December 23, 2016

හිසරදයට විසඳුමක් එයි

පුද්ගලයන් බොහෝ අපහසුතාවට පත්කරන හිසරදය පාලනය කිරීම සඳහා භෞතික විද්‍යනුකූල මූලධර්ම උපයෝගී කරගෙන නවීකරණය කරන ලද නව තාක්‍ෂණික ක‍්‍රමවේදයක් සහ වේදනාව සහ අපහසුතාව මැනීම සඳහා කාර්යක්‍ෂම මිණුම් දණ්ඩක් හඳුන්වාදීමට වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු සමත්වී සිටිති.

බෙල්ල හා පිට ආශ‍්‍රිත මාංශ පේෂීන් තදවීම නිසා පේෂීන් අස්ථිවලට බද්ධවන ස්ථානවලදී ඇතිවන වේදනාව මගින් මාංශපේෂීන් අතරින් හිසට ගමන් කරන රුධිර නාලවලට ඇතිවන පීඩනය නිසා හිස් කබලේ හා මුහුණේ මාංශ පේෂීවලට සිදුව ඇති රුධිරය සම්පාදනයේ අඩුවීම වෙනස්කිරීම සහ පේෂී තන්තු පටක තරලය නිසා ඇලී ඇති බැවින් ඒවාද නිදහස් කිරීම මෙම නව ක‍්‍රමවේදයෙන් සිදුකෙරේ. ඒ අනුව ප‍්‍රතිකාර කිරීමේදී වේදනාව සහ අපහසුතාව මැනීම සිදුකළ යුතු අතර ඒ වෙනුවෙන්ද නව මිණුම් දණ්ඩක්ද ඔවුන් විසින් හඳුනාවාදී තිබේ.

හිසේ වේදනාව, බරගතිය, අපහසුතාව මෙන්ම හිස්කබල, බෙල්ල සහ මුහුණ ප‍්‍රදේශවල වේදනාව යන අපහසුතාවලින් එකක්, කීපයක් හෝ සියල්ලම හිසරදය ලෙස හඳුන්වාදිය හැකිය. ලොවපුරා කරන ලද පර්යේෂණවල ප‍්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් මෙම තත්ත්වයෙන් පීඩා විඳින බව සොයාගන ඇත. නව තාක්‍ෂණික ක‍්‍රමවේදය පිළිබඳව ආචාර්ය සුජීව වීරසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේය.

මොළයට සංවේදන ගමන් කරනු ලබන ස්නායු මාර්ග එකිනෙක මත යාම හා සංඥා කළවම්වී වේදනාව සඳහා සංවේදීවීමත්, මාංශපේෂීවල සමහර ස්ථාන අධි සංවේදී ලෙස තදවීමත්, හිස්කබලට, බෙල්ලේ සහ මුහුණේ කුඩා මාංශපේශීවලට රුධිරය අඩුවීම නිසාත්, සමහර පෙනීම් අපහසුතා නිසා ආතති මෙන්ම ඉරුවාරදයේ ප‍්‍රභේද සහිත හිසරදය ඇතිවේ.

අප නවීකරණය කරන ලද ක‍්‍රමවේදයෙන් සිදුකෙරෙන්නේ සූක්‍ෂම ලෙස භෞතික විද්‍යාවේ මූලධර්මවලට අයත් ශ්‍රේණි 5 කින් සමන්විත සන්ධි චලන මගින් හිසරදය පාලනය කිරීමයි. භෞත චිකිත්සාවේ විද්‍යාණුකූලව සිදුකරන ක‍්‍රියාවලියක් වන ඵැඑක්බා ඔැජයබසුමැ  නැමැති ක‍්‍රමවේදය අප විසින් දියුණු කර බෙල්ලේ සියුම් සන්ධි චලනය ක‍්‍රමාණුකූලව ශ්‍රේණි අංක 0 සිට 5 දක්වා සිදුකිරීම තුළින් හිසරදය පාලනය කිරීමට හැකිවෙනවා. එය ඉතා පළපුරුදුව සහ ඉතා පරීක්‍ෂාකාරීව සිදුකළ යුතුවෙනවා.

වසර දොළහක පමණ සිට අප කළ අධ්‍යයන සහ සායනික පළපුරුද්දක් ඇති අප හිසරදය සඳහා විවිධ ආකාරයේ ප‍්‍රතිකාර ලබාගත්, දීර්ඝ කාලීනව බෙල්ලේ වේදනාව සමඟ හිසරදය පවතින රෝගීන්, වේදනා නාශක භාවිත කරන, බෙල්ලට කොළරයක් පළඳින, යෝග අභ්‍යාසවල යෙදුණ, චීන කටු චිකිත්සාව, ආයුර්වේද ප‍්‍රතිකාර මෙන්ම වෙනත් ප‍්‍රතිකාර සඳහා මාස 6 කට වැඩි කාලයක් විවිධ ආකාරයෙන් පිහිටපැතූ  රෝගීන් මෙම අධ්‍යයන සඳහා යොදාගත්තා.

එහිදී මෙම රෝගීන්ගේ අධ්‍යාපනය, ගෘහ ජීවිතය, මානසික සෞඛ්‍ය දැඩි ලෙස පිරිහීමට ලක්වී තිබුණි. ඒ අනුව අප ඉදිරිපත් කළ නව භෞත විද්‍යාත්මක මූලධර්ම ක‍්‍රමවේදය මගින් ඖෂධ හා වෙනත් අතුරු ආබාධ සහිත ප‍්‍රතිකාරවලින් තොරව ඉතා සතුටු දායක ලෙස ආතති හිසරදය මෙන්ම රුධිර සංසරණය අඩුවීම නිසා ඇතිවන ඉරුවාරද ප‍්‍රබේද ද පාලනය කිරීමට හැකිවුණා. එමගින් රෝගීන්ගේ භෞතික සහ මානසික සෞඛ්‍ය යහපත් කරන්නට අපට හැකිවීම අප ලද ජයග‍්‍රහණයක්. අවසන් ක‍්‍රියාවලියේදී රෝගියා පුනරුත්ථාපනයට පත්කර සම්පූර්ණයෙන්ම පාලනය කිරීමටත් හැකිවෙනවා. 2013 තායිවානයේ පැවැති ලෝක භෞත චිකිත්සක සම්මේලනයේදී මෙම ව්‍යාපෘති දෙකම ඉදිරිපත් කළා. එහිදී මෙම ව්‍යාපෘති දෙකම සම්මත වුණා.’’ 

වලස්මුල්ල විදාතා සම්පත් මධ්‍යස්ථානය 

0 comments:

Post a Comment