Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2015

ඇස් භාවිතයෙන් සන්නිවේදනය කරන බස්සා හැඩති ආරක්ෂක කැමරාව - Ulo

ආරක්ෂක කැමරා බොහෝ විට නොපෙනෙන ආකාරයට තැබීමට නිර්මාණය කර ඇතත්, Ulo නමින් නව කැමරාවක් දර්ශනය වන සේ තැබීමට නිර්මාණය කර ඇත. කුඩා කැමරාව බස්සාගේ හැඩය ගන්නා අතර හොටය දර්පණ තල දෙකකින් සමන්විතයි. චලන සංවේදක සහිත රාත්‍රි  දර්පණ තල එය තුල සඟවා ඇත. මෙහි ඇස් දෙක ලෙස විශාල LED තිරයක් නිර්මාණ කර ඇති අතර ඒවා නිර්මාණය කර ඇත්තේ උපකරණයේ තත්වය ගැන දැන්වීමටයි. නිදසුනක් ලෙස මෙම කැමරාව...

ස්ථූලභාවයේ විවිධ ආකාර

විවිධ සාධකයන් නිසා ස්ථුලභාවයන් වර්ග 6 ක් ඇතිබව විද්‍යාව පෙන්වා දී ඇත. ඔබට අයත් ස්ථුලබව කුමක්දැයි සොයා බලන්න. 1.    ආහාර නිසා ඇතිවන ස්ථූලබව (obesity of food) ලෝකයේ බහුලවම දැකිය හැකි ස්ථූලබව මෙයයි. අධික ලෙස ආහාර ගැනිම හා සීනි එයට හේතුවේ. මින් වැලකීමට දිනකට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරිම හා අවම වශයෙන් දිනකට විනාඩි 30 ක් වත් ව්‍යායාමවල යෙදී සිදුකල යුතුය. 2.   ...

ඔබ ඔබේ වම් පැත්තට හැරී නිදාගත යුත්තේ ඇයි ?

ඔබට, ඔබේ නින්ද ශාරීරික හා මානසික  සෞඛ්‍යයට වැදගත්ම කොටසක් වන බව රහසක් නොවේ . කෙසේ වුවත් ඔබ නිදාගන්නා ඉරියව්ව නිදන කාලය මෙන් වැදගත් බව ඔබ දන්නෙහිද ? ඔබ නිදාගැනීමට තෝරා ගන්නා ඉරියව්ව ඔබේ සෞඛ්‍යයට බලපෑමක් කරන බව , සමෙහි තරුණ බව රැකගැනීමට උදව් වන බව , ආහාර ජීර්ණය හොඳින් සිදු වීමට හේතු වන බව සහ වම් පැත්තට හැරී නිදා ගැනීම ඔබේ ජීවිතය රැක ගැනීමට හේතු වන බව ඔබ දන්නෙහිද ?  මේ...

තරු පිළිබද තතු

 තරුවක් උපදිනුයේ විශ්වයේ පවතින දැවැන්ත දුහුවිලි හා වායු අඩංගු අණුක වලාවක් ශීතනය වී කැටි වීමෙනි. මෙම වලාකුලු තුළ හයිඩ්‍රජන් හා හිලීයම් වායු අඩංගුය.එමෙන්ම ආලෝක වර්ෂ කිහිපයක දිගින් හා පළලින් යුක්තය. ගුරුත්වාකර්ෂණය හේතුවෙන් මෙම දුහුවිලි හා වායු අඩංගු වළාව ක්‍රමයෙන් හැකිලේ. එවිට එය වේගයෙන් භ්‍රමණය වන අතර විශාල තාප ප්‍රමාණයක්ද පීඩනයක්ද ඇතිවේ. උෂ්ණත්වය කෙල්වින් 150,000...

ඖෂධීය ගුණයෙන් පිරි කටුවැල් බටු

උද්භිද විද්‍යාත්මකව සෝලගම් සැන්තොකාපම් (Solanum xanthocarpum)  නමින් හැදින්වෙන මෙම පැලෑටිය සොලනේසියේ කුලයේ සෝලනම් ගණයට අයත් වේ. මෙය ඉතා සුළු වශයෙන් කාෂ්ඨීය වන අතර පොලව මත පැතිර වැඩෙන ශාඛයකි.  පත්‍ර ඛණ්ඩිකා වලට බෙදී ඇති අතර නාරටි පැහැදිලිව දර්ශනය වේ. ශාඛයට ආවේනික වූ කහ පැහැති තියුණු කටු කදෙහි පත්‍ර නටුවේ හා පත්‍ර නාරටි වල විසිර පවතී. පුෂ්ප දීප්තිමත් දමි පැහැයෙන්...

විදුලිය නිපදවන සපත්තුවක්

සපත්තුවකට සවි කළ හැකි ඇවිදින විට විදුලිය උත්පාදනය කර ගත හැකි උපකරණයක් ජරිමානු පර්යේෂකයන් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ.  බැටරි භාවිතා නොවන මෙම උපකරණය ඉලෙක්ට්‍රොනික සංවේදක එක් කර නිර්මාණය කර තිබේ. ඇවිදීමේදී විදුලිය ක්‍රම ද්විත්වයකට උත්පාදනය කළ හැකි උපකරණ දෙකක් මෙම පර්යේෂණ කණ්ඩායම නිර්මාණය කර තිබේ. ඉන් පළමු වැන්න වන්නේ “ෂොක් හාවස්ටර්“ය. ඉන් විදුලිය උත්පාදනය...

