0 comments:
Post a Comment