December 27, 2015

ජලයේ ඇති නැනෝ පරිමාණයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සරල තාක්ෂණ ක්‍රමයක්


Nanomaterials නොහොත් නැනෝද්‍රව්‍ය නූතන විද්‍යාවේ දියුණුව සහා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි. නමුත් එහි ඇති ක්ෂුද්‍ර ස්වරූපය (ප්‍රමාණය) නිසා භාවිතය අවසානයේදී ඒවා ඉවත් කිරීම අපහසු කාර්යයක් වී ඇත. විශේෂයෙන් ජලය එක් තැන් වන ස්ථාන වල මෙම ද්‍රව්‍ය එකතු වීම ගැටළුවක්ව පවතී.  ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයින් විසින් මෙම Nanomaterials ජලයෙන් පෙරා වෙන් කළ හැකි සරල තාක්ෂණ ක්‍රමයක් සොයා ගෙන ඇත.

මෙම පර්යේෂණ කණ්ඩායමේ සාමාජීකයකු වන  මිචිගන් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ යෝක් කින් යැප් පවසන පරිදි ප්ලාස්ටික් පසුගිය කාල සීමාවේ ලෝකයේ බොහෝ පෙරලියක් ඇති කල අමුද්‍රව්‍යයක්

වුවත් සාගරයේ ඇති සියළු ප්ලාස්ටික් අපට ඉවත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතු  තත්වයක් ඇති වී තිබෙන සේ නැනෝ පරිමාණයේ ඇති Nanomaterials ජලයෙන් ඉවත් කිරීමට වුවහොත් ඒ පිළිබව සිතිය යුතු බවයි.
  
මෙය ඉතා සරල ක්‍රමයකි. පර්යේෂණය සිදු කිරීමට පළමුව Nanomaterials සහිත ජලයට තෙල් මාධ්‍යයක් එකතු කර හොින් සොලවන ලදී. එවිට  තෙල් සහ ජලය මිශ්‍ර නොවන බැවින් සොලවන අවස්ථාවේදී කුඩි බිඳිති වලට වෙන් වේ. මෙම අවස්ථාවේදී ජලයේ ඇති Nanomaterials තෙල් පටලයන් මගින් ආවරණය වී ජලයෙන් වෙන්වේ. 

මෙම පර්යේෂණය විවිධ වර්ගයේ Nanomaterials යොදා ගනිමින්(කාබන් නැනෝ ටියුබ්ස්- carbon nanotubes, graphene, boron nitride nanotubes, boron nitride nanosheets, and zinc oxide nanowires)සිදු කරන ලදී.මෙම අමුද්‍රව්‍ය අප භාවිතයට ගන්නා බොහෝමයක් නැනෝ නිෂ්පාදන වල(Sunscrens වල ආදිය) අඩංගු අතර විෂේශයෙන් අනාගතයේදී මෙම සුපිරි අමුද්‍රව්‍ය අප පරිසරයට යම් බලපෑමක් ඇති වන්නේ නම් ඒ සහා මෙම පර්යේෂණයන් උපකාරි වනු ඇතැයි විශ්වාස කෙරේ.

      
US Environmental Protection Agency ට අනුව ලොව පුරා 1,300 වඩා වැඩි වානිජ නිෂ්පාදන ගණනාවක මෙම Nanomaterials අඩංගු වන අතර අනාගතයේදී එමගින් පරිසරයට බලපෑමක් සිදුවුවහොත් ඒවා ඉවත් කර ගැනීමට  පෙරහන් වර්ග සහ දැලස් වර්ග (filter paper and meshes )මෙන්ම විවිධ පර්යේෂණයන්ද මේ වන විට අත්හදා බලමින් පවතී. 



සකස් කළේ -    ඩී.එස්. උඩහේන්තැන්න
                        විද්‍යා හා තාක්ෂණ නිළධාරි
                        ග ඉහළ කෝරළේ


උපුටා ගැනීම -



0 comments:

Post a Comment