December 9, 2015

සත්ව ලොව ඉහලින් වැඡ‍ඹෙන ජිරාෆ්

අනෙක් සියළුම සතුන්ට වඩා ඉහළින් සිට අවට ලෝකය  දෙස බැලීමේ බොහෝ දෙනෙකුට නැති තරම් වාසනා ගුණයක් ලබමින් ගසක ඉහළින්ම කොළ කඩාගෙන බුදීමේ හැකියාව ලබා ඇති ජිරාෆ් අප්‍රිකාවේ වනාන්තරවල වෙසෙන සත්වයෙකි.ඉහළම දේ කඩාගෙන කෑමට හැකිවුවත් බිම් මට්ටමේ ඇති දෙයක් ලබා ගැනීමට ජිරාෆ්ට විශේෂ දෙයක් කළ යුතුව ඇත. ජලය බීමට අවශ්‍ය වූ විට ඉදිරි දෙපා පෙසට ඈත් කර ඉදිරියට හිස නමා ජලය පානය කළ යුතුය. කොටසක් ජලය පානය කරන අතරතුර සෙසු අය මුර සේවයේ යෙදෙමින් අවට නිරීක්ෂණයේ යෙදෙති. මන්දයත් දිය බොන ජිරාෆ් වරුන්ට දෙපා හදිසියේ එක්කර ගැනීමට නොහැකිව සතුරාගේ ආක්‍රමාණයට යටත්වීමට හැකි බැවිනි. දෙපා එකළස් කරගැනීම සිදුවනුයේ සෙමිනි.

ජිරාෆ්ගේ අඟල් 18 ක් දිග දිව උපයෝගී කරගෙන ගස්වල කොළ කඩා ගනී. ඌ කොළ විකන විට උගේ යටතල්ල ඇඹරැම් ගලක මෙන් රවුමට කැරකේ. ජිරාප් අසතුටුම දේ දඩයම්කරුවන්ගෙන්  හා ලුහු බදින්නන්ගෙන් බේරී යාමය.

ජිරාෆ් දිගු බෙල්ලක් තිබුණද එහි ඇත්තේ අනෙක් සතුන්ගේ බෙල්ලේ ඇති ඇටකටු ගණනමය. වෙනස ඇත්තේ ඒවා දිගින් වැඩි වීමය. පාදවලද එසේම වන අතර ඌට එතරම් උසක් ලැබී ඇත්තේ ඒවා දිගින් වැඩිකම නිසාය. විශාල ශරීරයක් ඇති ජිරාෆ්ට හඬ නැගීමේ හැකියාවක් නොමැත. ජලය බීමෙන් පසු ගුඩුස් යන්නා සේ ඌට එම හඬ නිකුත් කළ හැකිය.

ජිරාෆ්ට වේගයෙන් යා හැකිය.අනතුරක් ගැන ඈතින් දැක ගැනීමේ හැකියාව ඇති නිසා බොහෝ සතුන් මාංශ භක්ෂක සතුන්ගෙන් බේරීමට මෙම රැකවලාගේ පිහිට පතති

සකස්කළේ:
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
ගම්පහ

0 comments:

Post a Comment