December 31, 2015

කාර්මික ක්ෂද්‍ර ජීව විද්‍යාව


ජෛව තාක්ෂණය සදහා ක්ෂද්‍ර ජීවීන් භාවිතා කිරීම
ක්ෂද්‍ර ජීවීන් යොදාගෙන ඔවුන්ගේ පරිවෘතීය ක්‍රයාවලි භාවිතයෙන් ආර්ථික වශයෙන් වැදගත් වන්නාවු නිෂ්පාදනයන් මහා පරිමානීයව නිපදවීම කාර්මික ක්ෂද්‍ර ජීව විද්‍යාව වේ. මෙලෙස සිදු කරන කර්මාන්ත වලදි උපයෝගි කර ගන්නා තාක්ෂණය හදුන්වන්නේ ජෛව තාක්ෂණය(Biotechnology) ලෙසයි.
මිනිසුන් ක්ෂද්‍ර  ජීවීන් හදුනා ගැනීමට පෙර සිටම ඔවුන්ගේ ස්වාභාවික ක්‍රයාවලින් කාර්මික නිෂ්පාදනය සදහා යොදාගෙන තිබුනි.
ක්‍ර.පු 6000 තරම් ඈත අතිතයේදි බැබිලෝනියානුවන් මධ්‍යසාර සෑදීම සදහා ඊස්ට් භාවිතා කල බවට සාක්ෂි  තිබේ. කාර්මික ක්ෂද්‍ර  ජීවි ක්‍රයාවලියක් පහත පරිදි දැක්විය හැක.

ක්ෂද්‍ර  ජීවීන් + උපස්ථරය                   නිෂ්පාදන ථල + අවශේෂ සහ අපද්‍රව්‍යය     

කර්මාන්ත සදහා ක්ෂද්‍ර ජීවීන් භාවිතා කිරිමේ වාසි
1.      ක්ෂද්‍ර ජීවීන්ගේ පරිවෘත්තීය සීඝ්‍රඅධිකය . මේ නිසා කර්මාන්ත / නිෂ්පාදන ක්‍රියාවලි වේගවත්ව සිදුවීම.
2.      ක්ෂද්‍ර ජීවී කර්මාන්ත සදහා අධික උෂ්ණත්වය ඉහළ පීඩනය වැනි තත්ව අවශ්‍ය නොවේ. එම නිසා පිරිවැය අඩුය.
3.      පරිසර දුෂණය සිදු නොවීම.
4.      ක්ෂද්‍ර ජීවීන්ට විවිධ අපස්තර වර්ග රාශියක් මත ක්‍රියා කිරිමට හැකියාව තිබීම.
5.      ලාභදායි උපස්තර මත ක්‍රියාකර  වැඩි වටිනාකමක් සහිත ථල ලබා ගැනීමට හැකිවීම.
§  වර්ධන වේගය ඉහළ වීම
§  පහසුවෙන් වගා කරගත හැකිවීම.

කර්මාන්ත සදහා ක්ෂද්‍ර ජීවීන් භාවිතා කිරිමේ අවාසි
මෙහිදි ප්‍රධාන අවාසිය වන්නේ හොදින් විධිමත් ලෙස සිදුවන රසායනික ක්‍රියාවලියකදි නිපදවන ථලයේ ප්‍රතිශතයට වඩා ක්ෂද්‍ර ජීවී ක්‍රියාවලි මගින් ලබා ගන්නා ථලයේ ප්‍රතිශතය  අඩු වීමයි.

ක්ෂද්‍ර ජීවීන් භාවිතා කරන කර්මානත් කීපයක්
මධ්‍යසාර නිෂ්පාදනය, වයින් නිෂ්පාදනය, විනාකිරි නිෂ්පාදනය, චීස් , බටර් හා යෝගට් නිෂ්පාදනය ප්‍රෝටීන නිෂ්පාදනය,එන්නත් නිෂ්පාදනය, එන්සයිම නිෂ්පාදනය, කාබනික අම්ල නිෂ්පාදනය, ඉන්ධන නිෂ්පාදනය, ‍බේකරි නිෂ්පාදනය.

සකස්කළේ/උපුටාගැනීම?

0 comments:

Post a Comment