December 2, 2015

හරිතාගාර ආචරණය හා එහි බලපෑම්

හරිතාගාරයක් යනු ශීත රටවල වගාවන් සඳහා අවශ්‍ය උෂ්ණත්වය රදවා ගැනීම පිණිස සාදනු ලැබූ සංවෘත මුලුමනින්ම වටවූ බිමකි (කූඩාරමකි) ඒ සඳහා යොදා ගන්නා ආවරණයේ විකිරණ අභ්‍යන්තර පරාවර්ථනය හේතුවෙන් උෂ්ණත්වය ඉහල යාම නිසා ශාකවලට අවශ්‍ය මට්ටමට එලබේ. එහෙත් විවිධ හේතූන් නිසා පෘතුවිය සමස්ථයක් ලෙස ගත් කල එහි  වායු ස්ථරයක් වියනක් සේ තැනී එය හරිතාගාරයක් ලෙස ක්‍රියාකිරීමට පටන්ගෙන ඇත. මෙය පෘථිවියේ හරිතාගාර ආචරණය වේ. ‍
සූර්යා සිට එන දෘෂ්‍ය පරාසයේ ඇති විද්‍යුත් කිරණ පෘථිවියේ ඇති සංඝටක මගින්
අවශෝෂණයෙන් අනතුරුව අවසන් වශයෙන් තාපය බවට පත්ව ඉහල අවකාශය කරා පිටවේ මෙහිදී ඊට වායු ගෝලයේ ඇති O2 , N2 වැනි වායුවලින් බාධා එල්ල නොවුවද ප්‍රධානම Co2 හා CH4 , H2O, NO2 , CFC , O3 වැනි වායු තදබල ලෙස බාධා එල්ල කරයි එබැවින් එවැනි වායු හරිතාගාර වායුන් ලෙස හදුන්වයි. මෙම ක්‍රියාවලිය නිසා පෘථිවිය තුල උෂ්ණත්වය ඉහල අගයක පවතී. මෙය පෘථිවි ගෝලය උණුසුම් වීම ලෙස හැදින්වේ. පෘථිවිය හා චන්ද්‍රයා සූර්යාගෙන් බොහෝ දුරට සමාන දුරකින් පවතින නමුත් හරිතාගාර වායු පෘථිවියේ වායුගෝලය තුල පවතින නිසා සාමාන්‍ය උෂ්ණත්වය 15 0C පමණ වේ. චන්ද්‍රයාට මෙවැනි වායු ගෝලයක් නැති නිසා එහි සාමාන්‍ය උෂ්ණත්වය 18 0C පමණ වේ නමුත් වායු ගෝලීය වාතය තුල හරිතාගාර වායුන්ගේ ප්‍රතිශතය පමණට වඩා ඉහල ගිය විට වායු ගෝලයේ උෂ්ණත්වය ඉහලයාමෙන් ජලයේ වාෂ්පීකරණය ඉහල යයි. මේ නිසා රටතුල ඇති මිරිදිය ජලාශ සිදී යා හැකිය. ජල වාෂ්පද හරිතාගාර වායුවක් බැවින් එවිට තවදුරටත් ආචරණය තීව්‍ර වේ. මේ නිසා සාමාන්‍ය උෂ්ණත්වය ඉහලගොස් ධ්‍රැව ආසන්න ග්ලැසියර් හා අයිස් දියවීමට පටන් ගනී මේ නිසා මුහුදු ජල මට්ටම ඉහල යාමෙන් පහත් බිමි ආශ්‍රිතව ඇති වගාවන් හා නිවාස ජලයෙන් යටවේ.
ඉදිරි දශක තුනක කාලය තුලදී පෘථිවයේ උෂ්ණත්වය 3 0C කින් ඉහල යන බවට ගනන් බලා ඇත. එමගින් මාලදිවයින ඇතුලු බොහෝ පහත් ප්‍රදේශ ලෝකයේ රටවලින් ඉවත්වනු ඇතැයි මත පලවේ.
හරිතාගාර වායු එක්රැස්වීමට හේතුව වන්නේ නිවර්තන තෙත් වනාන්තර විනාශ කිරීම, කර්මාන්ත ශාලා රථවාහන ආදියෙන් පිටවන අධික CO2 ප්‍රමාණය, ඉන්ධන දහනය මගින් පිටවන ජලවාෂ්ප, CFC භාවිතය, කසල හා අපද්‍රව්‍ය ගැටලුව(මෙමගින් කසලවල ඇති ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා කසල වියෝජනය වී CH4 සාදයි) යනාදියයි.

හරිතාගාර ආචරණය වැලැක්වීමට නිවර්ථන තෙත් වනාන්තර සංරක්ෂණය, වනාන්තර වාගාව ආරක්ෂා කිරීම, කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය හා කැලි කසල අවම කිරීම, CFC වැනි සංයෝග භාවිතය අත්හැරීම, අදාල නීති රීති පැනවීම, රථ වාහන වලින් නිකුත්වන CO2 ප්‍රමාණය අවම කිරීම හා රථවාහන භාවිතය අවම කිරීම, ලැව්ගිණි අවම කිරීම, තණබ්ම් හා වෘක්ෂලතා ගිණිතැබීම වැලැක්වීමට කටයුතු කිරීම සිදුකල යුතුය.

සකස් කළේ : 
H.E.B.සංජිව 
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

0 comments:

Post a Comment