December 15, 2016

ගම්මිරිස්වල ඇති ගුණ

ගම්මිරිස්
ශ්‍රී ලංකාවේ තෙත් ප්‍රදේශවල මීටර් 600 – 700 දක්වා උස් ප්‍රදේශවල වෙළඳාම සඳහා වගා කළ හැකි වාර්ෂික ශාකයකි. එතෙමින් ඉහළට වැඩේ. ඝන කැටිති වලින් දෙයාකාරයක අතු හට ගනී. ඉහළට නගින වැඩෙන්නා වූ අතු ධාරක මුල් (adventitious roots) සහිතයි. ඵල දරන අතු පුෂ්ප ශුකී දරයි. පත්‍ර අණ්ඩාකාර හෝ අණ්ඩාකාර ඕවලාකාරයි. පත්‍ර මුල රවුම් හැඩයෙන් යුක්තයි. පත්‍ර අග හීන්ව උල් වී ඇත. පත්‍ර සිනිදුය. උඩ පැත්ත තද කොළ පාටයි. යටි පැත්ත දුර්වර්ණයි. පුෂ්ප ඉතා කුඩයි. සෙ.මී. 15 පමණ දිග එල්බෙන මල් කැනවලින් යුක්තයි. ඵල කුඩායි. රවුම්ය. මි.මී. 4 – 6 දක්වා ප්‍රමාණයේ විශ්කම්භයකින් යුක්තයි. ඵල ඉදුණු විට රතු පාටට හැරේ. වියලෙන විට කළු පාටයි. ඇට මි.මී. 3 – 4ක් හෝ විෂ්කම්භයකින් යුක්තයි. ගම්මිරිස් ලෝකයේ ඉතා පැරණි සහ වැදගත් කුළුබඩු වර්ගයකි.
එය piper nigrum ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබයි.

ගම්මිරිස්වල ඇති ගුණ

  • ·        ආහාර රසවත් කිරීම සිදුකරයි.
  • ·        ආහාර රුචිය හා බඩගින්න වඩවයි.
  • ·        ආහාර ජීරණය පහසු කරයි. මහා පෝෂක මෙන්ම ක්ෂුද්‍ර පෝෂක අංශුද උරා ගැනීමේ හැකියාව වැඩි කරයි.
  • ·        අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. ශක්තිය නිපදවීම වේගවත් කරයි.
  • ·        ශරීරයේ රසායනික ක්‍රියාවලිවලදී නිපදවෙන හානිදායක කොටස් විනාශ කරයි. (antioxidant)
  • ·        පිළිකා ඇති වීම වළකයි. (anticarcinogenic)
  • ·        මොළයේ ක්‍රියාවන් (serotonin beta-andorphin නිපදවීම) උත්තේජනය කරයි.
  • ·        මලබද්ධය, අජීර්ණය, හෘද රෝග, කටහඩ ගොරෝසු වීම, සන්ධි රෝග, පෙනහළු රෝග, මුඛ රෝග සුව කරයි.
  • ·        අමු ගම්මිරිස් සමේ රෝග දුරු කරයි.
  • ·        වියලි ගම්මිරිස් වාතය නසයි. වාත රෝග වලට ගුණයි.
  • ·        ගම්මිරිස්වල ඇති piperine (4.6% - 9.7%) නම් විශේෂිත රසායනිකය මඟින් මෙම ගුණ ඇති කරයි.
  • ·        උදරයේ ශල්‍යකර්ම කළ අය, ආමාශයේ තුවාල ඇති අය කෑමෙන් වැළකිය යුතුය.

සැකසුම:- චන්ද්‍රානි අමරවික්‍රම විද්‍යා හා තාක්ෂණ නිලධාරී තිහගොඩ

උපුටා ගැනීම: අපේ රසකාරක - දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව අත්පොත මඟිනි.

0 comments:

Post a Comment