December 16, 2016

ඕසෝන් ස්ථරය පළුදු වීමේ ප්‍රතිඵල


ඕසෝන් ස්ථරය ලෙස හදුන්වන්නේ ලෝක ගෝලයට ඉහළින් ඇති ඔක්සිජන් බන්ධන තුනක් මගින් නිර්මිත වායූ පටලයකි.පෘථිවියට ලැබෙන හිරු කිරණ පෙරීමක් හෙවත් යම් පාලනයක් කිරීම ඕසෝන් ස්ථරයේ ප්‍රධාන ක්‍රියාවලිය වේ.පෘථිවියට හිරුගෙන් ලැබෙන පාරජම්බුල කිරණ පාලනයකින් තොර වුවහොත් එය පෘථිවි උණූසුම වැඩි වීමට මෙන්ම විවිධ ලෙඩ රෝග වලටද හේතු වේ.

පෘථිවියෙන් ඉහළට උස ප්‍රමාණය වැඩි වන විට වායූ ගෝලයේ ඝනකම අඩු වේ. මෙහි උච්චතම ප්‍රමාණ පවතින ස්ථරය/ ස්තර ගෝලය( STRATOSPHERE) නම් වන අතර ඊට පහළින් පෘථිවියට ආසන්නව ඇති තලයේ හෙවත් පරිවර්තීය තලයේ  (TROPOSLHERE)සියළුම පෘථිවියන්ට අවශ්‍ය හිතකර සහ අවශ්‍ය වායූන් පැතිර පවතී. මින් ඕසෝන් වියන පිහිටා ඇත්තේ කිලෝමීටර 40ක් පමණ උසකින් යුත් ස්ථර ගෝලයේය. මෙම ස්ථර ගෝලයෙන් එපිට ඇති අයන ගෝලය අධි උෂ්නත්වයකින් යුක්ත වේ . මෙසේ වඩාත් ඉහළට යන විට උෂ්නත්වය වැඩි වනුයේ සූර්ය තාපය අවශෝෂණය කර ගැනීමට හැකි වායූන් එම තලයන්හි නැති බැවිණි. මෑත අතීතයේ සිට ඕසෝන් ස්ථරයේ ක්ෂය වීම අඩු වැඩි වශයෙන් ගෝලීය උණුසුම කෙරෙහිද බලපා ඇත. පෘථිවියේ සිට සැතපුම් 25ක් හෙවත් කිලෝ මීටර් 40ක් පමණ දුරින් පිහිටා ඇති මෙම පටලය විසින් හිරුගෙන් විහිදෙන පිළිකා වැළදීම සහ පිළිස්සීම් ඇති කරන අල්ට්‍රාවයලට් කිරණ පෘථිවියට පැමිණිම වළක්වනු ලබයි. 1985 දී ඕසෝන් ස්ථරය ක්ෂය වීම සොයා ලන්නා ලද අතර විද්‍යායින් විසින් මීට සම්බන්ධ කරුණු 03ක් හදුනාගන්නා ලදී. එය පහත දැක්වේ.
  • ඉහළ වායූ ගෝලයේ අස්වාභාවික වළාකුළු ඇති වීම.
මෙම වළාකුළු ඇති වන්නේ ශීත කාලයේ නිරක්ෂ රේඛාවන්හි උෂ්නත්වය සෙල්සියස් අංශක 80ට වඩා අඩු වූ විටය.
  • වාතයට කාබන් එකතු වීම.
 1920 පමණ වන විට අප භාවිතා කරන ස්ප්‍රේ කෑන්, වායූ සමීකරණ, අධි ශිතකරණ ආදී භාවිතයට ගැනීමෙන් කාබන් වායුව වායූ ගෝලයට එකතුවන අතර සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩි වුවද  පහසුවෙන් වාතයට එකතු වීමේ හැකියාවක් මීට ඇත.මෙම වායූව ඉහළට ගමන් කිරීමෙන් ඕසොන් ස්ථරයේ ඇතිකරන පලුදු නිසා බාධාවකින් තොරව පෘථිවිය කරා එන පාරජම්බූල කිරණ වායූගෝලයේ උණුසුම වැඩි කරනු ලබයි.
  • හිරු එළිය.
ඇන්ටාටිකාවේ මාස 06ක රාත්‍රි කාලය සැප්තැම්බර් මස අවසන් වේ. මෙම ක්‍රියාවලියේදී හිරු එළිය විසින් ක්ලෝරෆ්ලෝරකාබන් අනුවලට කඩයි. එමගින් නිපදවන ක්ලෝරින් වායුගෝලයේ ඉහළ ස්ථරයේ ඇති ඔක්සිජන් විසිර යවයි.ක්ලෝරින්හි ඇති අණුවකට සති කිහිපයක් තුල  ඕසෝන් අනු විශාල පුමාණයක් විනාශ කරවීමේ හැකියාවක් ඇත. මෙම සති කිහිපය තුලදී ස්ථර ගෝලයේ (STRATOSPHERE)  උණුසුම ඉහළ ගොස් වළාකුළු අතුරුදහන් වීම නිසා ඍජුවම හිරුගේ රැස් පෘථිවියට පැමිණ එහි උණුසම වැඩි කරනු ලබයි. මෙම උණුසුම නිසා හිම තට්ටු තැනින් තැන දිය වී පෘථිවිය අනාවරණය වීම හේතුවෙන් එම අනාවරණ ස්ථාන වල පෑදී ඇති පෘථිවි භූමියට හිරු රැස් උරා ගැනීම උණුසුම් වීම තීව්‍ර කරනු ලබයි. මේ අනුව විශාල හිම කුට්ටි දිය වීමද සීඝ්‍ර කරනු ලබයි. එසේ හිම කුට්ටි වශයෙන්  දියවීම මුහුද මට්ටම ඉහළ යාමට හේතු වේ.


ඒ.එස්. අළුත්ගේ
විද්‍යා හා තාක්ෂණ නිලධෘරී,
හොරණ



උපුටා ගැනීම - මිහිතලය ගිනි තැබීම  - කේ. සුනිල්ශාන්ත මහතා







0 comments:

Post a Comment