ඔස්ටියෝ ආතරයිටිස් සහ තවත් රෝග ගණනාවකට පිහිට වන මුහුදු කැකිරි ?

ඔස්ටියෝ ආතරයිටිස් යනු බන්ධනී අතරඇති කාටිලේජ ස්ථරය ක්ෂය වීම  හේතුවෙන් අස්ථි ගැටීම නිසා ඇතිවන වේදනාකාරි තත්වයයි. අද ඔස්ටියෝ ආතරයිටිස් රෝගී තත්වයට මුහුණ දෙන්නේ වයස්ගත උදවිය පමණක් නොව යෞවනයන්ද මෙවැනි රෝගී තත්වයන්ට මුහුණ දෙයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ  අක්‍රමවත් ජීවන රටාව හේතුවෙන් ඇතිවන අධික ලෙස තරබාරැවීම, නිවැරදි ලෙස ව්‍යායාම නොකිරීම, පෝෂණ ඌනතාවය වැනි හේතූන් රැසක්...

ඔබත් සමබල ආහාර වේලක් ගන්නවාද?

   සියක් වසරකට වැඩි කාලයක් ජීවත්වීමට නම් මිනිසා හොද ආහාර වේලක් ගත යුතුය. හොද ආහාර වේලක් යනු සමබල ආහාර වේලකි. එවැනි ආහාර වේලක් හැම විටම අවශ්‍යම පෝෂක කොටස්වලින් සමන්විතය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවණ, තන්තු සහිත ආහාර යනාදී මේ සෑම පෝෂක කොටසක්ම ආහාර වේලකට ඇතුළත් විය යුතුය. ආහාර ලබා ගන්නා පුද්ගලයා කරන කාර්ය, වයස, ස්ත්‍රී-පුරැෂ බව, රෝගී-නිරෝගී...

උග්‍ර විෂ ඇති Hemlock ශාකය ගැන ඔබ දන්නවාද?

උග්‍ර විෂ අඩංගු ඉතා ප්‍රකටම ශාකය වන්නේ Hemlock යනුවෙන් හදුන්වන ශාක විශේෂයයි. මෙම ශාකයේ කොනීන් නමැති රසායනිකය අඩංගුවේ. රසායනික සංයුතිය අතින් මෙම කොනීන් සිගරට්වල අන්තර්ගත නිකොටීන්වලට සමානවේ. මින්ස් ශරීරයේ ස්නායු පද්ධතියට මෙම සංයෝගය මගින් බරපතල බලපෑම් ඇති කරයි. මේ නිසා දෙපතුළ සිට හෘදය දක්වා මාංෂ පේශීන්ගේ ක්‍රියාකාරිත්වය ඇණ හිටී. එතුළින් ශ්වසන පද්ධතියට බාධා පැමිණේ. එහි පුථිඵලයක්...

ආහාරද මාරක රෝග ඇති කරයි

ආහාර නිසා ඇතිවන රෝග විවිධාකාරය. උසස් තත්වයේ ආහාර තුළද බැක්ටීරියා, වෛරස, පරපෝෂිතයන් අඩංගු විය හැක. එමගින් ආහාර දූෂණයවේ. ආහාර තුළ රසායනික ද්‍රව්‍ය හෝ ස්වභාවයෙන්ම ඇතිවන විෂ වර්ග තිබිය හැක.  ආහාර විෂවීම් ඇති කරන බැක්ටීරියා වර්ග කිහිපයක් ඇත. ලිස්ටෙරියා මොනොසයිටෝජිනේස් බැක්ටීරියා විශේෂය මගින් ලිස්ටෙරියෝසිස් නමැති රෝගය ඇතිවේ. එම බැක්ටීරියාව අඩංගු ආහාර අනුභව කරන ඝර්භනී මව්වරැන්ගේ...

පහත දෑ පරිසරයට මුදා හැරිමෙන් මිනිසාගේ සෞඛ්‍යයට හා සතුන්ගේ පැවැත්මට බලපෑම් ඇතිවේ.

බ්‍රෝමිනිකෘත ගිනිගැනීම් වැලැක්වීම සදහා බ්‍රෝමිනිකෘත ප්ලාස්ටික් සමග මිශ්‍ර කිරිම සිදු කරයි. බ්‍රෝමිනිකෘත සමග මිශ්‍ර කිරිම සිදු කරයි. බ්‍රෝමිනිකෘත ප්‍රතිරෝධක හෝමෝන  ක්‍රියාකාරිත්වයට  බාධා ඇති කරන අතර කුඩා දරැවන් මෙම ද්‍රව්‍යයන්ට නිරාවරණය වු විට තයිරොයිඩ් ග්‍රන්ථිය හා ස්නායු ආබාධයන්ට ගොදුරුවීමේ අවධානම පවති. ආසනික් පරිගණක චිප් වල ආලොක් මුදා හරින ඩයෝඩවල අන්තර්ගතවේ...