December 21, 2016

ටෝෆු නිෂ්පාදනය

බොහෝ සොයා ආහාර වර්ග මෙන්ම ටෝෆු චීනයෙන් මුලාරම්භ විය.ඉතිහාස කථා වලට අනුව වසර 2000 කට පෙර චීන කොකිවරයෙකු විසින් අහඹු ලෙස ටෝෆු සොයා ගෙන තිබේ. එහිදී සොයා කිරි වලට nigani නම් මුහුදු පැලෑටිය මිශ්‍ර වීමෙන් මුදවනලද සොයා කිරි නිපදවුණ බව සදහන් වේ. ඉන්පසු අටවන ශතවර්ෂයේදී ටෝෆු ජපානයට හදුන්වාදී ඇති අතර ආරම්භයේදී එහි නම ඔකබේ විය. මෙම ඔකබේ අවුරුදු 1400 කට පසු ටෝෆු වී 1960 දශකයේ යුරෝපයේ ඇතිවූ සෞඛ්‍යමත් ආහාර පිළිබද උනන්දුව නිසා එය යුරෝපයට සංක්‍රමණය විය. එතැන් පටන් මේ දක්වා පැවැත්වූ බොහෝ පරීක්ෂණ මගින් සොයා සහ ටෝෆු වලින් ලබා ගත හැකි බොහෝ ප්‍රතිලාභ හදුනාගෙන තිබේ.  

  ප්‍රථමයෙන් සෝයා බෝංචි 600 g සෝදා පිරිසිදු කර පැය 8ක් පමණ පෙගෙන්න හරින්න. ඉන්පසු වතුර පෙරා බ්ලෙන්ඩරයෙන් 4200ml  ක් පමන ජලය එකතු කර ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න.  පෙරන්න. ඉන්පසු හැදි ගාමින් විනාඩි 10ක් රත් කරන්න. (පළමුව මද උෂ්ණත්වයෙන්) ඉන්පසු නටන තුරු රත් කරන්න.

ඉන්පසු ලිපෙන් බා 85 C(185 F) උෂ්ණත්වය දක්වා නිවුණු පසු  CaSO එකතු කරන්න.(කැටිකාරකයක් ලෙස ක්‍රියා කරයි)මෙහිදි දෙහි යුෂ එකතු කරන්නේ නම් 40C (104) දක්වා නිවෙන්නට හැර එකතු කරන්න.

ඉන්පසු ලී අච්චුවකට සාදාගත් කැටි ගැසුණු සෝයා මිශ්‍රණය දමන්න. ඉන්පසු බරක් තබන්න.(පැය ½ක් පමණ) ඉන්පසු අච්චුවෙන් ඉවත් කලවිට ටෝෆු ලැබේ. ලී අච්චුවෙන් වතුර වෑස්සීම සඳහා සිදුරු තිබිය යුතුය.
කැටිකාරකය සාදා ගන්නා අන්දම- 20ක් ජලය 250ක දිය කර / දෙහි යුෂ 250 මිශ්‍ර කර විනාඩි 5ක් තබන්න.


0 comments:

Post a Comment