ආක්ටික් ප්‍රදේශවල අයිස් දිය වීම පිළිබදව අවධානය යොමු
කරන වාර්තාවක දැක්වෙන ආකාරයට එය බරපතල බලපෑම් ඇති විය හැකි අවස්ථා 19ක් සදහා
හෙළීම් ලක්ෂ්‍යයක් (tipping point)
වියහැකිය.එහි බලපෑමෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණයේ වෙනස් වීම්
ඇති විය හැකිය.
මේ වර්ෂයේ ආක්ටික් සාගරයේ වාර්තා වූ අවම අයිස් මට්ටම
දෙවැනි වන්නේ 2012 වර්ෂයේදී ආක්ටික්
සාගරයේ පැවැති අයිස් මට්ටමට පමණි. වර්ෂයේ මේ කාලය වන විට ආක්ටික් සාගරයේ අයිස්
මිදීම ආරම්භ විය යුතු වූවද, මේ වර්ෂයේ දී මේ දක්වා එය සිදු වී නොමැති වීම විශේෂ
සිදුවීමකි.
මෙවැනි වෙනස්කම් ඇති වන්නේ ස්වභාවික පද්ධතිවල විශාල
පරිමාණයේ හෝ ඉක්මන් වෙනස් වීම් ඇති වන අවස්ථාවල දී ය.ලෝකයේ එක් ප්‍රදේශයක සිදු වන
වෙනස්වීම් නිසා ඇති වන බලපෑම් ලෝකයේ තවත් ප්‍රදේශවලට අහිතකරව බලපෑම් ඇති කළ හැකි
වීම විශේෂත්වයකි.
(මූලාශ්‍රය: Arctic Resilience Report, www.sei- international.org)
N. S. Medagedara
Vidatha Resources Centre
Udunuwara
0 comments:
Post a Comment