December 31, 2015

ඔස්ටියෝ ආතරයිටිස් සහ තවත් රෝග ගණනාවකට පිහිට වන මුහුදු කැකිරි ?


ඔස්ටියෝ ආතරයිටිස් යනු බන්ධනී අතරඇති කාටිලේජ ස්ථරය ක්ෂය වීම  හේතුවෙන් අස්ථි ගැටීම නිසා ඇතිවන වේදනාකාරි තත්වයයි.

අද ඔස්ටියෝ ආතරයිටිස් රෝගී තත්වයට මුහුණ දෙන්නේ වයස්ගත උදවිය පමණක් නොව යෞවනයන්ද මෙවැනි රෝගී තත්වයන්ට මුහුණ දෙයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ  අක්‍රමවත් ජීවන රටාව හේතුවෙන් ඇතිවන අධික ලෙස තරබාරැවීම, නිවැරදි ලෙස ව්‍යායාම නොකිරීම, පෝෂණ ඌනතාවය වැනි හේතූන් රැසක් හේතුවෙන් ඔස්ටියෝආතරයිටිස් රෝගීතත්වයට මුල පහදයි.
මෙම රෝගී තත්වය හදුනාගත හැක්කේ අත පය හසුරවන විට හෝ වාඩි වී සිට නැගිටින විට හෝ පඩිපෙලක්, කන්දක් නගින විට ක්‍රිස් හඩක් සන්ධින් අතර ගැටීම නිසා හටගනී. ඒ සමගම ඊට ආව්නික වූ මුවහත් කැක්කුමක් ද ඇතිවේ.
මෙම රෝගයට පිළියමක් ලෙස කාටිලේජ වර්ධන පෝෂණ සංඝටක අද නවීන විද්‍යාත්මකව කරන ලද පර්යේෂණ මගින් සොයාගෙන ඇත. ඖෂධ වෙලදපොලේ ඔස්ටියෝ ආතරයිටිස් සදහා භාවිතාවන ඖෂධ සදහා මූලිකවම යොදා ගන්නා සංඝටකයක් ලෙස ග්ලූකොසමයි සල්ෆේට හා කොන්ඩෙයිටින් සල්ෆේට හදුන්වාදිය හැක. 
ග්ලූකොසෙමින් සල්ෆේටහි මූලික ප්‍රභවය ලෙස තයමින් සහිත බෙල්ලන් හෝ කෘමින්ගෙන් ගනු ලබයි.කොන්ඩෙයිටින් සල්ෆේට මුහුදු කැකිරිවල බහුලව දැකිය හැක. මුහුදු කැකිරිවල ඇති කාටිලේජ සැකිල්ලේ 10-16% අතර මියුකොපොලිසැකරයිඩ ඇත. ඉන් මූලිකව ඇත්තේ කොන්ඩෙයිටින් සල්ෆේටයි.
තවද දුබල අවස්ථා, මළ බද්ධය, නිතර මූත්‍රායාම, කෘශ බව, වකුගඩු ආසාදන සදහාද මුහුදු කැකිරි ගුණදායකවේ. මීට අමතරව වෛරසයන්හි ක්‍රියාකාරිත්වය නිශේධනය කිරීමේ ගුණයක්ද මුහුදු කැකිරිවල ඇත. තවද සැපොතින් නම් රසායනිකය අඩංගු නිසා පිළිකා නාශක ගුණය හා ප්‍රධාතයන් සමනය කිරීමේ ගුණයෙන්ද යුක්තය.



සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල


0 comments:

Post a Comment